top of page

දැක්ම

 දියුණු, යහපත්, සාධාරණ, නිවැරදි, විනයගරුක, බුද්ධිමත්, ජයග්‍රාහී පොදු මහජනතාව බලවත් ජනසමාජීය දේශයක් නිර්මාණය කිරීම;

Obath mamath hindinaArtist Name
00:00 / 04:14
peradiga_muthu_atayayi_me_Artist Name
00:00 / 04:17
Sathruwan_Ara_Muthu_Bandi_Artist Name
00:00 / 03:33
Suwisi WaraninArtist Name
00:00 / 03:12
Rathnadeepa Janmabhumi.Artist Name
00:00 / 05:09

 මෙහෙවර 

පොදු පෞඩ ඉතිහාසය සුරක්ෂිත කරමින් තවද පෝෂණය කරමින් පූර්ණ නිදහස බලවත්ව පවතින සෑම අතින්ම පොදු මහජනතාව බලවත් ජයග්‍රාහී ජනසමාජීය දේශයක් දැයට දායාද කිරීම සඳහා විධිමත් දෑ හිතකාමී පොදු ජන නායකත්වයන් බිහි කරමින් ඔහු නොවුන්ගේ දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව සමාජ ගත කරමින් නව දේශපාලන ක්‍රම වේදයන් තුළින් දේශය පාලනය කිරීම සඳහා දේශපාලන පක්ෂයක් විසින් සිදු කළ යුතු දේශපාලන සේවය ඉතා නිවැරදිව සාධාරණව ඉටු කිරීම.

ප්‍රධාන අරමුණ

 සියළුම ජනතාව එක්සත්ව විසිරී පවතින දේශපාලන බුද්ධි මතවාදයන් හා ක්‍රමවේදයන් එක් කරමින් ප්‍රබල බුද්ධි මතවාදී ජනසමාජීය දේශයක් දැයට දායාද කිරීම.

Siri_Deru_Heladiwa_Purathane_Artist Name
00:00 / 06:03
Senehe Sithin_Artist Name
00:00 / 03:18
Mage Ratata Dalada Himi SaranaiArtist Name
00:00 / 03:51
Muni-Nandana-Siri-Pada-Artist Name
00:00 / 03:50
best_sl_army_songs_Artist Name
00:00 / 20:40

                                                                     - අරමුණු -                                                                   

01, සියළු ජනතාවට සුවපහසු නිවාස, සුපිරිසිදු ආහාර, සුපිරිසිදු ජලය, සුපිරිසිදු වායුව පූර්ණ නිදහස සහිතව සුව පහසුවෙන් සාමයෙන් තෘප්තිමත්ව ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සදහා අවශ්‍ය දේශපාලන සේවය ඉතා නිවැරදිව ලබා දීම;

 

02, ශ්‍රි ලංකාව සෑම අතින්ම ස්වයන්පෝෂිත දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියළුම රාජ්‍යය/පුද්ගලික අංශයන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් යටතේ දීර්ඝ කාලීන සැලසුම් සහගතව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුළින් හැකි උපරිම ස්වයන්පෝෂිත දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

 

03, දේශිය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් යටතේ දීර්ඝ කාලීන සැලසුම් සහගතව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුළින් දේශිය ගොවි කෘෂි නිෂ්පාදන වලට දේශිය විදේශීය වෙළෙඳ පොළ පුළුල් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

 

04, සියළුම ජාතික ආගමික සමගිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

 

05, වර්ථමානයට අනාගතයට ගැලපෙන නව රාජ්‍යය පාලන ව්‍යවස්ථාවක් නිර්මාණය කර ජනතා සම්මතයක් තුළින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාව ඉතා නිවැරදිව ලබා දීම;

 

06, සියළු පාසල් ළමුන් හා ජනතාව සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබා දීම තුළින් බුද්ධිමත් ශ්‍රි ලාංකික ජනතාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

 

07, රාජ්‍යය පුද්ගලික දේශිය කර්මාන්ත ව්‍යාපාර නගා සිටුවා අනර්ඝ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය තුළින් එම නිෂ්පාදන සඳහා දේශීය විදේශීය වෙළෙඳ පොළ පුළුල් කරමින් ව්‍යාපාර කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත සංවර්ධනය තුළින් ජාතික ආර්ථිකය සවි ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම.

ශ්‍රි ලංකා ජනබල පෙරමුණ

    චින්තක වනිගසූරිය

ශ්‍රි ලංකා ජනබල පෙරමුණ

මුහුණුපොත පල කිරීම්

 2018 දෙසැම්බර් 26 · 

"අවම අයහපත් හානිදායක තත්වයක් තුළින් අප අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු සිදු කරමු."

යහපත් අයහපත් සත්ව ක්‍රියාකාරකම් සමුදායක් තුලින් සමන්විත පෘථිවියේ බුද්ධිමත්ම සත්ව කොට්ඨාසය ලෙස මානවයා හදුන්වා දිමට හැකි වේ.

ලුණු, මිරිස්, පැණි රසට හුරු වූ මානවයා විවිධ ආහාර පාන තුලින් පෝෂණය වෙමින් මුළු මහත් පෘථිවියේ ජල, වායු , ස්වභාවික පරිසරය පද්ධති විනාශ කරමින් තම වර්ගයා බෝ කිරීම සිදු වේ.

"යම් ක්‍රියාවක් තුලින් ප්‍රතික්‍රියාවක් හෝ ප්‍රතික්‍රියා කිහිපයක් සිදු වේ."'

ස්වභාවික විපත් සිදු වීම සඳහා මානවයා විසින් සිදු කරන ක්‍රියාවන් කුමක්ද ?

01 "ක්‍රියාව"

01, ආහාරය හා වෙනත් කටයුතු සඳහා සතුන් ඝාතනය කිරීම.

 

"ප්‍රතික්‍රියා"

01, විශාල වශයෙන් සත්ව ප්‍රජාව හිංසනයට, ඝාතනය ලක් වීම.

02, විශාල වශයෙන් අකුසල් සිදු වීම.

03, විවිධ ලෙඩ රෝග ආහාර ලෙස ගන්නා අයවළුන් සදහා වැලදීම.

04, පරිසර හිතකාමී සත්ව ප්‍රජාවද වද වී යාම.

05, ස්වභාවික විපත් සදහා ප්‍රබලම හේතුවක් වීම.

02, "ක්‍රියාව"

01, ජන වර්ග හා රාජ්‍ය රාජ්‍ය අතර පවතින යුද්ධය.

"ප්‍රතික්‍රියා"

01, ජන වර්ග හා රාජ්‍ය රාජ්‍ය අතර අසමගිය වර්ධනය වී සාමය දුරස් වීම.

02, මානව ප්‍රජාව කූර හිංසනයට, ඝාතනය ලක් වීම.

03, අවි ආයුධ නිෂ්පාදනය කරන්නන් විශාල දියුණුවක් ලගා කර ගැනීම.

04, පරිසර, මූල්‍ය, වායු ශ්‍රමය දූෂණය වීම.

05, යුද්ධය පවතින දෙපාර්ශවයටම මානව ආර්ථික පාඩු සිදු වීම.

06, ස්වභාවික විපත් වලට ප්‍රබල හේතුවක් වීම.

03, "ක්‍රියාව"

01, ප්‍රජාව සදහා භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කිරීම.

"ප්‍රතික්‍රියා"

01, ප්‍රජාව සදහා ආහාර ප්‍රවාහන හා වෙනත් අවශ්‍යතා සම්පූර්ණ වීම.

02, ස්වභාවික පරිසර පද්ධති අසමතුලිත වීම.

03, ජල,වායු, ස්වභාවික පරිසරය දූෂණය වීම.

04, ස්වභාවික විපත් සදහා හේතුවක් වීම.

"අවම අයහපත් හානිදායක තත්වයක් යටතේ අප අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරමු."

ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ

· 2017 ජූලි 24 · 

සේවා සේවා පමණක් කරමු.

නීති අංශය ලාභ උපයන මට්ටමට ගන්නා විට අපරාධ, නීති කඩ කිරිම් හා ජනතා නීති ගැටළු වැඩි වේ.

සෞඛ්‍යය අංශය ලාභ උපයන මට්ටමට ගන්නා විට රෝගීන් හා රෝග වැඩි වේ.

අධ්‍යාපණ අංශය ලාභ උපයන මට්ටමට ගන්නා ටිට ණූගත් ජනතාව වැඩි වේ.


 ආර්ථීකය වර්ධණය සිදු නොවේ.

2017/12/13

 

අපි වෙනස් වෙමු.


අපි වෙනස් කරමු.

ඉර හද, වායූගෝලය,පොලො තලය, ඇල දොල ගංගා,වැව් අමුණු, මුහුද මේ පරිසරය අපට නොමිලේ ලබාදෙන අමිල සේවාවන් ගැන සිතා බලන්න.

අඩි පාර,මහ පාර, රේල් පාර අපිට ලබාදෙන සේවාවන් දැඩිව දැනෙන්නේ එවාට හානි සිදු වී ඇති විටය.

සිතන්න..

සේවා ලබා ගැනීම, ලබාදීම තුලින් නිර්මාණ වී ඇති මානව ජීවීකාව, තමන් කරන මොනම හෝ වෘත්තීයක්, ව්‍යාපාරයක්, කුමන කාර්්‍යයකින් මුදල් ලබා ගෙන තමනුත් තම යැපෙන්නන් පෝෂනය කර ජීවත් වන විට තමන් කොයිතරම් සාධාරණ ආකාරයට එම කාර්යය ඉටුකර එයින් පෝෂණය වනවා දැයි සිතා එයින් ඔබ ලබන මානසික තෘප්තිය කොතරම්ද? ආත්මික සැනසුම කොතරම්ද?

වර්තමානයේ සමාජ සාධාරණත්වය කොතරම් දුරට අපි අතර වටිනා කමට ලක්වෙනවා ද? එයට වටිනා කමක් හෝ නොවටිනා කමක් තක්සේරු කිරීම අපි කරන මොනම හෝ වෘත්තීයක්, ව්‍යාපාරයක්,සේවාවක් තුළ අපි කරන ක්‍රියා කලාපය තුලින් දැනගත හැකිය.

සේවා දායකයන් ලබාදෙන සේවාවන් තුලින් එයින් පෝෂණය වන සේවා ලාභියාගේ යහපත් සිතුවිල්ලක් හෝ ඇති කිරීමට සේවා දායකයන් නිවැරදි ලෙස සේවා ලබා දෙනවා ද? එය නිවැරදිව ලබාදීමට සේවා දායකයන් මොනතරම් තෘප්තිමත් ද?

සිතන්න මොහොතක් කොතනද අපි ඉන්නේ..

ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ

 2018 අගෝස්තු 3 · 
පුංචි පුංචි දිය බිඳු එකතු වෙලා දිය උල්පතක් සෑදෙනවා.
දිය උල්පත් එකතු වෙලා දොළ පාරක් සෑදෙනවා.
දොළ පාරවල් එකතු වෙලා දොළ ආරක් සෑදෙනවා.
දොළ ආරවල් එකතු වෙලා දිය ඔයක් සෑදෙනවා.
දිය ඔය පාර කිහිපයක් එකතු වෙලා මහා විශාල ගංගාවක් සෑදෙනවා.
මේ පුංචි දිය බිඳු වල එකතුවේ ආරම්භයේ සිට ගහකොළට මිනිසාට සතා සිවුපාවුන්ට මිල කළ නොහැකි සේවාවන් ඉටුකිරමින් මහ මුහුද කරා ගමන් කරනවා.
අපි පුද්ගලයින් වශයෙන් අපි ලග පුංචි පුංචි නරක පුරුදු වැරදි තියෙනවා.
පව්ලක් වශයෙන් දිය උල්පතක් මෙන් වැරදි නරක පුරුදු උල්පත් හැදෙනවා.
පව්ල් එකතු වෙලා හැදෙන ගමක් දොළ පාරවක් මෙන් වැරදි දොළ පාරවල් හැදෙනවා.
රටක් වශයෙන් ගත් කල මහ ගංගාවක් පුංචි පුංචි දිය බිඳු එකතු වෙලා හැදෙන ගංගාවක් මෙන් පුද්ගලයින් වශයෙන් අපි ලග‌‌‌ තියෙන පුංචි පුංචි වැරදි නරක පුරුදු එකතුව මහ ගංගාවක් සෑදෙනවා. එයින් තමන්ට,ගමට, නගරයට,පලාතට,රටට ලෝකයේට අයහපත් හානිදායක තත්වයක් අපි උද්ගත කරනවා.
පුද්ගලයින් වශයෙන් අපි ලග‌‌‌ තියෙන නරක පුරුදු වැරදි නතර කර නිවැරදි හොද පුරුදු එකතු කර තමාට පවුලට ගමට නගරයට පළාතට රටට ලෝකයට වටිනා සේවාවන් ඉටුකරිමට හැකිය පුංචි පුංචි දිය බිඳු එකතු වෙලා හැදෙන මහ ගංගාවක් මෙන්.

 

ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ

· 2019 සැප්තැම්බර් 1 · 
පෘථිවි වැසියන්ගේ ජීවය ඉදිරි අනාගතයට තහවුරු කරන වනාන්තර පද්ධතිය රැක ගනිමු.
ඇමර්සන් වැසි වනාන්තය, කොන්ගෝ වැසි වනාන්තය ගිනි බත් වන තෙක් බලා සිටිමින් ලෝක බලවතුන් පෘථිවි වැසියන් අනතුරකට පත් කරමින් පවතී.
මිනිසුන් විනාශ කිරීමට හැකි බලවත් මිසයිල අත්හදා බැලීම වැනි ක්‍රියාකාරකම් සඳහා විශාල ලෙස මහජන ධනය, ශ්‍රමය විනාශ කරන බලවතුන් පෘථිවි වැසියන්ගේ ජීවය ඉදිරි අනාගතයට තහවුරු කරන වැසි වනාන්තර රැක ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර සිටිමු.
අප විශ්වය ජයග්‍රහණය කිරීමට උත්සාහ ගනිමින් සිටි, එය අවශ්‍ය වේ ඒ නමුත් පෘථීවිය හා පෘථිවියේ ජීවය ඉදිරි අනාගතයට තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන බව වටහා ගත යුතුය.
මහජන ධනය, ශ්‍රමය නිස්කාරණයේ විනාශ නොකර පෘථිවි වැසියන්ගේ ජීවය ඉදිරි අනාගතයට තහවුරු කිරීම හා උසස් ජීවන තත්ත්වයක් නිර්මාණය කිරීමට මහජන ධනය, ශ්‍රමය නිවැරදි ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ.
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
 2017 ජූලි 26 · 
"ඉදිකටුවත් විදේශ රටින් එන අපේ රට"
අපි අපි ගැනම කණගාටු විය යුතුයි.
රටත් බඳු දී විදෙස් ණය බර තර කර ගනිමින් අප රට පත් වන අඝාදය නොවැටහෙන අපි මේ තත්වය නවතා රටක් ජාතියක් ලෙස දෙපයින් නැගී සිටිය යුතු නොවේද.?
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
· 2017 මැයි 18 · 
යුද්ධය නම් වෛරයයි..

සාමය නම් ආදරයයි..
ඔබ.. වෛරයට වෛර කලොත් වෛරය ඔබට වෛර කරාවී..
ඔබ.. වෛරයට ආදරය කලොත් වෛරය ඔබට ආදරය කරාවී..
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ත්‍රස්ථවාදය ප්‍රචන්ඩත්වය ලේ වැගිරූ මව්බිම නිදහස කරා ආ ගමනේ මව්බිමේ ජනතාවගේ ලේ කදුළ නතර කළ මේ පිංබර වෙසක් සමයේ මව් බිම සියලු ජනතාවගේ ජයක්ග්‍රාහී දිනයකි.
ත්‍රස්ථවාදය ප්‍රචන්ඩත්වය තුලින් ජයගත හැකි වන්නේ ජනතාවගේ වේදනාකාරී දුක් සෝ සුසුම් අව්ලවා ලැබෙනා ශෝකය නොවේද?.
ලෝක ඉතිහාසයේ පැවති සියලු ත්‍රස්ථ ක්‍රියාවකින් ජනතා සුභ සිද්දියක් ඇතිවී නොමැති බව ඔබ අප දන්නා කරුණකි.
මදක් සිතන්න සියලු රාජ්‍ය පාලකයිනි ත්‍රස්ථවාදයට ප්‍රචන්ඩත්වයට මඟ පාදන්නේ බලයට පත් වන පාලකයින්ම නොවේද ?
බලය, ඉල්ලීම්, භූමිය,සාමය දිනා ගැනීමට ත්‍රස්ථ වාදය ප්‍රචන්ඩත්වය අව්ලවන්නේ බලය හිමි අහිමි පර්ෂවයන් බව බුද්ධිමත් ජනතාව වටහාගෙන කටයුතු සිදුකිරිම තුලින් අපගේ මානව වර්ගයාගේම ගෝලීය පරිසර විනාසය, මූල්‍ය හා ජනතා ශ්‍රම දූෂනය වලක්වා ගනිමින් සියලු මනවයා අපේක්ෂා කරණ සාමය, සතුට,සුව පහසු ජිවන රටාව සියලු ජනයා හට ලබා ගැනිමට, ලබා දිමට සිදුකළ හැකි බව වටහා ගත යුතුය.
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
2018 මැයි 11
 
පරිසරය රස විඳින්න..

පරිසරය කියවන්න..

පරිසරයට සංවේදී වන්න..

පරිසරයට ආදරය කරන්න..
පාරිසරික හානිදායක තත්වයක් අවම ලෙස අප පරිභෝජන අවශ්‍යතා සපුරා ගනිමින් පරිසරය සුරකිමු.
අපේ කර්මාන්ත ශාලා වලින් හා වෙනත් යම් යම් කටයුතු වලින් ජලගෝලය වායුගෝලය විනාශ වීම වලක්වා ගනිමු.
එවිට මූළු මහත් මානව ප්‍රජාවත් සියළු සත්ව ප්‍රජාවත් ආරක්ෂා වේ.

ශ්‍රි ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය

ශ්‍රි ලංකා ජනබල පෙරමුණ

2018 දෙසැම්බර් 31 
බුද්ධියේ විමසුමට
 තප්පර විනාඩි පැය දින සති මාස අවුරුදු දසවස් සියවස්, අක්ෂර වචන භාෂා ජාති ආගම් සමාජ පන්ති කුල සංස්කෘතික, පක්ෂ සංවිධාන සංගම් සමිති සමාගම්,  ඉඩම් සීමා, ග්‍රාම සීමා, ග්‍රාමීය සීමා, නගර සීමා, දිස්ත්‍රික් සීමා, පලාත් සීමා, ප්‍රාන්ත සීමා, රාජ්‍ය සීමා, මුහුදු සීමා, දේශ සීමා, මහද්වීපික සීමා ආදී වශයෙන් විවිධ කොටස්වලට බෙදීම වෙන්වූ ජන සමාජයක් තුළ පවතින විවිධාකාර ගැටුම් ගැටළු තුලින් සමන්විත කෘතීම නිර්මාණයන් පෘථිවිය මිහිතලය නැමති ස්වභාව ධර්මයේ නිර්මාණයට මොන තරම් ගැලපීම් නොගැලපීම් සිදු වන්නේද ?
 ජාතික ආගමික සංස්කෘතික රාජ්‍ය පරිපාලනමය පහසුව සඳහා වෙන් වෙන් වූ ඉහතින් සඳහන් කළ කරුණු තුලින් පෘථිවිය මත වෙසෙන විවිධ සත්ව ප්‍රජාවන් අතරින් බුද්ධිමත්ව සත්ව කොට්ඨාශය වන මානවයා නොහොත් මිනිසා වායු, ජල, ශිලා ගෝලයන් දූෂණය කරමින් මිනිසාට මෙන්ම අනෙකුත් සියළු සත්ව ප්‍රජාවන්ට ජීවත් වීමට නොහැකි පෘථිවි පෘෂ්ඨයක් බවට පත් කරමින් පවතී.
 අපි වෙන් වෙන් වශයෙන් කටයුතු කළ යුතු වන්නේ මිනිස් ප්‍රජාව මෙන්ම අනෙකුත් සියලු සත්ව ප්‍රජාවන්ටද මිහිතලය මත රඳා පැවැත්මට යහපත් වන ලෙස විය යුතුය.
 මල් වත්තක් අලංකාර වන්නේ එහි නිර්මාණාත්මක විවිධත්වය තුළිනි,
රාජ්‍යයක් අලංකාර වන්නේ විවිධ ජාතීන් ආගම් සංස්කෘති භාෂාවන්ගෙන් සමන්විතව නිර්මාණාත්මකව එකිනෙකා අවබෝධාත්මකව කටයුතු කිරීම තුළිනි.
 පෘථිවිය නැමැති මිහිතලය මිනිසාට මෙන්ම අනෙකුත් සියලු සත්ව ප්‍රජාවන්ට යහපත් වන්නේ සියළු රාජ්‍ය ජාතික ආගමික වශයෙන් අවබෝධාත්මකව එකමුතුව කටයුතු කිරීම තුළින් නොවේද ?
බුද්ධියේ විමසුමට
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
2019 පෙබරවාරි 4 
නිදහස
 බලන්ගොඩ මානවයාගේ සිට පැවත එන හෙළ සිංහලයේ අතුරුථල ජාතීන් ලොව පුරා විසිරී විවිධ ජන වර්ග ලෙස ජීවත් වන බව උපකල්පනය කළ හැකිය.
 ශ්‍රි ලංකා ද්විපය හෙළ මහා සිංහලයේ නිජබිම නිදහස නැති නිදහස සමරන අපි අපි අතර ඉපිදෙන දේශද්‍රෝහීන් පාවා දීම් හේතුවෙන් නිදහස නැති කර ගැනීම සිදු වේ.
 හෙළ සිංහලයේ නිජබිම වූ ශ්‍රී ලංකාවේ නිදහස මීට වසර 7000 ට පමණ ප්‍රථම බලවත් ලෙස භුක්ති විඳීමට ඒ මහා නරපති සක්විති රාවණ යුගයේ දී සිංහල ජනතාව සැබෑ සත්‍යය නිදහස් රසය සැබෑ ලෙසම භුක්ති විඳින ලදී, ජාති දේශ ද්‍රෝහීන් විසින් බල කෑදරකම වෙනුවෙන් රට ජාතිය පාවා දී ශ්‍රී ලංකාවේ නිදහස නැති කිරීමට සමත් විය.
 කාලයාගේ ඇවෑමෙන් නැවත නිදහස තහවුරු කර ගන්නා ශ්‍රී ලංකා ද්විපය නැවත වතාවක් හෙළ සිංහලයේ නිජබිම නිදහස භුක්ති විඳින සිහළය නැවත කුවේණිය විජයට රට ජාතිය පාවා දීමට කටයුතු කිරීමෙන් හෙළ සිංහලයේ නිජබිම නිදහස අහිමි විය. 
 පණ්ඩුකාභයගෙ මුහහත් අසිපතෙන් නැවත නැගී සිටින හෙළ සිංහලයේ නිජබිම වරින් වර විවිධ ජන වර්ග විසින් ආක්‍රමණය කිරීමට වෙර දැරූ නමුත් කිසිදු ජන වර්ගයක් විසින් යටත් කර ගැනීමට නොහැකි වූ හෙළ මහා සිංහලයේ නිජබිම අභිමානවත් ලෙස පෙරට පෙරමුණ ආ හෙළ මහා සිංහලයේ නිජබිම; විවිධ කූට ක්‍රියාකාරකම් සමුදායක් තුලින් හෙළ මහා සිංහලයේ හෙළ ශක්තිය විනාශ කරමින් යටත් විජිතයක් බවට දේශද්‍රෝහී විසින් හෙළ මහා සිංහලයේ නිජබිම නිදහස වර්ෂ 1815වේ උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයට ලබා දීම සිදු විය.
 විටින් විට නැගී සිටි හෙළ මහා සිංහලයේ ජන බලවේග හමුවේ දණ ගැස්සූ බ්‍රිතාන්‍යයන් 1948 දී නිදහස නැමැති දිනයක් තුළින් ජනතාව මුලා කිරීමට සමත් වූ අතර අද වර්ථමානය වන විට දීද හෙළ සිංහලයේ නිජබිම තුළ හෙළ සිංහලය සිර කුටියක නිදහස නැමැති දිනයක් සමරනු ලබන්නේ නොවේද ?
 වර්ථමානයේද බල කෑදරකම, මුදල් කෑදරකම හේතුවෙන් රට ජාතිය ආගම පාවා දෙන්නන් , හෙළ සිංහලයේ නිජබිම නිදහස් උරුමය දීර්ඝකාලීන බදු දෙන්නන් විකුණුම් කරන්නන් රට ජාතික ආගම් සංස්කෘතිකය විනාශ කරමින් හොරකම් වංචාව දූෂණය මත් ද්‍රව්‍යය ජාවාරම් රජයන වර්ථමානයේ අපි සමරන්නේ සෑබෑ සත්‍යය නිදහසද ?
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ
2018 පෙබරවාරි 04
එදා මෙදා තුල නිදහස
සිංහල ජාතියේ නිජබිම තුළ සිංහල ජාතිය අද නිදහස යනු පෙබරවාරි 4 දින පුරසාරම් දොඩවා ගෙවා දමන දිනයකට පමණක් සීමා වී ඇති බව අපි අකමැත්තෙන් වුවද පිළිගත යුතුය.
අපිට අපේම ආහාර වර්ග වලින් සමන්විත ආර්ථිකයේ ශක්තිමත් රටක් ජාතියක් ව හෙලදිව ධාන්‍යාගාරය ලෙස ලොව ප්‍රකට රටක් වූ අප මව්බිම
 
අද
අද රට ටික ටික බදු දී ණය බරින් මිරීකී ඇති ආර්ථිකයක් හිමි නැව් නාවොත් කන්න නැති, දූෂණය වංචාව හිංසනය රජයන, කුණු නැව් පවා ආනයනය කර කුණු කදු ගොඩ නගන අස්ථාවර දුර්වල පාලන ක්‍රමයන් තුල කොටු වී ලෙඩ රෝග අඩු නැතිව වසවිස සහිතව කන බොන, හුස්ම ගන්න පිරිසිදු වාතය අඩු වෙන, බොන්න පිරිසිදු ජලය හිඟ වෙන, මේකද අපේ නිදහස් ශ්‍රි ලංකාව.
 
කො සක්විති රාවණා රජු අපට දුන් දායාද
කො අපේ එකමුතුකම
කො අපේ හෙළ ශක්තිය
කො අවංක නිර්ව්‍යාජ බව
කො හෙළ සිරිත් විරිත්
කො අපේ ඖෂධ වර්ග
කො සදාචාර සම්පන්න ජන සමාජය
එදා අපේ රට දෙස බලා ලෝකයේ රටවල් දියුණු වුණා.
එදා අපි සතුනටත් කෑම දුන්නා අද අපි හිංසනයෙන් සතුන් මරන් කෑමට ගන්නවා.
අපි දෑත දෙපය හිස(මොළය) වෙහෙස මහන්සි වෙලා නිවැරදිව වැඩ කරළා.
නැවතත් අපේ ධාන්‍යාගාරය හදමු.
හෙළ ඔසු මැදුර හදමු.
අපේ රට සස්ශ්‍රිකත්වයෙන් බබලවා නැති වී ගිය අවශ්‍ය හැම දෙයක්ම නැවත ගොඩනගමු.
එදාට අපි නිදහස නිදහසේ සමරමු.
 
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

මෙම වෙබ් අඩවියේ ප්‍රචාරණය කර ඇති තොරතුරු උපුටා ගැනීම විකෘති කර ප්‍රචාරණය කිරීම බුද්ධිමය දේපල පනත යටතේ දඬුවම්  ලැබිය හැකි වරදකි.

මෙම වෙබ් අඩවියේ ප්‍රචාරණය කර ඇති තොරතුරු, කරුණාකර උපුටා ගැනීම විකෘති කිරීම සිදු නොකරන්න.

මහනුවර, ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව

bottom of page