top of page

Acerca de

IMG20200814172207.jpg

 මහනුවර වෙළඳ නඟරය

පුරාණේ භාවිතා කළ නාම

ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන
සෙංකඩගල
කන්දෙ නුවර
සෙංකණ්ඩ ශෛලපුරය
ශ්‍රීවර්ධනපුර

ඓතිහාසික ලේඛනයන්ට අනුව මෙම නුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට සෙංකඩගලපුර යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ සෙංකන්ඩ නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ සෙංකන්ඩ නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි.

සෙංකඩගල රජ මාලිගාව - සිංහලේ අගනුවර ලෙස සෙංකඩගල පැවති යුගයේ රාජධානයේ පාලන කේන්ද්‍රය වූයේ සෙංකඩගල රාජකීය පරිශ්‍රයයි.

ශ්‍රී දළදා මාලිගාව - පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසින් මුල්වරට ගොඩනගනු ලැබූ දළදා මාලිගාවේ, බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ තැන්පත් කර තිබේ.

 

සතර මහා දේවාල - නගරයේ පිහිටා ඇති පුරාණ දේවාල හතර සතර මහා දේවාල ලෙස පොදුවේ හඳුන්වනු ලබයි. මේවා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවියන් හතර වෙනුවෙන් ඉදිකර ඇත.

මහනුවර ඔබ සංචාරය කලයුතු සංචාරක ආකර් ෂණීය වැදගත් ස්ථාන

ශ්‍රී දළදා මාලිගාව
Sri Dalada Maligawa

ශ්‍රී දළදා මාලිගාව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ලෝක පූජිත වූ ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයකී.

නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන් ගේ හා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත‍්‍රවන්නා වූ මේ සිද්ධස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ශ‍්‍රී දළදා මාලිගාව වාස්තු විද්‍යාත්මක ලක්ෂණ,  උඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් මෙන්ම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන් ද අනූනය. මහනුවර ශ‍්‍රී දළදා මාලිගය මහනුවර නගරයට නැගෙනහිරින් උඩවත්ත කැළය අසල රජ මාලිගාව ආසන්නයේ ඉදිකර ඇත. උතුරු දෙසින් රජ මාලිගය පිහිටා ඇත. දකුණු දෙසින් කිරි මුහුද හෙවත් මහනුවර වැවය. බස්නාහිරින් නාථ හා පත්තිනි දේවාල පිහිටා ඇත්තේය. ජීවමාන නිර්මාණයක් බඳු වූ ශ්‍රී දළදා මන්දිරයරන්, රිදී, ඇත්දල,පිත්තල ආදි කැටයම් යොදා සෝභාමානවත් කොට ඇත.

ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප‍්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක‍්‍රි.ව. 1592-1604 අතර කාළය රජ කළ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදි කළ දළදා මාලිගාව පෘතුගීසි ආක‍්‍රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වේ. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක‍්‍රි.ව. 1635-1687) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කර ඇත. 

එය ද ලන්දේසිහු දවා අළු කර විනාශ කළ බවත්, අනතුරුව ක‍්‍රි.ව. 1687 දී රජ වූ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහාර්ඝ තෙමහල් දළදා මන්දිරයක් ගොඩනංවා දළදා වහන්සේ එහි තැන්පත් කොට නානා විධ පුද සත්කාර සිදු කළ බව දළදා ඉතිහාසයේ දැක්වේ. එම දළදා මැඳුර කල්යත්ම දිරාපත්ව විනාශ වූයෙන් ඔහුගේ පුත් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක‍්‍රි. ව. 1707-1739) වර්ථමානයේ දක්නට ලැබෙන දෙමහල් දළදා මාලිගාව ඉදි කර ඇත. ඉන්පසු සෙංකඩගල රාජ්‍යත්වයට පත් නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු ද ශ්‍රී නරේන්ද්‍රසිංහ රජු විසින් කර වූ ශ‍්‍රී‍ දළදා මාලිගාව පිළිසකර කරවා ආරක්ෂා කළහ. කීර්ති ශ‍්‍රී රාජසිංහ මහ රජු මෙම දළදා මාලිගාව වර්ථමානයේ දක්නට ලැබෙන ස්වරූපයට මනාව ප‍්‍රතිසංස්කරණය කර ඇත. අටාස‍්‍ර ගොඩනැගිල්ල හෙවත් පත්තිරිප්පුව තනවා ඇත්තේ ක‍්‍රි. ව. 1798-1815 අතර මහනුවර රජකම් කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසිනි.

උඩවත්තකැලේ අභයභූමියේ 
At Udawattakele Sanctuary

ඉහළ ස්වාභාවික ජෛව විවිධත්වයකින් යුතු දිවයිනක් වන ශ්‍රී ලංකාව ඒ බව බොහෝ අවස්ථාවන්හිදී සනාථ කරනු ලබයි. හෙක්ටයාර් 104 ක් පමණ විහිදෙන උඩවත්තකැලේ, නුවර වැවට උතුරින් පිහිටා ඇති පාරිසරික සංචාරක කර්මාන්තය සඳහා වූ පෙදෙසකි. උඩ වාසල වත්ත (රාජ මාලිගාවට ඉහළින් පිහිටි උද්‍යානය) නම් වූ මෙය උඩරට රාජධානි සමයේ දී වරෙක තහනම් කරන ලද වනාන්තරයක් විය. 1856 වසරේදී මුළු උද්‍යානයම රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කොට, 1938 දී අභයභූමියක් ලෙස නම් කළද, සෑම දිනකම උදේ 6 සිට සවස 5 දක්වා සංචාරකයින්ට මෙය නැරඹීමට හැකිය. මෙම උද්‍යානයට සුවිශේෂී වූ පක්ෂීන් රාශියක් මෙහිදී දැකගත හැකිය. එපමණක් නොව, මෙය  ශ්‍රී ලංකාවේ ඇති සුන්දර කුරුලු අභයභූමි අතරින් එකකි.

 

ශ්‍රී දළදා මාලිගාව සහ කන්ද උඩරට - අරුප්පොල කලාපය අතර විහිදෙන කඳු මුදුනක උඩවත්ත කැලේ පිහිටා ඇත. කඳු මුදුනේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 635 ක් වන අතර, මේ අසල පිහිටි මහනුවර වැවට වඩා මීටර් 115 ක් ඉහළින් පිහිටා ඇත.

ආරණ්‍ය සේනාසනය, සේනානායකාරාමය සහ තපෝවනය,  නම් බෞද්ධ ආරණ්‍ය සේනාසන තුනක් සහ, චිත්තවිශුද්ධි ලෙන, මෛත්‍රී ලෙන සහ සෙංකඩගල ලෙන නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සකසන ලද ලෙන් වාසස්ථාන තුනක් මෙම අභයභූමියේ පිහිටා ඇත. මහනුවර නගරයට ජලය සැපයීමේ පෝෂක ප්‍රදේශයක් ලෙස මෙම අභයභූමිය කටයුතු කරයි. 

උඩවත්ත කැලේ අභයභූමිය ශ්‍රි ලංකා රන්මූනත් කොට්ටෝරුවා,   ශ්‍රි ලංකා අලු ගිරවා, උකුසු බකමූණා (උලමා), ශ්‍රි ලංකා ගිරාමලිත්තා, කොළරිසියා, සහ පෙරදිග රන් පිළිහුඩුවා, ශ්‍රි ලංකා සැළලිහිණියා වැනි විවිධ පක්ෂීන් සඳහා නිවහනකි (ආසන්න වශයෙන් කුරුල්ලන් විශේෂ 80 ක් පමණ දැක ගත හැකිය).

 පක්ෂින් පිළිබඳ විශේෂඥයින්ට, දුරදක්නයක්  ආධාරයෙන් පක්ෂීන්ගේ හැසිරීම් රටා අධ්‍යනය සඳහා මෙය කදිම ස්ථානයකි. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1615 ක පමණ වාර්තා වන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 ක් පමණ වේ. මෙම අභයභූමිය මහනුවර නගරයේ පරිදර්ශක ඡායාරූප ලබා ගැනීම සඳහා මෙන්ම සංචාරකයින් සමීපයටම පැමිණෙන සමනල්ලු, ක්ෂීරපායීන් ආදීන්ගේ ඡායාරූප ලබා ගැනීම සඳහා කදිම ස්ථානයකි. රිලවා, හිවලා, ඉත්තෑවා සහ මීමින්නා වැනි ආවේණික සතුන් මෙහිදී බහුලව දැකගත හැකිය. 

සාමාන්‍යයෙන් ශාක විශේෂ 460 ක්, විශේෂයෙන් වැල්, පඳුරු, ඖෂධ පැළෑටි සහ කුඩා ශාක මෙම වනාන්තරයේ ශේෂව පවතී.

රජවාසල උද්‍යානය 
Rajavasala Park

රජවාසල උද්‍යානය ලෙසින් හැඳින්වෙන රාජකීය මාලිගා උද්‍යානය , මහනුවර නගරය මධ්‍යයේ පිහිටි කුඩා කඳු මුදුනක පිහිටි කුඩා උද්‍යානයකි. 

රාජකීය උද්භිද උද්යානය,
Royal Botanic Gardens, 


රාජකීය උද්භිද උද්‍යානය, පේරාදෙණිය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර නගරයට බටහිර දෙසින් කිලෝමීටර 5.5 ක් පමණ දුරින් පිහිටා ඇත. 2016 දී, මෙම උද්‍යානය දේශීය ජනතාව මිලියන 1.2 ක් සහ විදේශීය අමුත්තන් 400,000 ක් නරඹා ඇත. එය මහවැලි ගඟ අසල (ශ්‍රී ලංකාවේ දිගම ගංගාව) පිහිටා ඇත. එය ඕකිඩ් එකතුව සඳහා ප්රසිද්ධය. උද්යානය ඕකිඩ්, කුළුබඩු, ඖෂධීය ශාක සහ තල් ගස් ඇතුළු ශාක විශේෂ 4000 කට වඩා ඇතුළත් වේ. එයට අනුයුක්තව ඇත්තේ "ශ්‍රී ලංකාවේ ජාතික ශාකාගාරය" ය.

උද්භිද උද්‍යානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 147ක් (0.59 km2), මුහුදු මට්ටමේ සිට මීටර් 460ක් උසින් සහ දින 200ක වාර්ෂික වර්ෂාපතනයක් සහිත වේ. එය කළමනාකරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසිනි.

රාජකීය උද්භිද උද්‍යානයේ ඉතිහාසය ආරම්භ වන්නේ 1371 දී III වික්‍රමබාහු රජු සිහසුනට පත් වී මහවැලි ගඟ අසල පේරාදෙණියේ මාලිගාව පවත්වාගෙන යාමත් සමඟය. පසුව, 1747 සිට 1780 දක්වා කිර්ති ශ්‍රී රජුගේ පාලන සමයේදී මෙය රාජකීය උද්‍යානයක් බවට පත් කරන ලද අතර 1780- 1798 සිට රාජාධි රාජසිරිගේ රජු එහි වාසය කළ අතර එහිදී ඔහු වෙනුවෙන් තාවකාලික වාසස්ථානයක් ඉදිකරන ලදී.

රාජාධි රාජසිංහ රජු විසින් වැඩි දියුණු කරන ලද විහාරයක් සහ චෛත්‍යයක් විමල ධර්ම රජුගේ පාලන සමයේදී ඉදිකරන ලදී. ඉංග්‍රීසීන් මහනුවර ආක්‍රමණය කරන විට විහාරය සහ චෛත්‍යය විනාශ කරන ලදී. ii වන රාජසිංහ සහ පෘතුගීසීන් අතර සුප්‍රසිද්ධ ගන්නෝරුවේ සටන සිදුවූයේ ගඟේ උතුරු පැත්තේය.

ශ්‍රී දළදා මාලිගාව සහ කන්ද උඩරට - අරුප්පොල කලාපය අතර විහිදෙන කඳු මුදුනක උඩවත්ත කැලේ පිහිටා ඇත. කඳු මුදුනේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 635 ක් වන අතර, මේ අසල පිහිටි මහනුවර වැවට වඩා මීටර් 115 ක් ඉහළින් පිහිටා ඇත.

ආරණ්‍ය සේනාසනය, සේනානායකාරාමය සහ තපෝවනය,  නම් බෞද්ධ ආරණ්‍ය සේනාසන තුනක් සහ, චිත්තවිශුද්ධි ලෙන, මෛත්‍රී ලෙන සහ සෙංකඩගල ලෙන නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සකසන ලද ලෙන් වාසස්ථාන තුනක් මෙම අභයභූමියේ පිහිටා ඇත. මහනුවර නගරයට ජලය සැපයීමේ පෝෂක ප්‍රදේශයක් ලෙස මෙම අභයභූමිය කටයුතු කරයි. 

ශ්‍රී ලංකාතිලක රාජමහා විහාරය
Sri Lankathilaka Rajamaha Viharaya

මාර් ග කීපයකින්ම පිවිසිය හැකි  ලංකා තිලක රජ මහා විහාරස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර හියාරපිටිය නමැති ගමේ පැන්හල්ගල නම් පර්වතයක් මත ඉදිකොට ඇත. ගම්පොල රාජධානි සමයේ ක්‍රි.වර්ෂ 1344 දී හතරවන බුවනෙකබා රජතුමාගේ අනුග්‍රහයෙන් එතුමාගේ ඇමතිකෙනෙකුවූ සේනාධිලංකාර නම් ඇමති වරයා විසින් මෙය කරවූ බව සඳහන්වේ.

සේනාධිලංකාර ඇමති  ස්ථපති රායර් නම් දකුණු ඉන්දීය ශිල්පියකුගේ සහාය මේ සඳහා ලබාගෙන ඇත. ස්ථපති රායර් මේ ඉදිකිරිම සඳහා පොළොන්නරු යුගයේ සිංහල හා හින්දු වාස්තු විද්‍යාශිල්පය මෙන්ම ඉන්දු චීන වාස්තු විද්‍යාශිල්පයද උපයෝගී කරගෙන ඇතිබව සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වී ඇත.

මේ විහාරස්ථානය ඉදි කිරීම සඳහා භුමිය තෝරා ගැනීම පිළිබඳව පුරාවෘතයක්ද අසන්නට ලැබේ. ඒ පුරාවෘතයෙන් කියවෙන පරිදි, මේ පැන්හල්ගල පාමුල පිහිටා තිබුණු සංඝාවාසයක භික්ෂුන් වහන්සේනමක් සිය ගුරුවරයා සමග ඇතිවූ සිත් අමනාපයක් නිසා පැන්හල්ගල පර්වතයට පිවිස ඇත. උන්වහන්සේ පර්වතය මතවූ පොකුණේ රන් කලයක් පාවෙමින් 
තිබෙනු දැක එය ගන්නට උත්සාහ කළවිට එය දියේ ගිලී වෙනත් තැනකින් මතුවී තිබේ.

 

මේ අද්භූත සිද්ධිය තම ගුරුවර ස්වාමින්වහන්සේට දැන්වූ විට ඒ ගැන සොයාබලා ඒ සිද්ධිය පිළිබඳව රජතුමාට දන්වා ඇත. රජතුමාගේ නියෝගයෙන් මේ ගැන සොයා බැලූ  ඇමතිවරයෙකු මේ සිද්ධිය සත්‍ය බවත් ඒ ස්ථානය ජය භූමියක් ලෙස සලකා රජ මාලිගයක් ඉදිකිරිම මැනවයි යෝජනා කර ඇත. එහෙත් රජතුමා එහි දේවාලයක් හා විහාරයක් කරවා සංඝයා වහන්සේලාට පුජා කරන්නට පියවර ගෙන ඇත.

ස්ථුපය


මේ සියල්ල අතරින් වැදගත්ම ගොඩනැගිල්ල වන්නේ දේවාල සහිත ප්‍රථිමා ගෘහයයි. අක්‍රමවත්  බෑවුමක් සහිත ගල් කුලක් මත කළුගල් අත්තිවාරමක් සහිතව  ගඩොලින් ඉදිවූ මේ ගොඩනැගිල්ලේ නැගෙනහිරට මුහුණලා ඇති කොටස බුදු පිළිම සහිත විහාරගෙය වන අතර බටහිරට මුහුණපා ඇති කොටස හින්දු ආගමික දේවාල වෙයි.

මේ පුජනිය භූමියට පිවිසීම සඳහා මං පෙත් දෙකක් වෙයි. ගිරිකුල පාමුල පිහිටි සංඝාවාසය අසලින් ඇරඹෙන 14 වන සියවසේදී  ඉදිකළ පියගැට පෙළ ඔස්සේ මීටර් 45 ක් පමණ ඉහලට නැගීමෙන් හෝ 1913 දී පමණ පිළියෙළ කරන ලද පිය ගැට පෙළ ඔස්සේ බටහිර පිවිසුම වෙත ලඟා විය හැකිය.

ලංකාතිලක විහාරයට හා දේවාල වලට පුජාකළ දේපල හා වත්කම් ගැන සඳහන්කොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තඹ ලෝහයෙන් පොතක් ආකාරයෙන් පිළියෙළ කොට සිංහලෙන්  කළ තඹ සන්නසක් විහාරයට ප්‍රධානය කොට ඇත. මේ සන්නසෙහි දැක්වෙන පරිදි මේ ගොඩනැගිල්ල සිව් මහලකින් යුක්තව අඩි 80 ක් උසට තිබී ඇත. මුල් කාලයේදී ප්‍රථිමා ගෘහයේ පිටත බිත්ති තුනක මැද කොටසේ හා ඉදිරිපස බිත්තිය දෙපස පිළියෙළ කළ මණ්ඩප වල දේව ප්‍රතිමා තැන්පත් කොට තිබී ඇත. පසු කාලීනව පිටත බිත්ති ආවරණය කොට ප්‍රදක්ෂිණා පථයක් නිර්මාණය කොට දේවාල වල ඉදිරිපස දොරටු පහක් හා බටහිරින් වූ ප්‍රධාන දොරටුව අභියස මණ්ඩපයක් සහිත අන්තරාලයක් තනවා තිබේ.

දේවාල ගොඩනැගිල්ලක්

මහනුවර දළදා මාලිගාවේ ඇසල පෙරහරට පසුව සම්ප්‍රදායානුකුලව ලංකා තිලක රජ මහා විහාරයේද  වාර්ෂික පෙරහර පැවැත්වේ. එමෙන්ම දිනපතා කෙරෙන තේවාවන් වලට අමතරව වාර්ෂිකව අලුත් සහල් මංගල්‍යය, කාර්තිකමංගල්‍යය, ආදී උත්සවයන්ද සිදුකෙරේ.

බෝධිය

ලංකා තිලක රජ මහා විහාරය, දේවාල සහිත ප්‍රථිමා ගෘහයක්, ස්ථුපයක්, බෝධියක්, ධර්ම ශාලාවක්, දේවාල හා දෙවියන්ට පුජා කෙරෙන දානය පිළියෙළ කෙරෙන මුළුතැන් ගෙයක්, වී අටුවක් හා සංඝාවාස ආදී සියලු අංග වලින් පරිපුර්ණ සිද්ධස්ථානයකි.

සෙල් ලිපි

මේ විහාරය සතුව පවතින කෞතුක භාණ්ඩ අතර ක්‍රි.ව.1765 දී හඟුරන්කෙත සටනින් පරද පලාගිය ලන්දේසින්ගෙන් අත්පත් කරගත් ඕලන්ද රාජකීය කොඩියක්, මැණික් පිළිමයක්, ඇත්දත් ධාතු කරඬුවක්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සළු පිළි කීපයක්, කඟවේන් අඟකින් කළ වටාපත් මිටක් ආදිය ඇති බව කියති.

දෙපස ඇති දොරටු

මෙහි විෂ්ණු, උපුල්වන්, සුමන සමන්, විභිෂණ, ගණදෙවි, ස්කන්ධ කුමාර ආදී දේව ප්‍රථිමා තැන්පත් කර ඇත. ඊට අමතරව ලංකාතිලකයට අධිපති දෙවියන් ලෙස සැලකෙන කුමාර බණ්ඩාර නමැති දෙවියන්ගේ ප්‍රථිමාවක්ද වේ.

බටහිර වාහල්කඩ

ලංකා තිලක රජ මහා විහාරයට හා දේවාලවලට පූජා කළ ගම්වරයන් පිලිබඳ විස්තර අඩංගු  සිංහල හා දෙමළ භාෂා වලින් ලියන ලද සෙල් ලිපි දෙකක් මේ විහාර පරිශ්‍රයේ ඇත.

මල් මෝස්තර


මෙහි කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, සේනාධිලංකාර ඇමති, පිරිවෙන් හා විහාරාධිපති හිමිවරුන් ආදීන්ගේ රූප සිතුවම් කොට ඇත. සත් සතිය හැරුණු විට බුද්ධ චරිතයේ වෙනත් අවස්තාවන් හෝ ජාතක කථා ආදිය මෙහි සිතුවම් කොට තිබෙනු දක්නට නැත.

මේ ගොඩනැගිල්ලේ ප්‍රතිමා ගෘහය බිත්තිවලින් වෙන් කොට ඇති නිසා  බටහිර දොරටුවෙන් ඇතුළු වන්නේ දේවාල වලටය. ගොඩනැගිල්ල දෙපස ඇති දොරටු වලින්ද දේවාල වලට පිවිසිය හැකිය.

සූවිසි විවරණ

ඒ සිතුවම් වලට වෙන්කළ ඉඩ ප්‍රමාණය හා සමාන ඉඩ ප්‍රමාණයක් වෙන් කොට ඇත්තේ තවත් ආකර්ශනීය සිතුවම් සමුදායක්  වන අලංකාර මල් මෝස්තර සඳහාය. ආරුක්කු වියන් ආදිය ලියවැල්, නාරිලතා මල්, හංස පුට්ටුව, පත්‍ර මෝස්‌තර ආදියෙන් අලංකාර කොට තිබේ.

පිළිම

මේ මකර තොරණ වෙනත් ස්ථානයක දක්නට නොලැබෙන ආකාරයේ විශේෂිත වුවකි. මේ මකර තොරණේ ආරුක්කුව කිඹිසි මුහුණකින්, අලංකාර මල් ලියකමින් හා සිංහ රූප වලින් අලංකාර කොට ඇත. ඒ පිටුපසින්  ශුද්ධාවාස බ්‍රහ්මයින් සිව්දෙනා, පාර්වතී දෙවඟන, හින්දු ආගමේ දෙවිවරුන් ලෙස පිළිගත් දෙවි වරුන් තම භාර්යාවන් හා අර්ධ මානව ස්වරුපයෙන් දැක්වෙන ඔවුන්ගේ වාහනය ලෙස සැලකෙන සත්වයන්ගේ රූප ආදිය නිර්මාණයකොට ඇත.

මකර තොරණ

මේ විහාරස්ථානය ඇතුලත සිතුවම් කොට ඇත්තේ රහතන් වහන්සේලා හා සූවිසි විවරණ දැක්වෙන සිතුවම්, සොලොස්මස්ථානය  හා අන්තරාලයේ සත් සතිය දැක්වෙන සිතුවම් ආදියයි.

සිංහ රුප දෙක

විහාර ගෙය තුල මකර තොරණක් යට විශාල හිඳී පිළිමයක් හා දෙපස හිටි පිළිම දෙකක් පිහිටුවා තිබේ. මේ පිළිමවලින් බුදුරජානන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණය ඉස්මතු කිරීමට වඩා උන්වහන්සේගේ බාහිර ලක්ෂණ පෙන්වීමට උත්සාහ ගෙන ඇත. දැඩි කාය ස්වරුපය හා විවෘත දෙනෙත් කැපී පෙනෙයි. සිවුරේ රැලි දක්වා ඇති ආකාරයද විශේෂිතය. උෂ්නිය මත සිරස් පතක්ද දැකිය හැකිය. බුදු පිළිම වෘතාකාර පළල් මුහුණකින් සහ පටු නළලතකින් යුක්තවීමද විශේෂ ලක්ෂණයකි  මේ පිළිම නිර්මාණයේදී දකුණු ඉන්දීය අභාෂය ලැබී ඇති බවක් පෙනේ.

ගජ සිංහ රූප කැටයම් කළ  කොරවක් ගල්


විහාර ගෙයට ඇතුළුවන දොරටුව ඉදිරියේ සඳකඩ පහනක්, ගජ සිංහ රූප කැටයම් කළ  කොරවක් ගල් සහිත පිය ගැට පෙළක්, මකර තොරණක් ආදිය දක්නට හැකිය. මකර තොරනෙහි ගජ ලක්‍ෂ්මි හා ගාන්ධර්ව රුප සිත් ගන්නා සුලුය. ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවූ පසු චිත්‍රවලින් සැරසු කුඩා දොරටුවක් ඇත. විහාර ගෙයට ඇතුළු වූ පසු දෙපස බිත්තිවල සිංහ රුප දෙකක් හා සුවිසි විවරණ සිතුවම් දක්නට ඇත.

බටහිරින් වූ ප්‍රධාන දොරටුව

අනුරාධපුර යුගයේ සිටම ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ  නිර්මාණ කෞශල්‍යය විදහා දක්වන ස්ථාන බවට පත්ව තිබිණ. එමෙන්ම ලංකා තිලක රජ මහා විහාරයද ගම්පොළ යුගයේ ශිල්පීන්ගේ කලා කුසලතාවයන් හෙලිදැක්වූ ස්ථානයකි.

bottom of page