top of page
Search
Writer's picturesri ahasa

චතුරාර්ය සත්‍යය දර්ශනය - සුරංග චින්තක නැණ පමණ ඇසින්


පිදුම..

අප මහා ලොව්තුරු තතාගත භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සූවිසි අනන්ත ගුණ බල මහිමයට මාගේ නමස්කාරය වේවා..! සකළ ලෝක සත්වයා දුකින් මුදවා ගැනීම උදෙසා අප්‍රමාණ මහා කරුණාවෙන් ලෝක සත්වයාගේ හිත සුව පිණිස පාරමී දම් පුරා සකළ සත්වයාට අස්වැසිල්ලක් වූ නිමල සිසිල් නදියක් වූ පරම සත්‍යය ශ්‍රී සද්ධර්.මය දේශනා කොට වදාළ සේක, අපරිමිත පාරමි පූරිත විපුල වීර්-යට මාගේ නමස්කාරය වේවා..!


සකළ විශ්වයත්, සකළ සක්වලත්, සකළ පර සක්වලත් අතික්ක්‍රමණය කරන්නා වූ අසූ හරදහසක් වූ පරම සත්‍යය වූ අතීත වර්.ථමාන අනාගත තුන් කාලයන්ට සත්‍යය වන්නා වූ පරම සත්‍යය වූ ශ්‍රී සද්ධර්-මරත්නයට මාගේ නමස්කාරය වේවා..!


සත්‍යය ධර්.මය සත්‍යය වශයෙන් එකට කැටිකොට යුඟ යුඟ ගණනාවක් මුළුල්ලේ නොකඩවා ලෝක සත්වයාගේ හිත සුව පිනිස පවත්වගෙන යන්නා වූ අතිත වර්.ථමාන අනාගත තුන් කාලික ශීල ගුණෝපිත පරම පූජණීය මහා ශීල සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා..!


සකළ සත්වයාගේ හිත සුව පිණිස නිවැරදි නිර්.වද්‍යය වූ බුද්ධ ධර්.මය සුරක්ෂිත කිරීම උදෙසා සිංහල බෞද්ධ සංස්කෘතියක් හා ලෝක බෞද්ධ සංස්කෘතියක් මගින් ධර්.ම සේප්පුවක් ගොඩනගා අසූ හරදහක් පරම සත්‍යය ධර්.මය සුරක්ෂිත කරන්නා වූ අතිත වර්.ථමාන අනාගත තුන්කාලික හෙළ මහා සිංහල ජනයා ඇතුළු ලෝක බෞද්ධ ජනයාට මාගේ ප්‍රණාමය වේවා..!


රුඳුරු ඝෝර බර සසර ගමනේ ශිල්ප දී නැණ පහන් දල්වා දිවි සැරියට සහයක් වූ මා පිය ගුරු දෙගුරු සොයුර සොයූරී දූ දරු භාර්.යා නෑ හිත මිතුරු සැමට මාගේ ප්‍රණාමය වේවා..!


සුරංග චින්තක (සම්පාදක)


පෙර වදන..


දුක, දුක උපදින හේතුව සැප, සැප උපදින හේතුව කිසිවෙකුටත් සොයා ගත නොහැකිව විශ්වය තුළ පවතින්නා වූ සත්‍යයකි, යමෙකුට දුකක් වන දෙයක් තවකෙකුට සැපක් වනවාය, යමෙකුට වරෙක සැපක් වන දෙයම වරෙක දුකක් වනවාය, යමෙකුට වරෙක දුකක් වන දෙයම වරෙක සැපක් වනවාය, ජනී ජනයා මෙම සත්‍යය අසත්‍යය ලෙස දැන සිටීම, සත්‍යය නොදැනීමමය.


වර්.ථමාන ලෝකයේ වටිනාම ලෝහය ප්ලැටිනම් යැයි සම්මතයක් ඇත හේතුව දුර්.ලභ වීමය, වටිනා නිසා එක් රැස් කරයි එකතු කරන්නාට හේතුව වටිනාකමය, සම්මතයට හේතුව දුර්.ලභ වීම, සම්මතයක් හා වටිනාකමක් නැති තැන ප්ලැටිනම් කියා දෙයක් මිනිසා අතර ද වටිනාකමක් නැත.


ප්ලැටිනම් ඇති කෙනා සැපයක් කියා එක්රැස් කරති, එය රැක ගැනීමට රැස් කිරීමටද දුක් වේ, සැපයම දුකකි, එක් රැස් නොකල කෙනා එක්රැස් කිරීමට දුක් වෙති, රකින්නට දෙයක් නැති නිසා සැපයකි, දුකද සැපයකි, නාමය ප්ලැටිනම්ය, හේතුව සම්මතයයි, ඇති තැන සැපයද දුකකි, නැති තැන දුකද සැපයකි.


වර්-ථමාන ලෝකයේ වටිනාම ලෝහය යකඩ වූවා නම් එයද එසේමය, පස් වූවා නම් එයද එසේමය, වාතය වූවානම් එයද එසේමය, තණ්හාව අධික මිනිසා එක්රැස් කර කර දුක් විදිති, ධර්-මය අවබෝධ මිනිසා ධර්-මයේ හැසිරෙමින් සුගතියටද නිවනටද යන ආකාරයට ඇලෙන්නේද අතහරින්නේද නැතිව මධ්‍යයස්ථයේ සිට සැපය විදිතී.


චතුරාර්.ය සත්‍යය දර්.ශණය

1.දුක නැමති සත්‍යය,

2.දුකට හේතුවන සත්‍යය,

3.දුක නිවිමේ සත්‍යය,

4.දුක නැති කිරීමේ මාර්-ග සත්‍යය යන සතර සත්‍යය චතුරාර්.ය සත්‍යය වේ.


දුක නැමති සත්‍යය


දුක යනු පන්චස්කන්ධයයි, සිතට පන්චස්කනධය ඇති තැන දුක ඇත, පන්චස්කන්ධය හා සිත නැති තැන දුකද සිතද නැත, පන්චස්කන්ධය පීනවීම සදහා සිත වෙහෙස ගන්නා අතර සිදු කරණ සියලු ක්‍රියා තුල කර්.ම ස්කන්ධ නිර්.මාණය වේ, ඒවා කුසල සහ අකුසල කර්.ම ලෙස ස්කන්ධ දෙකක් වේ, තණ්හාව නැමති ස්කනධයෙන් කුසල අකුසල කර්.ම රදවා තබාගෙන භවයෙන් භවය සිත සසර සැරි සරයි.


සසර ගමන් කරණ සිත තරාධියකට උපමා කළ හැකිය, එක් පසක කුසල කර්.මද අනෙක් පස අකුසල කර්.මද බඳකොටස තණ්හාවෙන් සැදුම්ලත් සිතය, කුසල කර්.ම වැඩි ස්කන්ධයක් ඇති සිතක් සහිත කයක් මියයන අවශ්ථාවේ (විඥාන, කර්.ම, කර්.ම නිමිත්ත, ගති නිමිත්ත)උපාදානය වන්නේ සුගතිගාමී මතු භවයකටය. අකුසල කර්.ම වැඩි ස්කන්ධයක් ඇති සිතක් සහිත කයක් මියයන අවශ්ථාවේ (විඥාන, කර්.ම, කර්.ම නිමිත්ත, ගති නිමිත්ත) උපාදානය වන්නේ දුගතිගාමී භවයකටය.


සුඟතිගාමී ජීව පවතින්නේ බ්‍රහ්ම දිව්‍ය මනුෂ්‍යය යන ලෝකද දුඟතිගාමී භවයන් සහිත ජීව පවතින්නේ තිරිසන් ප්‍රේත අසුර නරකය යන ලෝකද වන්නේය.


සෑම ලෝකයකම දුක පවතී, එය අඩු වැඩි වන්නේ සිතක කුසල අකුසල චේතනා සමග සිදු කරණ ක්‍රියා ආදිමයන් (සංස්කාර)අනුවය, මනා අවදි සිහි නුවණින් කටයුතු කීරීමෙන් කුසල අකුසල කර්.ම සිතටම පාලනය කළ හැකිය, නිවනද සුඟතියද දුඟතියද යන ස්ථානය වෙත සිත රැගෙන යා හැක්කේ තම සිතටමය,

එය ගුවන් නියමුවෙකු ගුවන් යානයක් නිසි පරිධි හසුරවා ගමනාන්තය දක්වා රැගෙන යන්නා සේය, සිත සිතටම නිවනට ද සුඟතියටද දුඟතියටද රැගෙන යා හැකිය.


රූපය නැමති ස්කන්ධය, වේදනාව නැමති ස්කන්ධය, සංඥව නැමති ස්කන්ධය, සංස්කාර නැමති ස්කන්ධය, විඥානය නැමති ස්කන්ධය යන ස්කන්ධ පහේ එකතුව පන්චස්කන්ධය නම් වේ.



රූප නැමති ස්කන්ධය, රූපස්කන්ධයයි.


සෑම කලකදීම එකසේ පැවැත්මක් නැතිව විවිධ හේතු කොට නැවත තිබූ ආකාරයෙන් තවත් ආකාරයකට හෝ විනාශයකට පැමිණෙන්නා වූ, එකිනෙකට වෙනස් වන්නා වූ, ධාතු සමූහයට රූපස්කන්ධය යැයි කියන්නේය. රූප සමූහය යනු එහි තේරුමයි.


අවකාශයටද රූපයක් ඇත, පෘතෘවියටද රූපයක් ඇත, ගස් වැල් ගංගා ඇල දොල වැව් සාගර වෙල් අමුණු සත්ව යන මෙලොව පවතින සියලු සජීවී අජීවී වස්තූන් වලට අනන්‍යය වූත්, විවිධාකාර වූත්, රූපයක් ඇත.


ඒ ඒ සෑම රූපයක්ම සෑදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහ භූතයන්ගේ එකතුවෙනි, පියවී ඇසට පෙනෙන නොපෙනෙන සියලු ජීවීන්ට අඩු වැඩි වශයෙන් සතර මහාභූත වලින් සමන්විතය.


ඇසට පෙනෙන නොපෙනෙන සියලු ස්වභාවික හා භෞතික වස්තූන්ටද රූපයක් ඇත, ඒ ඒ සෑම රූපයක්ම පඨවි අපෝ තේජෝ වායෝ යන සතර මහාභූතයන් අඩු වැඩි වශයෙන් එකතු වීමෙන් නිර්-මානය වී ඇත.


මිනිසාගේ ශරීරය තද මෘදු රළු බර යන ස්වභාවය සහිත පඨවි ධාතුව වැඩිවද, තෙත් ඇලෙන ගතිය යන ආපෝ ධාතුව තවත් ප්‍රමාණයක්ද, සිසිල් උනුසුම් ගතිය වන තේජෝ ධාතුව තවත් ප්‍රමානයක්ද, පුම්බවන සැහැල්ලු ගතිය වන වායෝ ධාතුව තවත් ප්‍රමාණයක් ද, මහාභූත ධාතු රූප සතර එකතුව නිර්-මාණය වී ඇත, අනෙකුත් සියලු ඇසට පෙනෙණ නොපෙනෙන සතුන්ගේද ඒ ආකාරයෙන්ම ශරීර සෑදී ඇත.


මහාභූතයන් නිසා හටගන්නා වූ මහාභූතයන් හා බැඳී පවත්නා වූ තවත් රූප ඇත, ඒවාට උපාදාය රූප යැයි කියනු ලැබේ, උපාදාය යනු උපකාරයයි, එම රූපයෝ උපාදාය රූප යැයි කියනු ලැබේ.


සජීවී මහාභූත රූප වලට සිත උපකාරයෙන් චලනය කථනය පෙනීම, ඇසීම, රසය, ගඳ සුවඳ, ස්පර්-ශය දැනීම, රෝගී වීම, නිරෝගී වීම වැනි සියලු ක්‍රියාවන් වලට උපකාරයක් වන්නේ උපාදාය රූප හේතුවෙන්මය.


ඇසීමේ දී කනට සිත පහළ වේ, පෙනීමේ දී ඇසට සිත පහළ වේ, රසයේ දී දිවට සිත පහළ වේ, ස්පර්-ශයේ දී සමට සිත පහළ වේ, සිතීමේ දී හෘද ලේ ධාතුවට හා මොළයට සිත පහල වේ, ගඳ සුවඳ ස්පර්-ශයේ දී නහයට සිත පහළ වේ, කතා කිරීමේ දී ස්වරාලය දිව මොළය යන ඉනද්‍රියන් වෙත ඒ ඒ අවශ්ථාව අනුව ස්නයකින් වෙනස් වන සිත පහළ වේ, සෑම සිත් පහළ වන අවශ්ථාවකම ඒ ඒ සිතම මොළයට පණිවිඩයක් යවයි, මොළය සිතට කළ යුතු ක්‍රියාව දැනුම් දෙයි, ඇසට යමක් වැදීමට එන විටම ඇස පියවෙන්නේ ඒ හේතුවෙනි, (එය චිත්තක්ෂන ක්‍රියාවලියකි) සිත තැන තැන ස්නයකින් ස්නය කියාත්මක වීම.


සතර මහා භූත රූප ධාතු වලින් ශරීරය සෑදී ක්‍රියාත්මක වීමට උපකාරවන සිත පහළවීමට උපාදාය රූප පහළ වේ, සියලු රූප මහාභූත සමඟ රූප විසිඅටක් වේ, එය රූපස්කන්ධය නම් වේ.


එය, සවිස්තරව තව දුරටත් මෙසේය,


මහාභූත රූප සතර,


පඨවි ධාතුව - තද,රළු,මෘදු, බර ගතිය පඨවි ධාතුවයි,

ආපෝ ධාතුව - තෙත් ඇලෙන ගතිය ආපෝ ධාතුවයි,

තේජෝ ධාතුව - සිසිල් හා උණුසුම් ගතිය තේජෝ ධාතුවයි,

වායෝ ධාතුව - පුම්බුවන හා සැහැල්ලු ගතිය වායෝ ධාතුවයි,


යන මහාභූත රූප සතරකි, මේවාට සතර මහාභූත යැයි කියනුයේ මේවා එක් එක් වශයෙන් ගත් පසු සෑඳුණු යමක් සොයා ගත නොහැකි හේතුවෙන්ය, එය ස්වභාව ධර්.මයේ අනුහසින් නිර්.මාණය වී ඇති ධාතු රූපයන්ය.


උපාදාය(උපකාර) රූප - ප්‍රසාද ,ගෝචර, භාව, හෘද, ජීවිතේන්ද්‍රිය, ආහාර, විකාර, ආකාශ, කාය, වාග්, ලක්ෂණ යන උපාදාය රූපයන්ගෙන් සැදුම්ලත් වේ.


ප්‍ර‍සාද(ඉන්ද්‍රීය) රූප - චක්ඛු ප්‍ර‍සාදය, ශෝත්‍ර‍ ප්‍ර‍සාදය, ඝ්‍රාණ ප්‍ර‍සාදය, ජිහ්වාප්‍ ප්‍රසාදය, කාය ප්‍ර‍සාදය යන ප්‍ර‍සාද පහකි.


චක්ඛු ප්‍ර‍සාදය(පෙනීම ඉන්ද්‍රීය) - පෙනීම හදුනා ගන්නා සිතට උපකාර වන ඇසේ ඇති ඉන්ද්‍රිය.


ශෝත්‍ර‍ ප්‍ර‍සාදය(ඇසීම ඉන්ද්‍රීය) - ඇසීම හදුනා ගන්නා සිතට උපකාර වන කනේ ඇති ඉන්ද්‍රිය.


ඝ්‍රාණ ප්‍ර‍සාදය(ආග්‍රහාණ ඉන්ද්‍රීය) - ගඳ සුවඳ හදුනා ගන්නා සිතට උපකාර වන නහයෙහි ඇති ඉන්ද්‍රිය.


ජිහ්වා ප්‍ර‍සාදය(රස ඉන්ද්‍රීය) - රස හදුනා ගන්නා සිතට උපකාර වන දිවෙහි ඇති ඉන්ද්‍රිය.


කාය ප්‍ර‍සාදය(දැනීම ඉන්ද්‍රීය) - ස්පර්-ශය හදුනා ගන්නා සිතට උපකාර වන සමෙහි ඇති ඉන්ද්‍රිය.


ගෝචර රූප - රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය යන මේ පහ ගෝචර රූපයන්ය.


රූපය - කුමන වර්-ණයද යන්න හදුනා ගන්නා වූ ස්වභාවය.


ශබ්දය - කුමන හඩද යන්න හදුනා ගන්නා වූ ස්වභාවය.


ගන්ධය - කුමන ගඳද සුවඳද යන්න හදුනා ගන්නා වූ ස්වභාවය.


රසය - කුමන රසයද යන්න හදුනා ගන්නා වූ ස්වභාවය.


ස්පර්ශය - කුමන ස්පර්-ශයද යන්න හදුනා ගන්නා වූ ස්වභාවය.


භාව රූප - ස්ත්‍රී සහ පුරුෂ ශරීර අවයව වල එකිනෙකට වෙනස් වන ස්වභාවයට පඨවි ආපෝ තේජෝ වායෝ ධතුවලට සියුම්ව මිශ්‍ර වන භාව ධාතුවය. ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය යි භාව රූප දෙකකි.


හෘදය වස්තු රූපය - ලේ ධාතුවේ සිත පහළ වන විට එය හදුනා ගනැනීමට උපකාර වන හෘදයේ ඇති ඉන්ද්‍රිය.


ජීවිතේන්ද්‍රිය රූපය - ජීවත් වීමට ක්‍රියා කිරිමට ශක්තිය ලබා ගැනිමට උපකාර වන රූපය කර්-මය, චිත්තය, සෘතුවය, ආහාරය හේතු කලාප රූප සතරකි.


සත්වයකුගේ ජීවිතය පවත්වාගෙන යාමට ආහාරය කුසල කර්-ම සිතුවිලි ක්‍රියාකිරීම් අවශ්‍යය වේ, දල්වන ලද ලිපේ ගින්න පවතින්නේ දර නිසාය දර අළු දූවිලි බවට පත් වූ පසු ගින්දර නැති වී යන්නේය, දර ඉන්ධනය නැතිවීමෙන් පසු මොහොතක් හෝ ඉදිරියට පැවතිය හැකි ශක්තියක් ඒ ගින්නට නැත.


ශක්තිය අඩුවන විට ආහාර ලබා දිය යුතුය, පින අඩු වන විට කුසල කර්.ම මගින් පිං ලබා දිය යුතුය, සෘතුවය නම් යම් යම් ක්‍රියා කිරීමට චිත්තය හරාහා නව සිතිවිලි ලබා දිය යුතුය, ඒ ආකාරයෙන් ලිපට දර වැඩි කරණ විට ගින්දර බලවත් වනවා සේ ජිවිතේන්ද්‍රිය රූපය වැඩි කරණ විට සත්වයා ප්‍රබෝධමත්ව ක්‍රියා කිරීම වැඩි වී ජීවිතය යහපත්ව පැවැත්ම සිදු වේ.


සෘතු බෙදීම නොවුන විට දී මානසික රෝග වැනි මානස විකෘති රෝග ඇති වේ, සිය දිවි නසා ගැනීමට හේතු වන්නේ සෘතු නොබෙදීමය, එකම සිතක් තුල සිත සිර කර තබා ගැනීම හානිදායකය.


ආහාර රූපය - පෝෂණය ශරීරයට ලබා ගැනීමට උපකාර වන ආමාෂයේ ඇති ඉන්ද්‍රිය.


“මේ දක්වා දක්වන ලද මහාභූත රූප, ප්‍ර‍සාද රූප, ගෝචර රූප, භාව රූප, හෘදය වස්තු රූපය, ජිවිතේන්ද්‍රිය රූපය, ආහාර රූපය යන මේ රූප ප්‍ර‍ධාන රූපයන්ය”

ආකාශ ධාතුව - අවකාශයේ ශරීරය හෝ යම් වස්තුවක් රදනා හිස් ඉඩ වූ හැඩය ස්වභාවය.


කාය විඥප්තිය - එක් සිතක ආයුෂ ඇති සිතක් ඉපිද ඒ ඒ ක්‍රියා කරීමට ශරීරයට උපකාර කරන්නා වූ ස්වභාවය, (උදාහාරණයක් ලෙස ආහාර ගන්නා විට බත් කටක් ගන්න ඕන කියා සිතක් ලේ ධාතුවේ පහළ වූ පසු අත ආහාරය වෙත යවා බත් කට අරගෙන කට වෙත යවා සපා ආමාශය වෙත යැවීමට සැලැස්වීම).


වාග්විඥප්තිය - වචන ශබ්ද උච්චාරණය කර පිට කිරීමට උපකාර වන ස්වභාවය.

විකාර රූප තුන - ලහුතා රූපය, මුදුතා රූපය, කම්මඤ්ඤතා රූපය යන මේ තුන විකාර රූපයන්ය.


විකාර රූප හැම විටම එකට වෙන් වෙන් නොවී එක ම රූප කලාපයකට එකට බැඳී උපදින්නේය. ලෙඩ වූ පසු බෙහෙත් ලැබූ පසු සුව වීමටත් කුසගිනි වූ පසු ආහාර ලබූ පසු ශක්ති ප්‍රබෝධමත් වන්නටත් උපකාර වන්නේ විකාර රූපයන්ය.


ලහුතා රූපය - භාහිරින් යමක් ශරීරයට ලැබී එයින් ශරීරයට වෙනසක් අති කිරීමට උපකාර වන රූප ස්වභාවය, (උදාහාරණයක් ලෙස ආහාර ශරීරයට ලබා දුන් පසු ප්‍රබෝධමත් ගතියක් ඇති කර කුස ගින්න නිසා ඇති වූ මලානික ගතිය පහව යන ස්වාභාවය).


මුදුතා රූපය - සතර මහාභූත ධාතු කිපී ශරීරය රෝගී කරන්නා වූ ස්වභාවයට උපකාර වන රූප ස්වභාවය.


පඨවි කිපුණ විට අස්ථි ආධී වේදනා රෝග ඇති වේ, ආපෝ කිපුණු විට සෙම් රෝග ආධිය ඇතිවේ, තේජෝ කිපුණු විට උන වේදනා වෙව්ලීම ආධී රෝග ඇති වේ, වායෝ කිපුණු විට ක්ලාන්ත අප්‍රාණික ආධී රෝග ඇති වේ.


කම්මඤ්ඤතා රූපය - ධාතු සමනය වී නිරෝගි කිරීමේ ස්වභාවයට උපකාර වන රූප ස්වභාවය.


ලක්ෂණ රූප සතර - උපචය, සන්තති, ජරතා, අනිච්චතා යන මේ සතර ලක්ෂණ රූපයන්ය.


රූප කලාපවල (උපචය)ඉපදීමය, (සන්තති)දිරීමය, (ජරතා)බිඳීමය, (අනිච්චතා)නැතිවීමය.


රූප කලාපය යන්නෙන් අදහස් කරන්නේ ඉදිමීමක් නිසා ශරීරයේ විවිධ ස්ථාන වේදනා ඇතිවීමට හේතු වන්නේද රූප කලාපයක්ය, දතක් අස්ථියක් දිරායාමෙන්ද එසේමය, අස්ථියක් බිදියාමෙන්ද එසේමය, ඇසක් නොපෙනී යාමටද ස්නායු කලාපයක බලපෑමක් ඇති වේ, අංශයක් අප්‍රාණික වීමටද එසේමය.


“මෙසේ විස්තර කරණු ලැබුවේ විසි අටක් වූ රූප රූපස්කන්ධය නම් වන්නේය”

පන ඇති ශරීර වලට මෙන්ම ශාඛ ගස් වැල් ආදීන්ට ද යම් යම් පමණකින් උපාදාය රූප වල උපකාරය පැවැත්මට අවසි වේ, එසේ නොවන විටදි එවායේ ද ජීව පැවැත්මක් නොවන්නේය, මහාභූත මගින් නිර්.මාණය වී උපකාර රූප මගින් මෙහේයවා සජීවත්ව ක්‍රියා කර ඵල දරා සිටීත්ය.


රූපස්කන්ධය එකම රූපයක් සේ සැළකූ කළ මානවයන් ඇතුලු සත්වයන් ආහරගෙන වැඩ කර ලෙඩ වි සුව වී කතා ආදී විවිධ ක්‍රියා කර සජීවත්ව සිටීත්ය.

වේදනාව නැමති ස්කන්ධය,


සැපය, දුකය දෙකම වේදනාවමය, මිනිසා අතර ඇති සම්මතය ලෙඩ වීම, ඇඩීම, වැලපීම හොද යහපත් සැපයක් කියා සම්මතයක් වූවා නම්, ඒ දේවල් ලබාගැනීමට මිනිසා වෙහෙස වෙනවා, කම් සැප විදීම, සිනාසීම, නැටීම, ගැයිම නරක අයාහාපත් දුකක්ය කියා සම්මතයක් වූවා නම්, ඒ දෙවල් ලබා ගැනීමට මිනිසා අකමැති වෙනවා, ඒ සමාජ සම්මතය දීර්.ඝකාලීනව පැවත ඒම මත වර්-ථමාණය මේ ආකාරයට ගොඩ නැගී ඇත්තේය, සමාජය යහපත් කිරීම නම්, සම්මතය යහපත් කරමින් ඉදිරියට ගලා යෑමට සැලැස්වීමට කටයුත් සිදු විය යුතු වන්නේ, එය සහමූහිකව එකතුවෙන් යහපත්ව ක්‍රියා කිරීමෙන් සිදු කර ගත හැකි වේ.


අතීත මානවයන් මෙය මනාව අවබෝධයෙන් කටයුතු කළ හේතුවෙන් වෙහෙර විහාර දාගැබ් කර බෞද්ධ සංස්කෘතියක් ගොඩ නැගීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීම හේතුවෙන් ශ්‍රී සද්ධර්.මය අදටද සුරක්ෂිතව පවතී, වත්මන් මානවයාද ඒ ආකාරයෙන් අනාගත උපදින මානවයා කෙරේ දයාවෙන් ශ්‍රී සද්ධර්.මය සුරක්ෂිත කිරීම උදෙසා යහපත්ව කටයුතු කිරීම මැනවී, මෙය සකස් කරණ මාද මේ වේදනා විදිනුයේ ඒ සදහාය, සිතන්නට ලියන්නට ගලපන්නට සොයන්නට ප්‍රචාරණය කරන්නට වේදනා විදින්නට සිදු වේ, එය සැපයක් යැයි මා තුළ ඇති සම්මතය තුළ සිතිවිලි යහපත්ය.


සිතට දැනෙන සිතින් දැන ගන්නා හැකි වන සියල්ලටම අරමුණු යයි කියනු ලැබේ, සිත අරමුණු කරන්නා වූ දේ නොලැබෙන විට සිතට වේදනාව ඇති වේ, අරමුණු ඉටු කර ගැනීමට වෙහෙස වීමට සිදු වේ, අරමුණු ඉටු වු පසු සිතට සැපය ද නොවූ පසු දුකද දැනේ.


ස්ත්‍රී පුරුෂ රූප, ඇඳුම් පැළඳුම්, ගෙවල්, ඇඳ පුටු මේස, භාජන,ශබ්ද,රසවත් ආහාර පාන, සුවඳ ද්‍ර‍ව්‍ය යනාදීන්හි අරමුණු කරන්නා වූ සිත පිනවන ස්වභාවයක් ඇත්තේය, සිත ඒ දේ අරමුණු කරණ ආකාරයට ලැබුනු පසු සිත පිනවන අතර නොලැබුනු පසු සිත නොපිනවයි.


රූපස්කන්ධයට කැපිම් සීරීම් තුවාල වීම් තැලීම් රෝග වැලදීම් සිත් තැවූල් වීම් වැනි විවිධ ආගන්තුක හේතු මත ද වේදනාව උපද වන්නේය.


යම් කිසිවක් අරමුණු කොට, සිතක් උපන් කල ඒ ඒ අරමුණට අයත් යහපත් අයහපත් හෝ මධ්‍යම වූ රසය ගන්නා වූ ස්වභාවයක් ඇතිද සෑම අරමුණු සිතක් සමග ම උපදන්නේය, එයට වේදනාව යැයි කියනු ලැබේ.


සාමාන්‍ය පුද්ගලයන් විසින් සැපයද දුකද ලෙස සලකනු ලබන්නේ මේ වේදනාවමය, දුකද සැපයකි, සැපයද දුකකි, දෙකම වේදනාවකි.


සංඥාව නැමති ස්කන්ධය,


සසර ගමනේ රැගෙන යා හැකි එකම ධනය සංඥා ස්කන්ධයි, විඥානය හරහා සිතේ බැඳී පවතිමින් සසර ගමනේ සිත හා බැදී පවතී, සංඥාව කුසලයට ඉස්මතු වීමද අකුසලයට යටපත් වීමද සිදු වේ, තෘෂ්ණාවෙන් තොරව දන්දෙන්න දෙන්න තව වැඩි වේ.


හැඳිනීම, හැඟීම, දැනීම සංඥාව නමින් හැදින් වේ, හැගීම දැනිම හැදිනීම මගින් උපන් සිත් සංඥාව නැමති ස්කන්ධය වේ.


මිනිස් තිරිසන් ආදි සත්ත්වයන් ද, කථා ශබ්ධ ආදි ශබ්දයන් ද, වර්-ණ ගන්ධ රසාදි ගුණ ද, පස් දිය ගිනි සුළං රන් රිදී ගස් වැල් මුල් කොළ පොතු මල් ගෙඩි කෑම් බීම් ඇඳුම් පැළඳුම් ගෙවල් ආදී වස්තූන් ද, කරන කෙරෙන වැඩ ද, තවත් නොකී දෑ ඇති නම් ඒවා ද, හැඩහුරුකම පැහැය යනාදි ලකුණුවල අනුසාරයෙන් වෙන් වෙන්ව හැඳින ගන්නා වූ දැන ගන්නා වූ ස්වභාවය හෙවත් ඒ ඒ දේ හැඳිනීම දැනීම සංඥා නම් වේ.


අරමුණු හැඳිනීමේ ලක්ෂණයෙන් සංඥාව එක් ධර්-මයකි, ඒ සංඥාවෙන් හැඳින ගන්නා වස්තූහු ඉතා බොහෝය, සමූහයක් වශයෙන් ගෙන සංඥාස්කන්ධය යැයි කියනු ලැබේ, සංඥා රාශිය, සංඥා ප්‍රමාණය යනු එහි තේරුමයි.


සාමාන්‍ය ජනයා විසින් ආත්ම වශයෙන් ගනු ලබන නාම රූප ධර්-මයන් අතුරෙන් මේ සංඥාව ඉතා ඉහළ වශයෙන් ගන්නා දෙයකි, දැනුම අඩු වැටහීම අඩු අයවලුන් බැවින් ලෝකයෙහි මෝඩයෝය කියා මඳ සංඥා ඇතියවුන් පහත් කොට ද, දැනුමැත්තෝය, උගත්තුය, පණ්ඩිතයෝය කියා බොහෝ සංඥා ඇතියවුන් උසස් කොට ද සලකති, සංඥා දියුණු කර ගැනීම පිණිස බොහෝ දුක් ගනිති, බොහෝ කල් වෙහෙසෙති, බොහෝ ධනය වියදම් කරති. ඉගෙනීම යැයි කියනු ලබනුයේ සංඥා දියුණු කිරීමටය, ඉගෙනීම සඳහා යම් දුකක් විඳී නම්, යම් මහන්සියක් වේ නම්, යම් ධන වියදමක් කෙරේ නම් එය සංඥා දියුණු කිරීමට විඳිනා දුකකි, ගන්නා මහන්සියකි, කරන වියදමකි, ජනයෝ මම මේ දේ ගනිමිය, මේ මේ භාෂා දනිමිය, මේ මේ ශාස්ත්‍ර‍ දනිමිය කියා සංඥාව ආත්ම වශයෙන් ගෙන, නැවත අන්‍යයෝ යමක් දනිත් නම් ඒ සියල්ල මමත් දනිමිය කියා ද, අන්‍යයන්ට වඩා දනිමිය කියා ද, මේ මේ විභාගවලින් සමත් වූයෙමි යි කියා ද අධිමාන උපදවා ගනිති. අධිමානය යනු උමතු රෝගයකි, සත්‍යය නිවැරදි සංඥා ඇත්තාවූ සියල්ලන් පණ්ඩිතයන්ය.


සංස්කාර නැමති ස්කන්ධය,


ජීවත්වීම සදහා විවිධ ආකාරයේ ක්‍රියාවන්හි නියලීමට සත්වයන්ට සිදු වේ ඒ සෑම ක්‍රියාවකටම චේතනාව ප්‍රධානකොට සිත් උපදී ඒ සිත් ධර්-ම සමූහයට සංස්කාර ස්කන්ධය යැයි හැදින්වේ.


කර්.මය වනාහී චේතනාව මූලික වේ. චේතනාව සමඟ සංස්කාර සිත් අනුව කුසල අකුසල කර්.ම රැස් වේ, චේතනාව පාරිශුද්ත්වය ද යහපත් සංස්කාර සිත අනුව එම ක්‍රීයාවෙන් කුසල කර්.ම රැස් වේ. චේතනාව අපාරිශුද්ත්වය ද අයහපත් සංස්කාර සිත අනුව එම ක්‍රීයාවෙන් අකුසල කර්.ම රැස් වේ.


කෑම් බීම් ඉඳීම් සිටීම් නිදීම් යෑම් හැඳීම් පැළඳීම් ආහාර පාන වස්ත්‍රාදිය පැලදීම මුදල් ඉපයීම් ආදිය මෙලොව පවත්නා පන්චස්කන්ධය සඳහා කරන්නා වූ ක්‍රියාවන්ය, එයින් ද ඉරියව් පැවැත්වීම් ආහාර වැළඳීම් ආදිය රූපස්කන්ධය සඳහා කරන ක්‍රියාවන්ය. ප්‍රනීත ආහාර ගැනීම, ක්‍රීඩා පැවැත්වීම්, නැටුම් බැලීම් ආදිය වේදනා ස්කන්ධය සඳහා කරන ක්‍රියාවන්ය. අකුරු ඉගෙනීම් ආදිය සංඥාස්කන්ධය සඳහා කරන ක්‍රියාවන්ය. ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥා වීර්-යාධිය වර්-ධනය කර ගැනීම සඳහා කරන ක්‍රියාවන් සංස්කාර විඥානයන් සඳහා කරන ක්‍රියාවන්ය.


රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන ස්කන්ධ පහ උපදවා ගැනීම සඳහා ද, පවත්වා ගැනීම සඳහා ද සත්ත්වයන් විසින් කරන්නා වූ කෑම් බීම් නෑම් ඉඳුම් හිටුම් යෑම් නිදීම් ආදි අනේක ප්‍ර‍කාර ක්‍රියාවන් සිදු කරන්නා වූ චේතනාව ප්‍ර‍ධාන කොට ඇති සිත් ධර්-ම සමූහය සංස්කාර ස්කන්ධය යැයි කියන්නේය.


ඵස්සය


ඒකස්සය නම් කියනුයේ අරමුණු සිත්වලටය, සිත යන්න ඉතාම සූක්ෂම වූ ධර්.මතාවයකි, ලොව ඇති වේගවත්ම යන්ත්‍රයක් ද, බලවත්ම යන්ත්‍රයත්ද සිතේ වේගයටද, විශාලත්වයටද, පරාජ කිරීමටද, නැති කිරීමටද නොහැකි වන තරම් අධි බලවත්ය, අධි සූක්ෂමය, හැඩයක් ඇත්තේද නැති නැත්තේද නැති පුදුමාකාරද විවිධාකාරවූද සිත් ධර්.මයකි, එක ස්නයකින් මහා දුර ගමනක් යා හැකිය, කිසි තැනක නොයවා රදවා තබා ගැනීමටද හැකිය, දෙයක් කිරීමටද සිත අවසිමය, දෙයක් නොකර සිටීමටද සිතම හේතු වේ, සිත පාලනය කරණ එකම සුක්කානම නම් සිත් මොළය නම් මස් ගොඩුවය, යම් යම් මානවයන් එය වැරදි, කපටි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් අන් අයට හිරිහැරයක්ය ජීවත්ව සසර දුගතියට පත්වේ.


සිත කුඩා වන්නේ සිතම අරමුණු කරන කුඩා සිත ක්‍රියාවය, සිත ව්ශාල වන්නේ සිත අරමුණු කරණ විශාල සිත ක්‍රියාවය, කුඩා දේවල් ප්‍රමාණයක් අරමුණු කරන්නේ නම් ඒ සිත විශාලය, විශාල සිත් ප්‍රමාණයක් අරමුණු කරන්නේ නම් ඒ සිත මහත් විශාලය, සිතක් ඉපදීමට හේතුවක් අවශ්‍යමය, හේතුවකින් තොරව සිතක් උපදින්නේද නැත, ඇස් අන්ධ අයෙක්ටද සිත් උපදී, එවා ස්පර්.ශ සිත්ය, අඳුරේ දී යමක් අල්ලා බලා මෙය මෙයය කීමට හැකිය, මේක අර වගේ කීමටද හැකිය.


වෙහෙරක් ගොඩනැගීමට අරමුණු කරණ සිත වෙහෙර සාදා නිමකරණ තුරුම ඒ පවතී, එයට තවත් අතුරු සිත්ද ඇදේ, වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් ගොඩනැගීමට අරමුණු කරණ සිත මහත් විශාලය.


ගින්නක් දැල්වූ පසු ආලෝකයක් ඇතිවේ, ගින්න ආලෝකයද නොවේ, ආලෝකය ගින්නද නොවේ, ගින්න හේතුවෙන් ආලෝකය ඇති වූවාය, සිත් නිසා වෙහෙර ඉදිවූවාය, සිත ක්‍රියාවක්ය, වෙහෙර සිතද නොවේ, වෙහෙර වෙහෙරය, සිතද සිතමය, සිත ඇත්තේද සිතේමය, සිත් පරම්පරා පවතින්නේ අවකාශයේය, සිතක බලය මනින්නටද, කිරන්නටද නෙහැකිය.


භාහිරින් සිත් උපදවිය හැක්කේ ඇස, කන, නාසය, දිව, සමට පමණි, ස්යංව අභ්‍යන්තර සිත් උපදවිය හැක්කේ ලේ ධාතුවෙන් පමණි, භාහිරින් ලේ ධාතුවේ සිත් ඉපදවිය හැකි වන්නේ ලේ ධාතු තවත් සිතක් මෙනෙහි ආකර්.ශණ සිත් ශක්තියකනි, වෙනෙකෙගේ සිතක් වෙනස් කළ හැක්කේ කන හරහා සිතට, ඇස හරහා සිතට, සම හරහා සිතට, සිත හරහා සිතට පණිවිඩ දීමෙන් පමණි.


සිතක් නිවන් සැපයට පත් වුවද ඒ ඉපදවූ සිත් පරම්පරාව විශ්වයේ ආකාශ ධාතුවේ පවතී, ඒ සිත් පරම්පරා ශක්තිය ආකර්ශණය කරගනිමින් ඒ සිත් පරම්පරාවෙන් වැඩ කර ගැනීමටද වෙනත් අයට හැකිය, එය සූක්ෂම සිත් පරම්පරා ධර්.මතාවයකි, සිතක් ස්වභාව ධර්.මයා විශ්වයට මුදා හළ දා සිට එම එම සිත ක්‍රියා කරණ සියළු සිත් පරම්පරා සිත් විශ්වයේ පවතී.


උදාහරණයක් ලෙස බුදු රජාණන් වහන්සේගේ සිත නිවන් සැපයට පත් වූවද ඒ සිතට වෙනම කයක් නැති වුවද උපදවූ සිත් පරම්පරා විශ්වයේ පවතී, සසර ගමනේ ආමඟ ලැබූ ආත්ම වල සියළු සිත් පරම්පරා විශ්වයේ පවතී. නිවන් සැපයට පත් වූ පසු ඒ සිත් පරම්පරා වලට හිමි කරුවෙක් සජීවත්ව නැත්තේය, ස්වභාව ධර්.මයා විසින් නිර්.මාණය කරනු ලබන විශේෂ සිත් වලට එම සිත්පරම්පරා ආකර්.ශණය කරගෙන කටයුතු කරගත හැකිය, ප්‍රතිපත්ති පූජා, ආමිස පූජා වැනි පූජා වලට බුද්ධ රශ්මිය ආකර්ෂණය වේ, මෙම විශ්වයේ පහළ වූ සියළු බුදුවරුන්ගේ ශක්තිය විශ්වයේ පවතී.


උපද වූ සිත් වලින් කෙරෙන කරණ ක්‍රියාව තුලින් කර්.මය කුසලයද අකුසලයද ඉපදේ කුසලයෙන් පින ද අකුසලයෙන් පව ද නිර්.මාණය වේ, පිනෙන් යහපතක්ද, පවෙන් අයහාපතක්ද එම සිත හිමිකරුවාටද අන් අයටද ලැබේ.


දාන, ශීල, භාවනා හා බුදු, දහම්, සඝ ගුණ තුළින් පින ඉපිද යහපත උදා වේ, වස් දෙස් දෙවොල් බිලි පූජා මගින් පව ඉපදී අයාහාපත උදා වේ, වර්.ථමාණයේ දී අයහාපත බලවත් වීමට හේතුව අයහාපත් ක්‍රියා වැඩි වීමය.


කෙනෙකු වස්තු ලාභ වෙනුවෙන් සිත තුළ දැඩිව තණ්හා ආශා ගොඩා නඟාගෙන ජීවත් වීමේ දී එම සිත හිමි කය මිය යන අවශ්ථාවේ නිසැකවම දුගතියට පත් වේ, තම නිවසට දරුවන්ට අඹුවන්ට ආශාවෙන් සිට මියගිය හොත් නිවසේ ප්‍රේතයෙක්ව හූනෙක් ගෙම්බෙක් සුරතලෙක් මීයෙක් වේයෙක්ව දුගතියේ උපදී, වස්තු ලාභ දූදරු දෙමාපියන් අඹුවන් කෙරේ කැමැත්ත මිස ආශාව සිත තුළ තබාගත යුතු නොවේ. සිත තුල කැමැත්ත ඇතිව මියගිය හොත් දරුවෙක්ව නෑයෙක්ව හිතවතෙක්ව කුසලයයෙන් උපන් පින අනුව දෙවියෙක්වද සුගතියෙහි උපදී.


ඒකග්ගතාවය


යම් කෙනෙකු යම් ක්‍රියාවක් යම්වස්තුවක් දෙස විවිධ ආකාරයෙන් බැලීම, කෝණය, ඒකග්ගතාවය නම් වේ, ජල ගංගාවක් දෙස එම ජල ගඟට බැස බලන විට සහ ගොඩ සිට බලන විට පෙනෙන ආකාරය වෙනස්ය, අහසේ සිට බනන විට හාත් පසින්ම වෙනස්ය, බලන්නේ ගඟ දෙසය සිතට පෙනෙන්නේ වෙනස්ම අකාරයන්ගෙනි, යම් ක්‍රියාවක් කිරීමට පෙර පසු බලන ආකාරය හා එයින් උපදින කර්.මය අනුව පින පව ඉපදේ.


ජිවිතින්ද්‍රිය


අනන්ත සසර පුරා ජීවත්ව කාලය ගෙවීමට සහ ක්‍රියාවන් කර ජීවත් වීම සදහා උපදවන සිත් පරම්පරා ජීවිතින්ද්‍රිය නමින් හැදින් වේ, එම සිත් පරම්පරා තුල ඇති පින පව අනුව වර්.ථමාණය යහපත් හෝ අයහාපත් වේ, අයහාපත් වන විට කුසලය මගින් පින ලබා දිය යුතුය.


මනසිකාරය


මනසිකාරය යනු ඇසින් ද නොදුටු කනින්ද නොඇසු යම් යම් දෑ ගැන සිතේ රූප උපදවා ගැනීම සිදු කරණුයේ මනසිකාරයනෙි අනාගතය ගැන සිතීම මනොමය වශයෙන් ක්‍රියාකාරකම් කිරීම මනසිකාරයයි, එම සිත් පරම්පරා වල කුසල අකුසල කර්.මය අනුව පින පව ඉපදේ.


විතක්කය


චිත්තකය යනු නව දෙයක් කිරීමට නව සිතුවිලි උපදවා යම් ක්‍රියාවක් කිරීමට දරණ ප්‍රයත්නය චිතක්කය නම් වේ, එයින් උපදවන කුසලය අකුසලය අනුව පින පව ඉපිද රැස් වේ.


විචාරය


යම් සිත් සමූහයක් ගොඩ නගා එම සිත් කලබ පිළිබඳව නැවත මෙනෙහි කිරීම විචාරය නම් වේ, එයින් කුසලක් හෝ අකුසලයක් හෝ සිදු නොවුනද අකුසලයක් සිදු වන්නට තිබූ සිත් කලබක් නිවැරදි කර ගැනීමෙන් වක්‍රව කුසල කර්මයක් වී පිනක් ජනිත වේ.


අධිමොක්ඛය, විරියය, පීතිය, කැමැත්ත යන චෛතසික දහය විටෙක කුසල් වන්නා වූ ද විටෙක අකුසල් වන්නා වූ ද විටෙක කුසල අකුසල නොවන්නා වූ ද චෛතසිකයන්ය.


මෝහය, අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝසය, ඉස්සාය, මච්ඡරිය, කුක්කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්ඡාවය යන දහහතර අකුසල චෛතසිකයන්ය.


සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලොභ, අදොස, තත්‍ර‍මජ්ඣත්තතා, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කාය ලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජුකතා, චිත්තුජුකතා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, පඤ්ඤා යන චෛතසික විසිපහ විටෙක කුසල් ද විටෙක අව්‍යකෘත ද වන්නා වූ චෛතසිකයන්ය. චේතනාවත් සමග පනහක් වූ මේ චෛතසික ධර්-ම සමූහය සංස්කාරස්කන්ධය නම් වන්නේ ය.


(සංස්කාර චෛතසිකයන් තවදුරටත් සවිස්තරව ඉදිරියේ දී)


විඥානය නැමති ස්කන්ධය


විඥානය යනු සිතටම කියන තවත් නමකි, අනේක ප්‍ර‍කාර විඥානයන් එක් සමූහයක් කොට සලකා ඒ සියල්ලටම විඥාන ස්කන්ධය යි කියනු ලැබේ, සිත් සමූහය යනු එහි තේරුමයි.


ශබ්දයක් කණ කරා පැමිණි කල එය දැන ගන්නා සිතක් පහළ වේ, ඇසට රූපයක් ආ පසු සිතක් පහළ වේ, දිවට රසයක් ආ පසු සිතක් පහළ වේ, සමට ස්පර්-ශයක් ආ පසුසු සිතක් පහළ වේ, මෙවැනි විවිද ආකාරයේ සිත් පහල වන සිත් සමූහයට එයට විඥානය නැමති ස්කන්ධය යැයි කියනු ලැබේ.


පන්චස්කන්ධය පිනවන භවයක් ගෙවන සිත


තෘෂ්ණාව හේතුකොටගෙන පන්චස්කන්ධය පිනවීම සදහා රූපස්කන්ධය විඥාන කරමින් චේතනා සමග සංස්කාර කර සංඥා එකතු කරමින් වේදනා පිටකරයි. චේතනාව සමග සංස්කාර තුළ කුසල අකුසල කර්.ම රැස් වේ, පෙර භව හා යම් යම් දිට්ඨ ධම්ම වේදනීය කර්.ම වේදනා හරහා පිට වේ, සංඥා ධර්.මාවබෝධය වන විට තෘෂ්ණාව අඩු වේ. කුසල කර්.ම වැඩි වේ, වේදනාව අඩු වේ, සංඥා අධාර්.මික වන විට තෘෂ්ණාව වැඩි වේ. අකුසල කර්.ම වැඩි වේ, වේදනාව වැඩි වේ.


ජීව බීජය වූ කලල රූපය ලෙස එක් භවයක් අවසන් කර තවත් භවයක් වෙත ගමන් කරන සිත අකුසල කර්.ම වැඩිවන විට දුතතිගාමී භවයකද කුසල කර්.ම වැඩිවන විට සුගතිගාමී භවයකද කයක් හිමි වේ,


මරණින් පසු නැවත උපදින විට කුසල කර්.ම අනව මනුසත් බවයක් ලැබුව හොත් පියාගේ ලේ ධාතුවට මුලින්ම ඇතුල්වී ශුක්‍ර ධාතුවේ වර්.ධනය වී මවගේ ගර්.භාසයට සංශර්-ගයකින් පසු ඇතුලත් වී ශරීරය නිර්.මාණය කරන්නේ සූක්ෂ්ම වූ විඥාන, තෘෂ්ණා, කර්.ම වලින්ය.


මරණය සමග අන්තිම සිත අවසන් වනවා සමගම අනතුරුව ඒ සිත එක්කම ඉපිද සදන සිත ඊට පෙර භවවල දී හෝ ඒ භවයේ දී කරන ලද කුසල අකුසල කර්.මයන් අතුරෙන් යම්කිසි කර්.මයකින් ඉදිරිපත් කර දෙන ලද, විඥාන, කර්.මය, කර්.ම නිමිත්තය, ගති නිමිත්තය යන තුනෙන් අරමුණු කිරීම් වශයෙන් ගෙන, එසේ උපදනා වූ සිත දෙවන භවයෙහි පළමුවන සිතය, එය ප්‍ර‍තිසන්ධි සිතය, එය ජීව බීජය වූ කලල රූපය ලෙස මළ ශරීරයෙන් නික්මව උපදී, එතැන් පටන් නව භවය ඇසුරු කරමින් සිත් පරම්පරාව පටන් ගනිති.


ඕපපාතික සත්ත්වයන් ඉපදීමෙන් පසු වැඩීමක් ඔවුනට නැත නිර, ප්‍රේත, දිව්‍ය, බ්‍ර‍හ්ම ඕපපාතික සත්ත්වයන්ය. එම එම සත්ව ස්වරූපයෙන්ම එම මොහොතේම උපදී.


තෘෂ්ණානුශය


මතු උපදින භවය සුගතිගාමී යහපත් උපතකට කුසල කර්.ම වලින් උපන් පින මෙන්ම තෘෂ්ණානුශයද බෙහෙවින්ම හේතුවේ.


තෘෂ්ණානුශය යනු දැඩි අශාවද අධි තෘෂ්ණාවද නොව, අප ජීවත් වීමේ දී තෘෂ්ණාව හේතුවෙන් කටයුතු කර ජීවත් වීමේ දී ගෝචර වන අශාවන්ගෙන් සිතේ ශේෂව පවතින කැමැත්ත් කරන කියන වැඩ වැනි ක්‍රියා පිළිබදව ගෝචර වන්නා වූ විවිධ දේ පිළිබදව ඇති තෘෂ්ණාවෙන් ශේෂව පවතින අශාව තෘෂ්ණාව තුලින් ශේෂව පවත්නා වූ විඥාන සිත් කළඹය. විවිධ අලංකාර මල් එකතු කර සකස් කරන ලද අලංකාර මල් කළඹක් වැනි සිත් කළඹක්ය.


සුගතියට යහපත් වන්නා වූ තෘෂ්ණානුෂයක් ගොඩ නැගෙන්නේ මඳ තෘෂ්ණාවක් සහිතව කටයුතු කිරීම, ඒ ඒ මොහොතට ඒ ඒ වයසට ඒ ඒ අවස්ථාවට ජීවත් වීමට අවසි දේ යහපත්ව කිරීම, කළයුතු දෙය කිරීම සහ නොකළ යුතු දෙය නොකිරීමෙන්ය.


හොද යහපත් පැනීම සහිත ඇස් සමඟ ඉපදීමට ඇස යහපත් පිනවීමේ කැමැත්ත තිබිම (බණ භාවනා යහපත් වැදගත් පරිසර සුන්දරත්වය වැනි යහපත් ඇස පිනවන කැමැත්ත) හොදින් ඇසෙන කන් දෙකක් සහිතව ඉපදීමට ගීත ඇසිම වැනි අන් අයට සවන් දීම වැනි විවිධ යහපත් ඇසීම පිළිබදව කැමැත්ත තිබිම.


හොද මොළයක් සහිතව ඉපදීමට හොදින් කල්පනා කර වැඩ කිරීම පිළිබදව කැමැත්ත තිබිය යුතුය. හොදින් කතා කිරීමට, මිහිරිව කටහඩ සහිතව ඉපදීමට අදහස් ප්‍රකාස කිරීම ගීත කවි ගායනය පිළිබදව යහපත් කැමැත්ත තිබිම.


හොද පැහැපත් ලස්සන පෙනුම සහිත ඉපදීමට පිරිසිදුව සිටීමට කැමැත්ත තිබිම, ශක්තිය අත් පා විකල නොවී ඉපදීමට නම් ඇගපත වෙහෙසවා වැඩ කර ජීවත් විමේ කැමැත්ත තිබිම.


යහපත් දෙයද බැලීම ඇසීමට අකමැති කතා නොකර අපිරිසිදුව අලස කම්මැලි වෙහෙස නොවීම වැනි විවිධ දෑ හේතුවෙන් මිනිසත් බව ලැබීමට පින තිබුනද අඳ ගොලු බිහිරි අංඟ විකලව ඉපදීමට ප්‍රධාන එක් හේතුවක්ය, සුගතියට පත්වී විකල නොවීමට අවශ්‍ය වන්නේ යහපත් දේ කිරීම සහ එම එම ඉද්‍රියන් හා අවයව යහපත් භාවිතයයි.


මනු ලොව පුරුෂයෙක් ඇලුම් කරන්නේ ස්ත්‍රියක් සරම් කලිසම් කමීස ද ස්ත්‍රියක් අලුම් කරනනේ පුරුෂයෙක් සාරි ගවුම් යනාධි එම එම සත්වයාට ගෝචර වන විවිධ දෙය වේ, සතර අපා දිව්‍ය බ්‍රහ්ම ලෝකද ඔහුනට ගෝචර ලෙසද වේ. එම එම තෘෂ්ණානුශය හා කර්.ම හේතුකොටගෙන පුරුෂයෙක් පුරුෂයෙක්ම උපදින්නටද ස්ත්‍රියක් ස්ත්‍රියක්වම උපදින්නටද එම එම සත්වයා එම වර්-ගයෙන්ම උපදින්නට තෘෂ්ණානුශය හේතු වේ, එය වෙනස් වන්වනේ ඉතා දුලබවය,(උදාහාරනයක් ලෙස මෙම භවය පුරුෂයකුව උපන් අයකු කුසල කර්.ම අනුව මනුසත් භවයක් හිමිවුව හොත් පුරුෂයෙක්වම උපදී).


සුගතියට අවබෝධයෙන් තෘෂ්ණානුශය ගොඩනඟා ගන්නේ කෙසේද?


මනුෂ්‍ය මතු භවයක් පතන්නේ නම් ස්ත්‍රී පුරුෂත්වයට අවසි තෘෂ්ණානුෂය, (පුරුෂයකු වන්නට ස්ත්‍රීන්ට කැමති බව, පුරුෂයන් භාවිත කරන දේවල් පිළිබද කැමැත්ත භාවිතය කරන කියන වැඩ කිරීම සහ කැමැත්ත)

අවසි ඇස කන නාස මොළය පැහැය ට අවසි තෘෂ්ණානුෂය, දේශය(මොනවගේ දේශයකද ජාතියකද යන්නට අවැසි තෘෂ්ණානුශය) පියා/මව(තමා කැමති මොනවගේ පියෙක්ටද මවක්ටද යන්න) පිළිබදව කැමැත්ත, නම් මෙනෙහි තෘෂ්ණානුෂයක් සිත තුල තබාගතයුතුය, කල්‍යාන මිත්‍රයන් ඇසුරු කරමින් ඊට අදාල කුසල කර්.ම කළ යුතුය, අකුසල කර්.ම නොකළ යුතුය, මෙය ගැඹුරින් සිතා අවබෝධයෙන් සිත පුරුදුු කළ යුතු තෘෂ්ණානුෂ ධර්.මතාවයයි.


කුසල කර්.ම කර පුරුෂත්වය ලැබ ඉපිද සිටින අයෙක් නැනත පුරුෂත්වය ලබා ඉපදීමට සාමාන්‍ය අවබෝධයෙන් යහපත්ව අවබෝධයෙන් ක්‍රියා කිරීම ප්‍රමාණවත්ය, ස්ත්‍රියටද එසේමය, දැඩි අධිෂ්ඨාණව තෘෂ්ණානුෂය පිළිබධව ගැඹුරින් අධ්‍යනය කර කටයුතු කරීමෙන් ස්ත්‍රියකටද පුරුෂයෙක්ව මතු භවය උපත ලබා ගැනීමට හැකිය.


දිව්‍යයම මතු භවයක් පතන්නේ නම් දිව්‍යය තලය පිළිබදව කැමැත්ත නම් මෙනෙහි තෘෂ්ණානුෂයක් සිත තුල තබාගතයුතුය, ඊට අදාල කුසල කර්.ම කළයුතුය, අකුසලකර්.ම නොකළ යුතුය, මෙය ගැඹුරින් සිතා අවබෝධයෙන් සිත පුරුදුු කළ යුතු තෘෂ්ණානුෂ ධර්.මතාවයයි.


දුක නැමැති සත්‍යය සතරක් වූ සත්‍යය ධර්-මයේ පිවිසුමයි, පන්චස්කන්ධය පිනවා පවත්වගෙන යාම සදහා අනේකවිධ දුක් වේදනා විදීමට සිදු වේ. එය සිත පවතින කය අනුව අඩු වැඩි වේ, සුගතිය යන සම්මතය තුල හවයන් අනුවද විවිධ වේ, සිත පවතින්නේ බ්‍රක්ම කයකට බැදී නම් එහිද ස්වල්ප වශයෙන් හෝ දුකක් වේදනාවක් ඇත, දිව්‍ය කයකට නම් දිව්‍ය තලය අනුව අඩු වැඩි වශයෙන් දුක් වේදනා ඇත, මනුෂ්‍යය කයක් වේනම් ඉන්න ප්‍රදේශය රට ජාතිය අසල්වැසි දුප්පත් පෝසත් විවිධ සම්මත අසම්මත වැනි විවිධ කරුණු කාරණා මත අනේකවිධ දුක් වේදනා විදිමට සිදු වේ.


දුගතිය යන සම්මතය තුල භවයන් අනුවද දුක වේදනාව විවිධ වේ, සිත පවතින්නේ තිරිසන් අපා කයකට බැදී නම් එහිද අනේකවිධ මේ යැයි කියන්නට නොහැකි තරම් විශාල වශයෙන් දුකක් වේදනාවක් ඇත එය අසීමීතය, තිරිසන් අපාය මනුලොව හා එකට බැදී පවතී සත්වයන් විදින දුක් වේදනා සියැසින්ම අපට දැකගත හැකිය තම නිවසේම තිරිසන් අපාය තුල දුක් විදින සත්වයන් ඇත බැද විලන්ගු දමා වද වේදනා ලැබීම දැකගත හැකිය.


ප්‍රේත කයකට සිත බැදී පවතින්නේ නම් ජාරාවේ වාසය කරමින් වසර සිය දහස් ගනන් කල් දුක් වේදනා විදීමට සිදු වේ, එය මෙපමණය කීමට වඩා මහා විශාල දුක් වේදනා සහිත වූවකි, අසුර නරකය යන අපා කයවල් ද ඉහත සදහන් දුක් වේදනා වලට සාපේක්ෂව සිය දහස් ගුණයෙන් වැඩි වන්නේය.


උතුම් ශ්‍රී සද්ධර්.මය ඇසුරට ලැබීම අප ලද සසර කුසල කර්.මයේ අනුහසින් උදා වු වාසනාවකි, ඒ අනුව සිත සිහිනුවනින් පවත්වාගෙන ක්‍රියාවන්හි නියැලී චේතනාව පාරිශුද්ධව තබාගෙන යහපත්ව ක්‍රියා කිරීමෙන් සුගතිගාමී යහපත් භවයකට පිය නැගීම හෝ උතුම් අමා මහා නිවනට පැමීණීමට සැමය යහපත් කුසල සිත් ඉපදේවා.!


දුකට හේතුවන සත්‍යය


පන්චස්කන්ධය උපන්නේ සිත මූලික කරගෙනය සිත පවතින්නේ පන්චස්කන්ධයට උපකාර කරගෙනය පන්චස්කන්ධය පවත්වාගෙන යාමට සිතට ක්‍රියාත්මක වීමට සිදු වේ, සිත ක්‍රියාත්මක වන්නේ සංඥා, සංස්කාර ධර්.ම අනුවය, ඒ අනුව සිත ක්‍රියාත්මක වීමේ දී වේදනා සංස්කාර මුලිකවම කර්.ම ස්කන්ධ උපදී එම කර්.ම කුසල අකුසල කර්.ම ලෙස කොටස් දෙකකට බේදී තෘෂ්ණාවෙන් බැඳ තබා ගෙන සසර ගමනේ යන්නේය, සසර ගමනේ යන සිත තාවකාලිකව නවාතැන් ලෙස විවිධ කයවල් වලට ජීවය දී පංචස්කන්ධය පිනවයි, පිනවීම මගින් දුක සැප විදීමට තෘෂ්ණාවෙන් කටයුතු කර කුසල අකුසල කර්.ම විපාක ලබමින් ගෙවමින් බ්‍රහ්ම, දිව්‍යය, මනුෂ්‍ය, තිරිසන්, ප්‍රේත, අසුර, නරකය යන ලෝක වල සැරි සරයි, සසර ගමනට කර්.ම බැද තබා ගන්නේ තෘෂ්ණාවයි, දුකට හේතුව තෘෂ්ණාවයි.


දුකට හේතුව නම් තෘෂ්ණාවයි, ලෝකයේ නිර්-මාණය ආරම්භ වන්නේ තෘෂ්ණාව හේතුකොටගෙනය අප ජීවත් වන වර්-තමාන ලෝකය ආරම්භය සලකන කල්හි මීට පෙර තිබූ විශ්වය විනාශ වී අවසන් වූ පසු එම විශ්වයේ ජීවත් වූ ජීවීන් අහසේ පා වන මනෝකායික ජීවීන් (ස්පර්-ශ කළ නොහැකි කයක් ඇති) හිස් අවකාශයේ සැරි සරමින් සිටින විට ලෝකයේ තිබුණු සියලුම සත්වයන් නිශ්චල චංචල සියලු වස්තුව දැවී අළු වී ඉතිරි වූ අළු වලට පළමු වර්-ෂාව පතිත වූ පසු කිරිවල යොදය මෙන් උකු ගතියෙන් සැදුම්ලත් ‍ද්‍රව්‍යයක් විය.



එයට සූර්-ය රස්මිය පතිත වීමෙන් පසු එයින් සුවඳක් ඉහළ අහසට විහිදු වන්නට විය, එම සුවඳ හිස් අවකාශයේ සැරිසරමින් සිටි ජීවීන් හට සුවඳ දැනෙන්නට විය.


එම සුවඳට ඔවුන් ආග්‍රාහණය කරන්නට විය, රාත්‍රිය උදා වන විට සුවඳ අඩුවන්නට විය, එම සුවඳ ආ දෙසට එම ජීවීන් කෙමෙන් කෙමෙන් පහළට පහළට වන්නට විය, නැවත හිරු රශ්මිය වැදී සුවඳ හොඳින් දැනෙන ස්ථානයේ ඔහුන් නතරවිය.


නැවත රාත්‍රිය උදා විය නැවත සුවඳ අඩුවන්නට විය නැවත ඔහුන් සුවඳ ආ දෙසට පහළට වන්නට විය.


එසේ කෙමෙන් කෙමෙන් කෙමෙන් පොළොව අසන්නට සුවඳ දිගේ ගමන් කරන්නට විය.


එම සුවඳ පොළොව ආසන්නයේ සිටම ඔවුන් රස විදින්නට විය රාත්‍රියේදී සුවඳ අඩු වූ පසු ඔවුන් පොළොව ලෙව කන්නට විය.


එවිට ඔවුන්ට මහත් රසයක් දැනුනේය ඔවුන් එම රසයට දැඩි ලෙස ආශා කරන්නට විය.


එසේ කෙමෙන් කෙමෙන් කල් ගත වී යන පසු ඔහුනට විවිධාකාරයේ ශරීර ඇති වන්නට විය.


එම ශරීර පෝෂණය කිරීමට ඔහුනට කිරිවල යොදය මෙන් තිබූ පොළොව ආහාරය ලෙස ගැනීමට සිදුවිය එසේ කල් ගතවී යද්දී ඔවුන්ගේ කසල හා පොළෝ රසය ප්‍රතික්‍රියා මගින් විවිධ බිම්මල්, පැළෑටි වර්-ග ශාක වර්-ග හටගන්නට විය.


එසේ හට ගන්නා ලද ශාක විවිධ ඵල දරන්නටද විය, ඒවා ආහාරයට ගන්නා අතර එකිනෙකා කෙරෙහි යම් යම් තෘෂ්ණා ඇතිවන්නට විය, ඒ තෘෂ්ණා හේතුකොටගෙන ශරීරවල විවිධාකාරයේ වෙනස්කම් ලක් වන්නට විය ශරීරයේ පැහැයන් ඉන්ද්‍රියන් වර්-ග කෙමෙන් කෙමෙන් හටගන්නට විය.


එසේ කල්ගතවී යද්දීම පොළොවේ රසය නැති වන්නට විය ශාකවල හා ඵල දරණ ආහාර ආහාරය ගනිමින් කල් ගත වෙද්දී ඔවුන් වර්-ගයා බෝ කරන්නටද පටන් ගන්නට විය.


කෙමෙන් කෙමෙන් විශ්වයේ නැවත නැවත බිහිවන්නට පටන් ගත්නා ලදී එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීම සඳහා විවිධ දේ හඳුන හැඳින්වීම සඳහා වචන සදා ගන්නා ලදී.


අද වර්-ථමානය වන විට විවිධ භාෂා විවිධ ආගම් විවිධ ජාතීන් විවිධ ඇඳුම් පැළඳුම් විවිධ ආහාර වර්-ග විවිධාකාරයේ නිෂ්පාදන ආරම්භ ව පවතින්නේ එදා ඒ තෘෂ්ණාවෙන් පටන්ගත් එම ජීවින්ගේ ක්‍රියාකලාප හේතුවෙනි, විවිධ ඖෂධ වර්.ග විවිධ සංස්කෘති විවිධ ගමන් ආකාරයන් යන මේ සියල්ල නිර්.මාණය වන්නේ තෘෂ්ණාව ප්‍රධාන කොටගෙනය.


අප ජීවත්වන වත්මන් වර්-ථමාන විශ්වය ද යම් කලක විනාශ වනවාය එය විනාශ වීමට හේතු වශයෙන් දැක්විය හැක්කේ අප කථා කරන වචන ද අප නිකුත් කරන ශබ්ද ද සූර්-යාලෝකය ද අප දහනය කරන ගින්දර මඟින් ඇතිවන තාපය ද ජීවින්ගේ දුක් දොම්නස් ද මේ සියල්ලම විශ්වයේ එකතුව පවතී.


මෙම එකතුවෙන් සෑදෙන සියලු දේ විශ්වයට දරාගැනීමට නොහැකි අවස්ථාවක් පැමිණේ එම අවස්ථාවේ මේ විශ්වය ගිනි ගන්නට පටන් ගන්නවා එයින් පසු විශ්වයේ අළු පමණක් ඉතුරු වනවා එම අළු වලට වර්-ෂාවක් මගින් එකතු වන ජලය හේතුවෙන් නැවතත් කිරිවල යොදය මෙන් උකු ගතියෙන් යුතු ‍ද්‍රව්‍යයක් සෑදෙනවා.


මෙම විශ්වයේ ජීවත් වන ජීවීන් නැවත හිස් අවකාශයේ පාවෙන මනෝ කායක් සහිත ජීවීන් ලෙස සැරිසරනවාය, නැවතත් පෙර ආකාරයටම හිරු රශ්මිය වැටී නැවත සුවඳ විහිදුවන වත් සමඟම ඔවුන් ඒ සුවඳ ආග්‍රහනය කරමින් නැවත එම කිරිවල යොදය මෙන් උකු ද්‍රව්‍ය වෙත ළඟා වෙනවා නැවතත් විශ්වය පෙර ආකාරයටම නැවත නිර්-මාණය වෙනවා එම තෘෂ්ණාව දිගින් දිගටම මේ විශ්වයේ සැරි සරනවා.


විශ්වයේ මිය යෑමත් නැවත ඉපදීමත් ලෙස එම ක්‍රියාවලිය හැදින්වීම ද වරදක් නැත.


ලෝකයේ සෑම දෙයක්ම නිර්-මාණය වන්නේ ආහාරය නැමති තෘෂ්ණාව මූලික කොටගෙනය අපේ ආහාරය ගන්නා විට අපට යමක් කිරීමට හැකි කාය ශක්තියක් ඇති වේ, අහාරය නැති වූ පසු කාය ශක්තිය හීන වේ අපට ක්‍රියා කිරීමට නොහැකිය.


මෙම යථා ධර්-මතාවය අවබෝධ කරගැනීමෙන් අප ලෝකය නිර්-මාණය කරගෙන තිබෙන ආකාරයට පවත්වාගෙන යාමට අපට හැකිය.


මේ ලොව පවතින්නේ ආහාර කොටස් දෙකකි ඒ එක් කොටසක් සත්ව ශරීර කොටස් ද අනෙක ශාක විසින් ඉවත් කරණ ශාක කසළ ද වේ. ශරීර පවත්වාගෙන යාමට අවශ්‍ය ආහාර යහපත් ආකාරයෙන් සකස් කර ගැනීම සසර සුගතියට ද නිවනටද ගමන් කිරීමට යහපත්ය.


සත්ව ශරීර කොටස් ආහාර වශයෙන් ලබා ගන්නා අයට නිවනට යාමට ස්වභාව ධර්-මයේ සහය නොලැබෙන්නේය, එයට හේතුව ලෙස දැක්විය හැක්කේ ස්වභාව ධර්මයට සියලු සත්වයන් සොබාදහම් මාතාවගේ නොහොත් මහ බ්‍රහ්මයාගෙ දරුවන් වන බැවින්ය, එයින් අදහස් වන්නේ ඔහුනට නිවනට යා නොහැකි බව නොව ස්වභාවිකව ලැබෙන සහය නොමැති හේතුවෙන් වීර්යය වැඩීම වැඩිවේ.


අද වර්-ථමානය වන විට විවිධ ජාති භාෂා සංස්කෘති දර්-ශන ආගම් ඇදහිලි විශ්වාස වැනි ගණනාවක් ණිර්-මාණය වී පවතී, මුල්ම මානවයන් එම එම ප්‍රදේශ වල තම තම අය අතර අදහස් හුවමාරුව සදහා භාෂාවක් නිර්-මාණය කර ගනිමින් සංස්කෘති සම්ප්‍රදායන් ඇදහිලි විශ්වාස ගොඩනඟා ගනිමින් ඉදිරියට ඇවිත් ඇත.

යම් නව ජාතියක් නිර්-මාණය වන්නේ එකිනෙකාට වෙනස් ජාති මනවයන් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු ඔහුන් උපන් ප්‍රදේශයෙන් පරිභාහිරව හමුවී දෙදෙනාගේ භාෂා දෙදෙදෙනාටම අදහස් හුවමාරු කරගැනීමට නොහැකි හේතුවෙන් අදහස් හුවමාරු කර ගැනීමට ඔහුන් දෙදෙනාටම අනන්‍ය වූ භාෂාවක් ණිර්-මාණය කර ගන්නා අතර එම දෙදෙනාට දාව උපදින දරුවන්ද එම භාෂාව භාවිත කරමින් පිරිස වැඩිවන විට භාෂාව ද සංස්කෘතියන් සම්ප්‍රදායන් විශ්වාස ඇඳහිලි වැනි විවිධ දෑ ඔහුන් ණිර්-මානය කර ගනිමින් ජාතියක් ගොඩ නගාගැනීම සිදු ව වර්-ථමානය වන විට මෙවැනි ආකාරයට මානවයන් ලෝකය නිර්.මාණය කරගෙන පවති.


ජාතිය ආගම සංස්කෘති වැනි කරුණු මත පදනම්ව ගැටුම් ඇති නොකර ගැනීම යහපත්ය, ලොව වෙසෙන සියලු මානවයන් එකම මහ පොලව මත ඇවිදින්නන්ද එකම වායුගෝලය මත හුස්ම ගනිමින් පිට කරමින් සිටින්නන්ද එකම ඉර හද එලිය දකින්නන්ද වන බව අවබෝධයෙන් කටයුතු කිරීම ඉතාම යහපත්ය.


අපට ජීවත් වීමට සුගතිගාමී භව ගමනට හෝ නිවනට යාමට ශරීරය පවත්වාගෙනයාමට අවශ්‍ය තෘෂ්ණාව ඇතිව අවදි සිහිණුවනින් කටයුතු කිරීම ඉතාම යහපත්ය.





















දුකට හේතුව තෘෂ්ණාව බව මැනවින් අවබෝධ වෙත්වා..!


දුක නිවිමේ සත්‍යය


දුක නිවීමේ පරම සත්‍යය නම් තෘෂ්ණාව (ප්‍රහාණය)නැති කිරීමය, තෘෂ්ණාව නැති තැන දුක වේදනාව නැත්තේමය, තෘෂ්ණාව ඇති තැන දුක වේදනාව ඇත්තේමය, නිවන් සැපත ප්‍රාර්.ථණා කරනු ලබන අයකු තෘෂ්ණාව ක්‍රමක් ක්‍රමයෙන් අඩු කර ගනිමින් නැති කර ගත යුතු වන අතර, සුගතියට පත්ව සසර ගමනට ප්‍රිය කරන්නෙකු කුසල මූල චේතනා සංස්කාර කර්.ම කරමින් ධර්.මාවබෝධයෙන් අවම තෘෂ්ණාවෙන් කටයුතු කළ යුතු වනවාය, අධි තෘෂ්ණාවෙන් අකුසල මූල චේතනා සංස්කාරයෙන් අකුසල කර්.ම කරන්නා ඒකාන්තයෙන් සසර දුගතියට පත්වනවාය.


අධික තෘෂ්ණාවෙන් අන් අයගේද සැප සම්පත් අනිසි ලෙස අසාධාරණ ලෙස භුක්ති විදිමින් මානවයන්ව ඉපිද අකුසල කර්.ම කරමින් අන් අයටද හිරිහැරයක්ව කටයුතු කරනු ලබන සියළු මානවයන් තිරිසන් නිර ප්‍රේත අසුර භව වෙත යාම නිසැකවම සිදු වේ.


මනුසත් බව ලැබ දිවි ගෙවන්නෙකු වර්.ථමාන භවය සැපයට වඩා අනාගත භව ලැබ දුගතියට පත් වී විදුන්නට වන දුක් වේදනාවේ බරපතල කම සිතීම වැදගත්ය, සසර ගමනේ කාලය සමග සසදන කළ අප මනුසත් බව ලැබ ගෙවන්නේ ඉතාම කෙටි කාලයකි, සසර ගමනේ කාලය මහ සාගරය තරම් නම් මේ භවය සාගර ජලයෙන් අප අත්ල තුළ රදවා ගත හැකි ජල ප්‍රමාණය තරම් ඉතා සුළු කාලයකි, නොපමාව කුසල් රැස් කර යහපතෙහි ක්‍රියා කිරීම සැමට යහපත්ය.


නිවන් සැපත යනු කුමක්ද?


නිවන් සැපත යනු මතු උපදින්නට ඇති භවයන් වල ලැබෙන සියළු දුක් වේදනාවන් ගෙන් නිදහස් වීමය, මෙම භවය අවසන් වනවාත් සමඟම තවත් භවයක් ආරම්භ වේ, එම භවයේ දුක් වේදනා විද එම භවය අවසන් වනවාත් සමඟම තවත් භවයක් ආරම්භ වේ, එම භවයේද දුක් වේදනා විද එම භවය අවසන් වනවාත් සමඟම තවත් භවයක් ආරම්භ වේ, එසේ නිමක් නොවන සසර ගමන නිවන් මගෙන් කෙලවර වන්නේය, සසර ගමන දෙනෙතට දකින රූපයට උපමා කළ හැක, එක් රූපයක් දැක එය අවසන් වනවාත් සමඟම තවත් රූපයක් ඇස තුළ හට ගනී, එම රූපය අවසන් වනවාත් සමඟම තවත් රූපයක් හට ගනී, එය අවසානයක් නැත්තේමය.


අප දිනක් තුල කොපමණ දුක් වේදනා විදිනවාදැයි සිහි නුවනින් සිතා බලන්න, නින්දෙන් අවදි වී පිරිසිදු වී ආහාර ගෙන ජීවන වෘතියක් කර හරි හම්බ කර නැවත නිවසට පැමිණ නිවසේ වැඩ නිමකොට ආහරගෙන නින්දට ගොස් නැවත අවදි පෙර ලෙසම නැවත ක්‍රියාවන් කිරීමට සිදු වේ, සතියක් මාසයක් වසරක් වසර දහයක් ජීවිත කාලය ලෙස සිහි නුවණින් සිතා බලන්න, දුගති සුගති භව සත්වයන් සියල්ලෝම එසේමය, සැපය දුකය දෙකම වේදනාවමය, සෑම තප්පරයකම සෑම සත්වයෙකුම වේදනාව විදින්නේමය, සෑම තප්පරයක් ගානේම විදින වේදනාව සසර ගමන සමග සසදා බලන්න නිවන් සැපත මොන තරම් නම් විශාල සැපතක් ද යන්න මැනවින් වැටහෙනු ඇත.


සත්වයන් වේදනා විදින්නේ කුමකටද?


සෑම සත්වයෙක්ම වෙහෙස වන්නේ පළමුව ආහාරය සදහාය, ඒ සදහා මහත් වෙහෙසක් දරන්නට සත්වයත්ට සිදු වේ, කාමය සදහා වෙහෙස වේ, නම්බු නාම තානාන්තර වෙනුවෙන් වෙහෙස වේ, යහන වහාන මිල මුදල් ඉඩ කඩම් විවිද දේ සදහා වෙහෙස වේ, සියල්ලටම හේතුව තෘෂ්ණාවමය, කුමන ආකාරයකින් වෙහෙස වී උපයා ගත්තද පළමුව ආහාරය ගත යුතුය, ආහාරය නැතහොත් වෙහෙස වීමට ශක්තියක් තැත, වෙනත් යමකට වේදනා නොවිදින්නේමය.


වේදනාව අඩු කර ගන්නේ කෙසේද ?


තමාට හා තම යැපෙන්නන් හට ආහාරය සපයා ගැනීමට පහසු සහ ධාර්.මික ක්‍රමයක් සකසාගෙන අටලො දහමට කම්පා නොවී සිතින් අල්ලා ගන්නේද අත් හරින්නේද නොමැතිව (මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින්) සරල ජීවින ක්‍රමයකට අවම තෘෂ්ණාකින් ජීවත් වීමට අවශ්‍යය පරිසරය සකසා ගැනීම තුළින් වේදනාව අවම කර ගත හැකිය.


චතුරාර්-ය සත්‍ය ධර්-මය අවබෝධ කරගන්නා මානවයා තෘෂ්ණාව පාලනය කරගෙන ජීවත්වීමට අවශ්‍ය තෘෂ්ණාව යහපත් ඇතිකරගැනීම තුළින් අපට වේදනාව අඩුවෙයි සතුට තුළින් ඇති වෙන්නේද වේදනාවක්ම දුක තුළින් ඇතිවන්නේ ද වේදනාවක්මය අප යම්කිසි දෙයකට සතුටු වී සිනාසෙන විට අප ශරීරයට යම් වේදනාවක් ඇති වේ, අප යම් දෙයකට දුක් වී හඬන විට යම් වේදනාවක් ඇති වේ දුක තුළින්ද වේදනාව ඇති වේ, සතුට තුළින්ද වේදනාව ඇති වේ,


අප ජීවත් වන විට නිරන්තරව දුක සැප, ලාභ අලාභ, නින්දා ප්‍රසංසා, යස(කීර්.තිය) අයස(අපකීර්.තිය) නිරන්තරව ලැබෙන බව අප දන්නා අටලෝ දහම අපට දුක ඇතිවීම පසුද ඊට කම්පා නොවිය යුතුය, සැප ලැබුණු විටද ඊට කම්පා නොවිය යුතුය, ලාභ ලැබූ විටද ඊට කම්පා නොවිය යුතුය, අලාභ ලැබූ විටද ඊට කම්පා නොවිය යුතුය, අපට නින්දා ලැබුණු විට ද ඊට කම්පා නොවිය යුතුය, අපට ප්‍රසංසා ලැබුණු විටද ඊට කම්පා නොවිය යුතුය, අපට යස(කීර්.තිය) ලැබුණු විට ද ඊට කම්පා නොවිය යුතුය, අපට අයස (අපකීර්.තිය) ලැබුණු විටද ඊට කම්පා නොවිය යුතුය, අටලෝ දහම තුළ දී කම්පා නොවේ මධ්‍යස්ථ පිහිටා සිටිය යුතුය, එවිට වේදනාව අවමය.


තෘෂ්ණාව තුළින් ආශාව උපදී, තෘෂ්ණාව අඩුවන තරමට වේදනාව අඩුවේ‍, තෘෂ්ණාව වැඩිවන විට වේදනාව වැඩි වේ.


තෘස්ණාව අඩු කර ගන්නේ කෙසේද ?


අත්හල යුතු දේ අත් හැරීමටද එකතු කළ යුතු දේ එකතු කිරීමට ද සිත පුරුදු කරන්න, පළමුව තමාව අත් හැර තමාට ආදරය කර යහපත්ව ජීවත් කරවන්න, තාමට ආදරය කරන්නා අන් අයටද ආදරය කරයි.


අත් හරින්නේ කෙසේද ?


තමාව අත් හරින්න සිත පුරුදු කළ පසු අත් නොහැරීය හැකි කිසිවක් මේ විශ්වය තුල හමු නොවනු ඇත, මම යන මා නැති තැන වෙනත් කිසිවක් සිතට හමු නොවනු ඇත, මම යන මා ඇති තැත මුළු විශ්වයම සිත තුළ ඇත, ගැඹුරින් සිතා බලන කල්හි එම පරම සත්‍යය සිතට හමුවනු ඇත.


මම යන මා නැති තැන තෘෂ්ණාවක් උපදීමට හේතුවක් හමු නොවේ, තෘස්ණාවක් උපදින හේතුවක් නොවන්නේ නම් දුකක් හට නොගන්නේය, එය දුක නිවීමේ පරම සත්‍යයමය නම් වේ.


දුක නිවීමේ පරම සත්‍යය තෘෂ්ණාව පාලනය කිරීම බව මැනවින් අවබෝධ වෙත්වා.!


දුක නැති කිරීමේ මාර්-ග සත්‍යය


දුක නැති කිරීම නම් ඉපදීම නතර කිරීමය, එයට ඇති එකම මඟ නිවන් මර් ගයමය.


නිවන කියන්නේ කුමක්ද?


ස්පර්.ශ කරන්නටද නොහැකිය, රස විඳින්නටද නොහැකිය, අසන්නට නොහැකිය, දකින්නටද රූපයක්ද නැති නිවන හිස් වූ සූක්ෂම වූ ධර්.මතාවයකි, නිවන් දුටු භවය අවසන් වූ පසු ජීවත් වන්නේද නැති මියයන්නේද නැති උපදිනනේද නැති එය විශ්වය තුල ඇති ඉහළම සැපතය, නිවන් සැපතට සමාන කළ හැකි සැපතක් විශ්වය තුලද සක්වල තුලද පර සක්වල තුලද කෙලෙස සෙවුවද හමු නොවන්නේමය, නිවන නිවන් සැපයට පැමිණි සත්වයා දේඳුන්නකට උපමා කළ හැකිය, දේඳුන්නක් පාට පාට ලස්සනට දකින්නට හැකි වේ, එහි ගත හැකි කිසිවක් නැත නමුත් අන් අයට පෙනෙන්නට ඇත, පෙනෙන කෙනාටද එය මායා රූපයක්ම පෙනේ, එය සත්‍යය රූපයක්නම් එය ස්පර්.ශ කළ හැකි විය යුතුය. ප්‍රවෝජනයට ගත හැකි යමක් එහි තිබිය යුතුය, එසේ කිසිවක් නැති නම් එය රූපයක්ද නොවන්නේමය.


සිත නිවනට පත්වන්නේ කෙසේද ?


මම යන මා අත් හැර ගත් පසු මෙලොව භෞතික කිසිවක් මට මගේ කියන්නට හමු නොවනු ඇත, ඇත්තේ සිත පමණකි, එයද මගේ නොවන බව ගැඹුරින් අවබෝධ කරගත් පසු මට මගේ කියලා සිතක් ද හමු නොවනු ඇත, සිතත් අත් හැර සිතිවිල්ලක් වත් උපදින්නට තෘෂ්ණාව ප්‍රහාණය කල පසු සිතක් ද නැනි නැන නිවනයි.


නිවනට පැමිණ භවය නිමා කරනනේ කෙසේද ?


රසය ඇත්තේ සිතේමය. ස්පර්.ශ ඇත්තේ සිතේමය, ශබ්ධ ඇත්තේ සිතේමය, රූප ඇත්තේ සිතේමය, වේදනා ඇත්තේ සිතේමය, දුක ඇත්තේ සිතේමය, සැප ඇත්තේ සිතේමය, කය ඇත්තේ සිතේමය, සියල්ලම ඇත්තේ සිතේමය, හුස්ම තියෙන්නේද සිතේමය, සිත ඇත්තේ ද සිතේමය, සිත නැමැති සූක්ෂම ධර්.මතාව ගැඹුරින් අවබෝධ වූ පසු නිත්‍යය වූ කිසිවක් සිතට හමු නොවනු ඇත.


එය නම් අනිත්‍යය වූ සූක්ෂම ධර් මතාවයයි, අතිසය බලවත් අකුසළ කර්.ම ඇති සිතකට මෙම ප්‍රමාණට සිත පුරුදු කිරීම අපහසුය, වීර්.්‍යාදික වුව හොත් කළ හැකිය.


එය මනාව අවබෝධ වූ පසු තෘෂ්ණාව මුලින් උපුටා දමා මෙම ප්‍රමාණට සිත පුරුදු කළ සිතක් කුමන හේතුවකින් මරණයට පත් වූවද අවසන් සිත නිවනට පත්වීමේ සම්භාවිතය ඉතාම ඉහළය, මේ දක්වා පුරුදු කරණ සිතක් රහත් සිතක් ලෙස හැඳින් විය හැකිය, රහත් යන්න තෘෂ්ණාව නැත යන්නය තෘෂ්ණාව ප්‍රහාණය කළ බවය, රහත් සිතක උපතට අවශ්‍ය විඥාන, කර්.ම කර්.ම නිමිත්ත, ගති නිමිත්ත උපාදානය වන්නේ නැත.


මෙම ප්‍රමාණට මනාව පුරුදු කළ සිතක් තම සිත නිවන් සැපතට අත් හරිනවා ද නැද්ද යන්න තීරණය කළ යුතුය, සුගතියට යාමට අපේක්ෂා කරන්නේ නම් තමා ඉපදීමට කැමති කව්රුන් වද යන්න තීරණය කර ඒ වෙනුවෙන් සුදුසු කුසල කර්.ම කරමින් එයට අවශ්‍ය පරිධි තෘෂ්ණානුශය තබා ගත යුතුය.


නිවනට පත් වන්නට තීරණය කර ඇති නම් තෘෂ්ණාව සහමුලින්ම ප්‍රහාණය කර රහත් මටටමේ සිත තබා ගත යුතුය, මරණයට ලඟවන බව එම සිතට ඉතා පහසුවෙන් හදුනාගත හැකි වේ, ඒ අවස්ථාවේ ආයු සංස්කාර සිහිනුවනින් අත් හැර දැමූ පසු හුස්ම ගැනිම හෙලීම පමණක් වන සිත් දෙක ඉතිරි වේ, එම සිත් දෙක අත්හල පසු සිතක් නැති තැන කයක් සජීවී වනනේ නැත, එම සූක්ෂම ධර්ම තාවය අවබොධ වූ සිත අමා මහා නිර්.වාණ සැපතට පත් වූ සිතකි, එය පරම වූ අජර වූ අසම වූ ස්ථිර වූ සැපවත් නිවන් සැපයයි.


නිවනට සුගතියට සිත පුරුදු කිරීම


සම්මා දෘෂ්ටිය - නිවැරදි දැකීම,දැනීම


නිවැරදි දැන ගැනීම සම්‍මා දෘෂ්ටිය ලෙසින් හැදින්වේ. නොයෙක් කරුණු පිළිබඳ වැරදි දැනීම් හෙවත් වැරදි හැඟීම් ඇති අය මිථ්‍යා දෘෂ්ටිකයන් නමින් හඳුන්වනු ලැබේ. නිවන ධර්-මය කර්-මය පුනර්-භවය කුසල අකුසලය දන් පැන් දීම මවට පියාට සැලකීම වැනි විවිධ යහපත් ක්‍රියාවන් පිලිබදව නිවැරදිව දැන අවබෝධයෙන් ජීවත් වන්නා සම්‍මා දෘෂ්ටිකයා ලෙසින් හැදින්වේ.


පින් පව් කියා දෙයක් නැත දන් දීමෙන් මතු ලබන ඵලයක් නැත. ප්‍රාණඝාතාදියෙන් වැළකීම ශුභ සිද්ධියක් නැත, අපායක් දෙව්ලොව බඹලොවක් කියා තැනක් නැත, මරණින් මතු නැවත ඉපදීමකුත් නැත. බුදුවරුය, රහතුන්ය කියා විශේෂ පුද්ගල කොටසක් නැත යන ආදි වැරදි දැනීම් මිථ්‍යා වලින් සමහර අය ඒවා ලොව රවටා ලාභ ලැබීමට ඇතමුන් කියන දේවල් යන වැරදි විවිධ වැටහීමෙන් අයාහපත්ව ජීවත් වන්නා මිථ්‍යා දෘෂ්ටියා ලෙසින් හැදින්වේ.


අපේ ධර්-මය ආගම විතරයි හරි අනිත් ඒවා බොරු වැනි විවිධ මතවල සිට කටයුතු කරණ අයවලුන් සිටිති එය වැරදි දැනීම නිසා ඇති වන්නා වූ මානසික රෝගයකි. අන් ධර්-මයන් වලද සත්‍යතා ඇත බුදු දහම යනු මෙම විශ්වය තුල පවතින්නා වූ සත්‍යයතාවය එකතු කර නිර්-මාණය කර ඇති දර්-ශනයකි. එය නිවැරිදිව අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරනූ ලබන උතුමන් බුද්ධ නම් වන්නේය. එය හේතුඵල දහමකි. අන් ධර්-මයන්ද ඇත එවා තුලද යම් යම් සත්‍යයද අසත්‍යයද ඇත එවා දේව ධර්-ම යක්ෂ ධර්-ම අසුර ධර්-ම වැනි විවිධ පැතිකඩයන් වෙත විහිදුනු ධර්-මතාය. අප අදින වස්ත්‍රද යම් ධර්-මයකි ඒ ඒ ශරීර ප්‍රමාණයන් අනුව ඒ ඒ වයස් අනුව නිර්-මාණය වූ ධර්-මයක් වේ. නිවසක් සෑදීමද ධර්-මයකි, වහනයක් නීෂ්පාදනයද ධර්-මයකි. රෝග වලට ප්‍රථිකාර කිරීම ද බෙහෙත් ආධිය නිෂ්පාදනයද ධර්මයකි. ශාකයක ඵලහටගැනිමද ධර්-මයකි එබැවින් ඒ ඒ අවශ්‍යතාවයට ඒ ඒ අවස්ථාවට ගැලපෙන නොගැලපෙන දෑ දැන හදුනාගෙන යහපත්ව කටයුතු කිරීම යහපත් වන්නේය. හේතුඵල දහම අවබොධයෙන් දැන කටයුතු කරන්නා වූ යහපත් දෙය යහපත්වද අයහාපත් දෙය අයාපත්වද දැන හැදින කටයුතු කරණු ලබයි එය නොදන්නා වැරදියට අවබෝද කරගෙන කටයුතු කරන්නා මත්‍යාවේ පැටලී සසර දුගතියේ පැටලේ.


දන්දීමේ විපාක ඇති බවය, පූජා කිරීමේ විපාක ඇති බවය, ගුණවතුන්ට පුද පඬුරු යැවීමේ විපාක ඇති බවය, කරන හොඳ නරක ක්‍රියාවල විපාක ඇති බවය, පරලොව සිටින්නන් නැවත මෙලොව ඉපදීම් වශයෙන් පැමිණෙන බවය, මෙලොව සිටින්නන් ඉපදීම් වශයෙන් පරලොවට පැමිණෙන බවය, මවට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, පියාට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, දරුවන්ට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, වැඩිහිටියන්ට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, පොඩිහිටියන්ට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, මරණින් මතු නැවත උපදින සත්ත්වයන් ඇති බවය, යහපත් මාර්-ගයෙහි ගියා වූ යහපත් පිළිවෙත්හි පිළිගන්නා වූ මෙලොව පරලොව දෙක තම ප්‍ර‍ඥාවෙන් ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන මෙලොව පරලොව දෙක ලොවට ප්‍ර‍කාශ කරන්නා වූ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇති බවය වැනි කරුණු පිළිබඳ නිවැරදි දැනීම සම්‍මා දෘෂ්ටිය වේ.


ශ්‍ර‍මණයන් වහන්සේලා වෙත සිව්පස පූජා කිරීම. ගුණවතුන් වෙත ආහාර පානාදි වස්තූන් පඬුරු කොට ලබා දීම. දුගී මගී යාචකාදීන්ට පින් සලකා දන් දීම. තිරිසන් සත්ව ආදීන්ට ආහාර පැන් ලබා දීම වැනි යහපත් ක්‍රියාවන් යැයි කියනු ලබන විහාර දාගැබ් දහම් හල් පොත්ගුල් කිරීම කරවීම පින් සලකා අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස ළිං පොකුණු අම්බලම් කිරීම, කරවීම, අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස මල් ඵල හට ගන්නා ගස් වැල් රෝපණය කිරීම, කරවීම, ගිලනුන්ට, දුබලයන්ට, මහල්ලන්ට, දිළිඳුන්ට උපකාර කිරීම, බණ කීම, බණ කියවීම, බණ ඇසීම, ඇස්සවීම, පන්සිල් රැකීම, පොහොය අටසිල් රැකීම, දසසිල් රැකීම, පැවිදිවීම, භාවනා කිරීම යනාදියෙන් ඒවා කරන්නා වූ අයට මතු භවයන්හි ද මේ භවයේ දීද ලැබෙන්නා විපාකයන් ඒකාන්තයෙන් ඇත්තේය.


දන් දීමේ දී තුන්සිත පහදවාගෙන දන් දීමෙන් කුසලය උපරිමයෙන් ලැබෙන අතර. දන් දීමට පෙර සිත. දන් දෙන අවශ්ථාවේ සිත. දන් දුන් පසු සිත. යන්න තුන් සිතය. ශ්‍රද්ධාව උපදවාගෙන සිතින් එය අත් හැර දන් දීම මහත් ඵල මහානිසන්ස ලැබේ. කුමට දෙනවද දීල පිං ලැබෙයිද. දන් දුන් පසු එයට සිදුවූයේ කුමක්දැයි සෙවීම. අපරාදේ දුන්නේ වැනි සිත් උපදවා ගැනීම දන් දීද අකුසල කර්-ම සිදු කර ගැනීමකි. එනිසා තුන් සිත පහදවාගෙන අවබෝධයෙන් දන් දී කිසිවක්ම නොපතා සිතින් එය අත් හැර දන් දීම ඉතාම යහපත්ය. දන් පැන් ආධාර ලබන්නාද වංචාවෙන් රවටා ලබාගැනීම. දනට ලැබෙන දෑ විනාසයට පත් කිරීම. එය ව්‍යාපාරයක් කර ගැනීම වැනි අයාහපත් ක්‍රියාවේ යොදවා ගැනීම දන් පැන් ලබන්නාද අකුසල සිදු කර ගැනීමකි. ශ්‍රද්ධාවෙන් ලැබෙන දානය ශ්‍රද්ධාවෙන් භාරගෙන යහපතෙහි යොදවා ගැනීම දානය ලබන්නාද කුසල් කර ගන්නේය. තමාට හැකි පමණ ත්‍යාග වශයෙන් සිතින් අත්හැර දීම දානයයි.


සම්මා සංකල්පය - යහපත් කල්පනාව


සිත ගැන ඇති දෙය නැති දෙය තමා ගැන අන් අය ගැන රට ජාතිය ආගම ලෝකය විශ්වය ගස්වැල් සත්ව මනුෂ්‍යය දිව්‍ය බ්‍රහ්ම ප්‍රේත අසුර නරක ලෝක ගැන වස්තූන් කර්-ම ධර්-ම කුසල අකුසල ඉපදීම මියයාම නැවත ඉපදීම නිවන වැනි විවිධ දේ පිලිබධව යහපත්ව කල්පනා කර කටයුතු කිරීම.


නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය

නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය - පංචකාමයෙන් සිත බැහැරටයාම


යමකින් නික්මීම,පිටවීමට,මිදීම,ඉවත්වීම නෛෂ්ක්‍ර‍ම්‍යයයි. පංචකාමයෙන් සිත පමුණුවන්නා වූ තෘෂ්ණා සහගත කල්පනාව කාම සංකල්ප වේ. සිත රූප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්-ශය පංච කාමයේ ඇලී ගැලී බැඳී සිටින්නේය, පංචකාමයෙන් සිත බැහැරටයාම.


අව්‍යාපාද සංකල්පය - යහපතක් සැපතක් වනු කැමති බව


සෑම සත්ත්වයන් හටම යහපතක් සැපතක් වනු කැමති බව, යහපතින් සලසනු කැමති බව, මෛත්‍රියෙන් යුතු කල්පනාව අව්‍යාපාද සංකල්ප නමි. මෛත්‍රිය වැඩීමෙන් ද අව්‍යාපාද සංකල්පය වැඩේ.


අවිහිංසා සංකල්පය - දුකින් මුදවනු කැමති බව


දුක්ඛිත සත්ත්වයන් දුකින් මුදවනු කැමති බව වූ කරුණාවෙන් යුතු කල්පනාව අවිහිංසා සංකල්ප වේ. උපකාර කිරීම, කරුණා භාවනාවේ යෙදීමෙන් වැඩේ.


සම්මා වාචා - නිවැරදි වචනය


අර්-ථයෙන් ධර්-මයෙන් නිරවද්‍ය වචනය නිවැරදි වචනය වේ, බොරු කේලාම් හිස් කෝප පරුෂ කීමෙන් වැලකී සත්‍යය මෘදු යහපත් අර්-ථයෙන් ධර්-මයෙන් නිරවද්‍ය වචන සිටීම තුලින් වැඩේ.


සම්මා කම්මන්ත - නිවැරදි කායික ක්‍රියාව


පස් පවින් වැලකී යහපත් කුසල ක්‍රියා කිරීම.


සම්‍මා ආජීවය - යහපත් ක්‍රියාවේන් ජීවත් වීම


වැරදි ක්‍රියාවෙන් වැලකී යහපත් ක්‍රියාවේන් ජීවත් වීම. පස් පවින් වැලකි ක්‍රෝධ ඊර්-ෂාව මාන වෙෙරය සහගත නොවී, අවි ආයුධ වෙළඳාම, වහල් වෙළඳාම, මස් වෙළඳාම, මත්පැන් වෙළඳාම, විෂ වෙළඳාම යන අධාර්-මික වෙළඳාමය අතහැර ධාර්-මිකව රැකිවෙන් ජීවත් වීම.


සම්මා ව්‍යායාමය - යහපත් උත්සාහය


සිත කය වචනය සංවර කර පස් පවින් වැලකී දස අක්සලින් වැලකි නිවනට විර්-්‍යය කිරීම.


සම්‍මා සතිය


කෙලෙස් ප්‍රහාණය කිරීම සදහා වීර‌්‍යය වැඩීම


සම්‍මා සමාධිය


කාමය ප්‍රහාණය සදහා විර්.්‍යය වැඩීම.


පරම සත්‍යය වූ සූක්ෂම ධර් මය අවබෝධ වී සියළු සත්වයෝ නිවන් සැපත රස විදිත්වා !


චතුරාර්.ය සත්‍යය දර්.ශණය සුරංග චින්තක නැණ පමණ ඇසින්


ධර්.මය අධ්‍යනය කර ණැන පමණින් අවබෝධයෙන් සුරංග චින්තක විසින් සකසා ධර්.ම දානය පිණිස සකසා ප්‍රචාරණය කරමි.



( මුද්‍රණය කර හෝ වෙනත් ආකාරයකින් මුදල් ඉපයීමේ ක්‍රියාවේ යොදවා ගැණීම සිදු නොකරන්න, හැකි අය නොමිලේ ධර්.ම දානය පිනිස ප්‍රචාරණය කරන්න)

50 views0 comments

Comments


bottom of page