top of page
ශ්‍රී ලංකා වෙබ් අඩවි ණිර්.මානය, වෙළද දැන්වීම්, රක්ෂණ සේවා, නිෂ්පාදන සහ තවත් සේවා රැසක්. Sri Lanka Website Development, Advert

           හෙළජන ආහාර නිෂ්පාදන

  • රස කුඩු කුළුබඩු  මිශ්‍රණරය Taste Powder Spices Mixer

  • තුනපහ කුඩු  Curry Powder 

  • ගම්මිරිස් කුඩු Pepper powder

  • මිරිස් කුඩු  Chili powder

  • කහ කුඩු Turmeric powder

  • ඉඟුරු කුඩු Ginger powder

  • ගොරකා කුඩු Goraka powder

  • කුරුඳු කුඩු Cinnamon powder N.01

  • සේර කුඩු Lemongrass Powder

  • කෑලි මිරිස් Chillie pieces

  • කුරුඳු කුඩු Cinnamon powder

  • කරාඹු මල් කුඩු Clove flower powder

  • සාදික්කා මඳ කුඩු Nutmeg powder

  • කොත්තමල්ලි කුඩු Coriander powder

  • කුරක්කන් පිටි Kurakkan flou

  • කොල්ලු පිටි Horse Gram Powder

  • මුං පිටි Green gram flour
     

  • පාරිබෝගික ඇනවුම්

  • ස්යං රැකියා ඇනවුම්

  • වෙළඳ ඇනවුම්

  • දේශිය ව්‍යාපාර ඇනවුම්

  • අපනයන ව්‍යාපාර ඇනවුම්
       ඇතුළු ඔබගේ සියළු ඇනවුම්

     

  • අමතන්න 076 66 54 916

ආහාරයක් කියන්නේ අපේ කුස පමණක් පුරවන දෙයක් නෙවෙයි. මේ ආහාර ආමාශයට ලැබුණු පසුව අපිට ප්‍රබෝධය සහ සතුට කියන දේ ඇති වෙන්නට ඕන. එවිට තමයි එය හොඳින් ජීර්ණය කරලා එහි පෝෂණ ශරීරයට අවශෝෂණය  කරගෙන අපිව නීරෝගිව තබන්නේ. ඉතින් මිරිස් කියන්නේ ආහාරවල සැර ඇති කරන්නට යොදන දෙයක් වුණත් එය අපේ ශරීරයට අපූරු ගුණදෙන ආහාරයක්.අනාදිමත් කාලයක සිටම අපේ ආහාරවේල් සකස් කිරීමේදී මිරිස් ප්‍රධාන තැනක් ගනු ලබනවා.කටට සැරට ගන්නා ආහාර වේල කුස පිරෙන්නට වගේම හිත පිරෙන්නටත් හේතුවක්. ඉතින් සාම්ප්‍රදායිකව අපි බහුලව භාවිතා කරන මිරිස් සතුව කොතරම් ගුණ සමුදායක් ඇත්ද කියන කාරණය පිළිබඳව ඔබ කෙදිනකවත් සිතා බැලුවාද? . ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ ලෙඩ රෝග බොහොමයකට ගුණදායක දීර්ඝායුෂ ලබා ගන්නට  මිරිස් තුළ සැඟවී තියෙන අපූරු ගුණයන් පිළිබඳවයි.
 

මේ මිරිස් ලෙස අපි ආහාරයට ගන්නේ කැප්සිකැම් (Capsicum ) කියන කුලයට අයිති ශාකයේ ඵලය.මෙය ලෝකය පුරාම ප්‍රභේද ගණනාවකින් දැක ගන්නට පුළුවන්. ඒ ප්‍රභේදවල සැරත් එක් එක් ප්‍රභේදයෙන් ප්‍රභේදයට වෙනස් වෙනවා. මේ මිරිස් සතු රසායනික ස්වභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙහි Capsaicin කියන විශේෂ රසායනික සංඝටකයක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ මිරිස් ආහාරයට ගන්නා විට එහි අඩංගු Capsaicin කියන විශේෂ රසායනික සංඝටකය මේ ට්‍රයිජිමිනල් කියන විශේෂ ස්නායුවේ අග්‍ර උද්දීපනය කරනවා.ඒවා Vanilloid Receptors (TRPV) ලෙස හඳුන්වනුවා. ඒවා තාපයට සංවේදී වන  නිසා ඒ සංවේදනයම තමයි ට්‍රයිජිමිනල් ස්නායුව හරහා මොළයට සංවේදනය කරන්නේ. ඒ නිසා අපිට දහදිය දැමීම, ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම,  හෘද ස්පන්දනය වැඩිවීම ආදී සිදුවීම් මේ සමඟම ඇති වෙනවා.
 

ඉතින් විවිධ වර්ණයෙන්, විවිධ හැඩයෙන්, විවිධ ප්‍රමාණයෙන් අපි ආහාරයට ගන්නා මිරිස් විටමින් C බහුල ආහාරයක්. විටමින්  C යකඩ ශරීරයට අවශෝෂණය කිරීමට බෙහෙවින් වැදගත් වන විටමිනයක්. මෙය බොහෝවිට අපිට ලබා ගන්නට පුළුවන් මිරිස් අමුවෙන් ආහාරයට ගන්නා විට. ඒ හැරුණාම විටමින් B 6, පොටෑසියම්, මැග්නීසියම්, සෝඩියම්, යකඩ, ඛනිජ ආදී පෝෂකවලින් පරිපූර්ණ, තන්තු බහුල ආහාරයක් විදියටත් මිරිස් අතිශයින්ම වැදගත් වෙනවා.මිරිස් ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ප්‍රතිලාභ රාශියක්ම ලබා ගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම ඖෂධ හෝ ආලේපන වශයෙන් මේ මිරිස් භාවිතයෙන් සකස් කරන ඖෂධ ශරීරයේ වේදනාවන් අඩු කර ගන්නට භාවිතා වෙනවා.

මිරිස් ආහාරයට එක්කර ගැනීමේ වාසි 

 

  • මුඛයේ උණුසුම රැඳෙන නිසා ආහාර ගත් බව හැඟීමෙන් සතුට ඇති කරයි 

  • හෘද ස්පන්දනය වැඩිවීමෙන් ආහාරය ජීර්ණය වේගවත් කරයි 

  • හදවතේ සෞඛ්‍යමත් බව පවත්වා ගන්නට බෙහෙවින් උපකාරී වෙයි 

  • පිළිකා ඇති කරන්නට හේතුවන සාධක අවම කරමින් ආරක්ෂාව සලසාලයි 

  • ස්ථුලතාවය අඩු කරන්නට උපකාර කරයි 

  • රුධිර පීඩනය යාමනය කරයි 

  • ග්ලූකෝස් යාමනයට උපකාරී වෙයි 

Vanilloid Receptors (TRPV1 ) කියන විශේෂිත රසායනික සංඝටකය මගින් ඇඩිපොනෙක්ටින් කියන විශේෂිත හෝර්මෝනයක් ශ්‍රාවය කරන්නට උපකාරී කරනවා.මේ හෝර්මෝනය අක්මාව තුළ ඉන්සියුලින් පරිවෘත්තීය  කෙරෙහි උපකාර කරනවා.

  • ලිපිඩ යාමනය කරන නිසා අක්මාවේ තෙල් තැන්පත්වීම පාලනයට උදව් කරයි 

  • විශබීජ නැසීමේ හැකියාවෙන් සමන්විතයි 

  • ප්‍රදාහ තත්ත්වයන් අඩු කරයි 

  • ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයන් සමනය කරයි 

  • ප්‍රතිශක්තිය වර්ධනය කරයි 

  • අස්ථි සහ දත් නීරෝගීව සහ ශක්තිමත්ව තබා ගන්නට උපකාරී වෙයි 

  • දීර්ඝායුෂ ලබා ගැනීමට උපකාරී වෙයි 

මිරිස් පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වෙන්නට පටන් ගන්නේ මේ මිරිස් සතු විශේෂ ගුණය නිසාවෙන්. ඒ සඳහා මූලික වුණු සමීක්ෂණ දෙකක් පිළිබඳව අපි අවධානය යොමු කරමු.

 

පළමු සමීක්ෂණය 2015 දී British Medical Journal මගින් සිදු කළ පරීක්ෂණය සඳහා 50 000 ගේ දත්ත භාවිතා කර තියෙනවා. ඒ දත්ත ලබාගෙන ඇත්තේ china kadoorie bio Bank මගින්.මේ සමීක්ෂණය මගින් මිරිස් අනුභවයෙන් මිනිසෙකුගේ ආයු  කාලය 14% කින් වැඩි වන බව තහවුරු කරගෙන තියෙනවා.

දෙවන සමීක්ෂණය 2017 දී American – National health Nutrition and Examination survey යටතේ සිදුකළ ඒ සමීක්ෂණය සඳහා මිනිසුන් 16 000ක් ප්‍රමාණයක් සහභාගී කරවා ගෙන තියෙනවා. මේ සමීක්ෂණයෙන් තහවුරු කරගෙන ඇත්තේ මිරිස් ආහාරයට ගැනීමෙන් මිනිසුන්ගේ ආයු කාලය 12% කින් වර්ධනය  ගන්නට හැකිවන බවයි . 

නමුත් මේ පර්යේෂණ දෙකේම යම්යම් අඩුපාඩු සහ දත්තවල දුර්වලතා ඇති නිසා මේ සමීක්ෂණ දෙකම විවේචනයට  වුණා. නමුත් ඉන්පසුව මිරිස් ආහාරයට ගැනීමෙන් මිනිසාගේ ආයූ කාලය වැඩිවීම සම්බන්ධව තවත් බොහෝ පරීක්ෂණය සිදු කෙරෙන්නට පටන් ගත්තා. සමීක්ෂණ වාර්තා කොහොමවුණත් මේ මිරිස් ආහාරයට ගැනීමේ වාසිදායක තත්ත්වයන් පිළිබඳව විමසා බැලීමේදී සහ මිරිස්වල ඉතිහාසය සහ අතීත ජනතාවගේ ආයු කාලය දෙස බැලුවාම මේ මිරිස් පුද්ගලයෙකුගේ ආයු කාලය වැඩිකරගන්නට බෙහෙවින් උදව් වන බව නම් සත්‍යයක්.
 

ඉතින් අද බොහෝදෙනා අමිල පිත්ත රෝගය, ආමාශගත දැවිල්ල ආදී තත්ත්වයන් ඇතිවන බව කියමින් මිරිස් පරිභෝජනය අවම කරන්නට උපදෙස් ලබාදෙනවා. දරුවන්ට මිරිස් ආහාරයට එකතු නොකරන්නටත් බොහෝ මව්වරුන්  උනන්දු වෙනවා. නමුත් ඕනෑම ආහාරයක් පමණ ඉක්මවා අධික ලෙස පරිභෝජනයෙන් යම් යම් අපහසුතා වගේම රෝග ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා නියමිත ප්‍රමාණයට අපේ ශරීරයට ඒවා එකතු කර ගන්නට වගබලා යුතුයි. ඉතින් මිරිස් කියන්නේ අපේ ආහාරවලට එකතු කළ යුතු පෝෂණ ගුණයන් රාශියකින් සමන්විත රසකාරයක්. ඒ නිසා මිරිස් කියන්නේ ලොකු පොඩි සැමදෙනාම ගත යුතු ආහාරයක්.

######################################################################################

 

මුං ඇට රසට හදාගෙන කන්න රෙසිපි 5ක් මෙන්න!

මුං ඇට කියන නම ඇහුවමත් මූණ නරක් වෙන අය අතරෙ මේවා කන්න ආසා අයත් ඇතිනේ. මේ කොයි කවුරු උනත් නිකන් තම්බලා කනවට වඩා වෙනස් රසකින් කන්න කැමති ඇතිනේ. මුං ඇට වලින් හදාගන්න පුළුවන් වෙනස්ම රෙසිපි ටිකක්. මේවා ට්‍රයි කරලා අපිට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා ඕන්.

 

1. මුං මස්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

මුං මිශ්‍රණයට 

 

  1. මුං ඇට ග්‍රෑම් 200

  2. කරපිංචා 

  3. සුදුළූණු බික් 3-4

  4. චොප්කරගත් බී ළූණු ගෙඩි 1

  5. චොප්කරගත් අමුමිරිස් කරල් 2

  6. ගම්මිරිස්කුඩු ටිකක්

  7. ලුණු

 

කරියට 

 

  1. ඉඟුරු සුදුළූණු පේස්ට් එක

  2. මිරිස්කුඩු තේ හැඳි 2

  3. කහකුඩු තේ හැඳි 1/2

  4. ගම්මිරිස්කුඩු ටිකක්

  5. ලුණු

  6. අමු තුනපහකුඩු තේ හැඳි 1/2

  7. ගොරකා කෑලි 3

  8. චොප්කරගත් ළූණු ටිකක්

  9. උළුහාල් ස්වල්පයක්

  10. සූදුරු ස්වල්පයක්

  11. මිටිකිරි කෝප්ප 1

  12. බැදපු තුනපහකුඩු ටිකක්

  13. රම්පේ කෑල්ලක්

 

  • මුං ඇට රැයක් පෙඟෙන්න දාලා අරගෙන මුං මිශ්‍රණයට කිව්ව ඔක්කොම දාලා ග්‍රයින්ඩ් කරගන්න. දැන් ස්ටීම් කරන්න පුළුවන් තැටියක කෙසෙල් කොළයක් දාල හරි බටර් ගාගත් ලන්ච් ශීට් එකක් හරි දාලා ඒකට මේ මික්ස් එක දාලා තරමක් මහතට තුනී කරගෙ​න විනාඩි 30ක් ස්ටීම් කරගන්න. ඊට පස්සෙ කෑලි කපාගන්න.

  • තෙල් ටිකක් භාජනයකට දාලා රත්වෙනකොට ළූණු, ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා තෙම්පරාදු කරගන්න. ටිකකින් උළුහාල්, සූදුරු, ගොරකා සහ රම්පේ එකතු කරගන්න.

  • මිරිස්කුඩු, තුනපහකුඩු, කහකුඩු, ගම්මිරිස්කුඩු හා ලුණු රස අනුව දාගන්න. හොඳට මිශ්‍ර කරල ස්ටීම් කරපු මුං කෑලි ඇතිලියේ අතුරගන්න. 

  • කිරි ටික දාලා උතුරනකොට බැදපු තුනපහකුඩු ටිකක් උඩින් ඉහලා අවශ්‍ය ගාණට කරිය හිටින්න හින්දගෙන ලිප ඕෆ් කරගන්න.

 

2. හකුරු මිශ්‍ර මුං ඇට කැඳ

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මුං ඇට කෝප්ප 1/2

  2. සුදු කැකුළු හාල් කෝප්ප කාලක්

  3. ගාගත් හකුරු ග්‍රෑම් 200

  4. දියකිරි කෝප්ප 2

  5. මිටිකිරි කෝප්ප 2

  6. රුලං මේස හැඳි 2

  7. සව් මේස හැඳි 2

  8. කජු ටිකක්

  9. වියලි මිදි ටිකක්

  10. ලුණු

 

  • මුංඇට රැයක් පෙඟෙන්න දාලා වතුර කෝප්ප 2ක් දාලා තැම්බෙන්න තියන්න. සව් ටික සෝදලා පෙඟෙන්න දාගන්න. කජු ටික පොඩියට කපාගන්න.

  • මුංඇට තැම්බීගෙන එනකොට ඒකටම සුදුහාල් ටික දාගෙන හාල් ටික තැම්බෙන්න තියන්න.

  • භාජනයක් ලිපේ තියලා හකුරු හා දියකිරි වලින් කොටසක් දාලා රත්කරගන්න. හකුරු දිය වුණාම ලිපෙන් අයින් කරල හකුරු මිශ්‍රණය පෙරාගන්න.

  • හොඳට තැම්බුනාම මුංඇට ටික ලී හැන්දකින් පොඩි කරගන්න.

  • මේකට පෙඟෙන්න තිබ්බ සව් ටික සහ ඉතිරි දියකිරි ටිකත් දාලා සව් තැම්බෙනකල් හැඳිගාගන්න.

  • මේකටම හකුරු මිශ්‍රණය, වියලි මිදි හා කජු ටික එකතු කරගන්න. හොඳට හැඳිගාලා රුලං එකතු කරන්න. රස අනුව ලුණු දාලා අන්තිමට මිටිකිරි ටික දාලා උතුරවගන්න.

 

3. චයිනීස් පැ​ළ මුං සලාද

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. මුං පැළ ග්‍රෑම් 200

  2. ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1

  3. ලුණු

  4. සෝයාසෝස් මේස හැඳි 2

  5. තල තෙල් තේ හැඳි 1

  6. විනාකිරි තේ හැඳි 2

  7. සීනි ස්වල්පයක්

 

  • වතුර භාජනයක් ලිපේ තියලා උතුරනකොට ලුණු ටිකක් දාලා මුං පැළ ටික දාලා විනාඩි 2ක් වගේ තම්බලා අයිස් වතුර භාජනයක ටිකක් වෙලා දාලා තියලා වතුර පෙරාගන්න.

  • මේකට සෝයාසෝස්, ඉඟුරු සුදුළූණු පේස්ට්, විනාකිරි, සීනි හා තලතෙල් ටිකත් දාගෙන හොඳට කලවම් කරගන්න.

 

(මුං පැළ ගෙදරම හදාගන්න මුං ඇට රැයක් පෙඟෙන්න තියල වතුර බේරල පෙට්ටියක දාල දින දෙකක් විතර සිසිල් අඳුරු තැනක වහල තියන්න) 

 

4. මුං ඇට දැල්ලො පිරවුම

 

අවශ්‍ය ද්‍රව්‍ය දැල්ලො පිරවුමට

 

  1. දැල්ලො ග්‍රෑම් 500 (පොඩි දැල්ලන් 4-5ක් පමණ)

  2. රැයක් පෙඟෙන්න දාගත් මුංඇට ග්‍රෑම් 200

  3. චොප්කරගත් රතුළූණු ගෙඩි 2

  4. කුරුඳු පොතු කෑල්ලක්

  5. චොප්කරගත් සුදුළූණු බික් 4-5

  6. රම්පේ හා කරපිංචා

  7. කරදමුංගු ඇට 2

  8. කෑලිමිරිස් තේ හැඳි 2

  9. ගම්මිරිස්කුඩු

  10. ලුණු

  11. අමු තුනපහකුඩු තේ හැඳි 1

  12. කෑලිමිරිස් තේ හැඳි 1

 

කරි එක සඳහා

 

  1. චොප්කරගත් රතුළූණු ගෙඩි 3

  2. ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1

  3. රම්පේ හා කරපිංචා

  4. ගම්මිරිස්කුඩු ටිකක්

  5. බැදපු තුනපහකුඩු තේ හැඳි 1

  6. කහකුඩු තේ හැඳි 1/2

  7. මිරිස්කුඩු තේ හැඳි 2

  8. ගොරකා කෑලි 2

  9. කරදමුංගු ඇට 2

  10. කුරුඳු පොත්තක්

  11. මිටිකිරි කෝප්ප 2

  12. ලුණු

 

  • මුලින්ම මුං ඇට ටික බෙරි නොවෙන්න තම්බගන්න. 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා චොප්කරගත් රතුළූණු, සුදුළූණු කුරුඳු පොතු, රම්පේ හා කරපිංචා ටික දාලා තෙම්පරාදු කරගන්න. ගම්මිරිස්කුඩු, අමු තුනපහකුඩු, කෑලිමිරිස් ටික එකතු කරලා කරදමුංගු, ලුණු දාලා කලවම් කරගෙන, තම්බාගත් මුං ඇට ටික දාලා හොඳට කලවම් කරගෙන ලිපෙන් බාගන්න.

  • දැල්ලො ටික සුද්ද කරලා සෝදලා අරන් මේ මුං ඇට ෆිලින් එක එකින් එක දැල්ලගෙ පරිස්සමට පුරවගන්න. එළියට එනවට ටූත්පික් එකක් ගැහුවට කමක් නෑ.

  • දැන් භාජනයක් අරගෙන තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු ටික දාලා බැදෙන්න අරින්න. ඊලඟට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා ටිකකින් ගම්මිරිස්කුඩු, බැදපු තුනපහකුඩු, මිරිස්කුඩු, කහකුඩු, ගොරකා, කුරුඳු පොතු හා කරදමුංගු ඇට එකතු කරලා හොඳට හැඳිගාන්න. රස අනුව ලුණු දාගන්න.

  • මිටිකිරි ටික දාලා හැඳි ගාලා නටනකොට දැල්ලො ටික හිමීට අතුරගන්න. ගින්දර ටිකක් අඩු කරලා දැල්ලො ටික තැම්බෙන්න ටිකක් ඒ මේ අත පරිස්සමෙන් පෙරලන්න. කිරි ටික හිඳීගෙන එනකොට ලිප ඕෆ් කරගන්න.

 

5. මුං ඇට දෝසා (තෝසෙ)

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. මුංඇට කෝප්ප 1

  2. උඳු ඇට මේස හැඳි 2

  3. හාල්පිටි මේස හැඳි 1

  4. හීල් බත් මේස හැඳි 2

  5. ලුණු

 

තෙම්පරාදු​ව සඳහා

 

  1. චොප්කරගත් රතුළූණු ගෙඩි 3

  2. චොප්කරගත් සුදුළූණු බික් 2

  3. රම්පේ

  4. කරපිංචා ස්වල්පයක්

  5. තෙල් මේස හැඳි 2

  6. අබ ස්වල්පයක්

 

  • මුංඇට හා උඳු ඇට රැයක් පෙඟෙන්න දාලා අරන් හීල් බතුත් දාල හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේකට හාල්පිටි ටික දාගන්න. පැය තුනක් විතර වහල තියන්න. ඊට පස්සෙ රස අනුව ලුණු දාගන්න. වතුර ටිකක් දාලා තික් බැටර් එකක් හදාගන්න.  

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු හා සුදුළූණු, කරපිංචා ටික දාගන්න. හොඳට තෙම්පරාදු උනාම අබ ටිකක් දාලා පුපුරනකොට ලිප ඕෆ් කරගන්න. 

  • මේ තෙම්පරාදුව ටිකක් නිවුනම බැටර් එකට එකතු කරගන්න. 

  • තෝසේ හදන පෑන් එකට තෙල් ටිකක් දාලා මේ බැටර් එකෙන් හැන්දක් දාලා රවුමට තුනී කරගෙන තෝසේ හදාගන්න.

ශරීරයේ විෂ නසන මුං ඇට සතු ගුණ 20 ක්

 

වයස් භේදයකින් තොරව ලොකු කුඩා සියලු දෙනාම ප්‍රියකරන ධාන්‍ය විශේෂයන් අතර මුං ඇට වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. එදිනෙදා ආහාර පිසීමේදී ව්‍යංජනයක් ආකාරයට, උදෑසන ආහාරයක් ලෙස තම්බා ගැනීම, විශේෂ අවස්ථා සඳහා කැවිලි සැකසීම ආදිය සඳහා බහුලව භාවිතා කරන මුං ඇට විවිධ නම් වලින්ද හඳුන්වා තිබේ. ඒ අතර රසෝත්තම, මුද්ග, සූපශේෂ්ට සහ සූපල යන ආදී නම් වලින් ද හඳුන්වා තිබේ. ශරීරයට හොඳින් පත්‍ය වීමේ ගුණයෙන් යුතු මුං ඇට උඳු, මයිසූර් පරිප්පු හා කොල්ලු ඇට වලට වඩා ගුණදායක බව ආයුර්වේදය තුළ ද සඳහන්වේ. 
 

ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසකින් අනූන මුං ඇට වල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්,  විටමින්, යකඩ, සෙලේනියම්, ඛනිජ ලවණ, ඇමයිනෝ අම්ල, සින්ක්, මැග්නීසියම්, ෆ්ලෙවනයිඩ් කැෆේන් අම්ලය, ෆිනෝලික් අම්ලය, බියුටයිඩ් සහ තන්තු අන්තර්ගතවේ.

මුං ඇට සතු ඖෂධීය ගුණ 

 

1 ශරීර ශක්තිය වර්ධනය කරමින් පිරිපුන් සිරුරක් ලබා දෙයි.බොහෝවිට නිර්මාංශ ආහාර ලබාගන්නා පුද්ගලයින්ට ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලැබෙන්නේ අවම වශයෙනි. එවැනි පුද්ගලයින් මුං ඇට ආහාරයට ගන්නේ නම් මාංශමය ආහාරවල පවතින්නාවූ ප්‍රෝටීන් ප්‍රමාණයක් ද ශරීරයට ලබාගත හැකිය. එමගින් ශරීර ශක්තිය වර්ධනය කරන අතර කෘෂ ගතිය නැති කරමින් පිරිපුන් සිරුරක් ලබා ගැනීමට හැකියාව ලැබේ. මුං ඇට කොතරම් ආහාරයට ගත්තත් ශරීරයේ තරබාරු වීම සිදු නොවේ. එයට හේතුව මේදය අඩු වශයෙන් පැවතීම සහ ප්‍රෝටීන් හා විටමින් වර්ගයන්ගෙන් අනූන වීමයි. 
 

2 ශරීර අප්‍රාණිකබව දුරු කොට ශරීරයට ප්‍රාණයක් ලබාදේ.විවිධ රෝගාබාධයන්ට ලක් වූ පුද්ගලයින් නිරන්තරයෙන් අප්‍රාණික සිරුරෙන් යුක්තවේ. ඇතැම්විට ඔවුන්ගේ රෝගය හෝ රෝග සදහා ලබාගන්නා ඖෂධ මීට හේතු විය හැකිය. මෙවැනි පුද්ගලයින් හට මුංඇට භාවිතා කරමින් සකසා ගන්නා සුප් ආදිය ලබාදීමෙන් සිරුරේ ප්‍රාණවත්භාවය සහ ප්‍රකෘතිමත් භාවය නැවත ලබාගත හැකිය. මෙම මුං ඇට සූපය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වනු ලබන්නේ මුද්ග යුෂ ලෙස ය. 
 

3 මව්කිරි වර්ධනය කරයි.මුං ඇට මව් කිරි ලබා දෙන්නාවූ මව්වරුන්ට වඩාත් යෝග්‍යවේ. මෙහිදී මුං  ඇට තම්බා ආහාරයට ගැනීම, මුංඇට සුප් පානය කිරීම වඩාත් යෝග්‍ය වන අතර එහි පවතින පෝෂණීය සංඝටක මව්කිරි ඇතිවීම වර්ධනය කිරීමට උපකාරීවේ. 
 

4 සමේ ඇතිවන ලප කැළැල් මකා දමයි.ඇතැම්විට ශරීරයේ කැසීම් හා සීරීම් නිසා ඇතිවන ලප කැළැල් මැකී නොයන අතර දිගුකලක් පවතී. එය කායිකව මෙන්ම මානසිකව ද පුද්ගලයාට වදදේ. එම ලප කැලැල් මකා දැමීම සඳහා මුං ඇට වලට ඇත්තේ සුවිශේෂී හැකියාවකි. ඒ අනුව මුං ඇට ඇල්දියෙන් අඹරා එම ලප කැලැල් මතුපිට පැලැස්තරයක් ආකාරයට ආලේප කිරීමෙන් දින කීපයක් යන විට මෙම ලප කැලැල් ඉවත් කරගත හැකිය. 
 

5 මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ වළකාලයි.මුං ඇටවල පවතින්නේ සිසිල් කාරක ගුණයකි. එබැවින් මුත්‍රා පිටවීමේ අක්‍රමිකතා සහ මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාව මුංඇට සතුව පවතී. විශේෂයෙන් මෙහිදී මුංඇට තලපයක් වනසේ අඹරා එයට දෙළුම් යුෂ හා ලුණු ස්වල්පයක් මිශ්‍රකර දින කිහිපයක් පානය කිරීමෙන් ඉහත මුත්‍රා රෝග සුවකර ගත හැකිය. මීට අමතරව මුං ඇට සහ ඉරිඟු ඇට සමව ගෙන හොඳින් කුඩුකර ඇල් ජලය වීදුරුවකට දමා පැය කිහිපයක් තිබෙන්නට හැර උදේ සවස පානය කිරීමෙන් මුත්‍රා ගල් මෙන්ම වකුගඩු ආශ්‍රිතව ඇතිවන ගල් දියකර සුවය ලබාගත හැකිය. 

 

6 මානසික රෝග සුවපත් කරයි.උන්මාදය, විශාදය ආදී මානසික රෝග සුවපත් කිරීමේ හැකියාව ද මුංඇට සතුව පවතී. මෙහිදී මුං ඇට පිටි සහ තිරිඟු පිටි සමව ගෙන එයට ගිතෙල් මිශ්‍ර කර අදාල මානසික ව්‍යාකූලතාවයන් පෙළෙන්නා ට ලබාදීමෙන් මානසික රෝගී තත්වයන්  සුවපත් කරගත හැකිය. 
 

7 පිළිකා සෛල විනාශ කරයි.මුං ඇට වල පවතින අධික ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙන් ශරීරයේ ඇති වන පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව පවතී. විශේෂයෙන් පියයුරු පිළිකා, සම ආශ්‍රිත පිලිකා ඇති රෝගීන්ට මුං ඇට කැඳ හෝ කිරිබත් ආකාරයට ලබාදීම ගුණදායකවේ. 
 

8 නිදන්ගත රෝග අවදානම අඩු කරයි.විශේෂයෙන් මෙහිදී හෘද රෝග, පිළිකා, දියවැඩියාව, නිදන්ගත දැවිල්ල ආදී රෝග ඇතිවීම පාලනය කරයි. එනම් මුං ඇටවල පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය ශරීරයේ අහිතකර අණු පාලනය කරන අතර එමඟින් නිදන්ගත රෝග අවදානමද අඩුවේ. 
 

9 ආහාර ජීර්ණය පහසු කරමින් මලබද්ධය ඇති වීම පාලනය කරයි.මුං ඇටවල පවතින අධික තන්තුමය ස්වභාවය නිසාවෙන් අප ගන්නා ආහාර ඉතා පහසුවෙන් දිරවීම සිදුවේ. තවද බඩවැල් හරහා ආහාර ජීර්ණය වීමේ දී ඉතා පහසු භාවයක් ඇතිවන අතර බඩවැල්වල නිරෝගීභාවය සදහා ද මුං ඇට දායකත්වය ලබාදේ. එමගින් බඩවැල් ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ සඳහා මෙන්ම මලබද්ධය ඇතිවීම වළකා ලීම සඳහාද මුං ඇට වඩාත් යෝග්‍ය වේ. 

 

10 දියවැඩියාව පාලනය කරයි.මුං ඇටවල පවතින අධික තන්තු සහ ප්‍රෝටීන් රුධිරයේ වැඩි සීනි මට්ටම පාලනය කරමින් රුධිරයට වැඩි සීනි ප්‍රමාණය අවශෝෂණය කර ගැනීම ප්‍රමාද කරයි. එබැවින් දියවැඩියා තත්වය ඇතිවීම පාලනයවේ. 

  • කොලෙස්ටරෝල් පාලනයට

  • සරම්ප, පැපොල, අතීසාරයට

  • ශරීර උෂ්ණත්වයට

  • හෘද රෝග පාලනයට

  • අම්ල පිත්ත රෝගය සමනයට 

  • රූපලාවන්‍ය කටයුතු වලට

  • ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කිරීමට

  • රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීමට

  • ශරීරයේ විෂ ඉවත් කිරීමට

  • මාස් ශුද්ධියේ වේදනාව නැති කිරීමට 

මේ ආදී වශයෙන් ශරීරයේ ඇතිවන රෝගාබාධ රැසකට ගුණ දෙන ඖෂධීය ධාන්‍ය විශේෂයක් ලෙස මුං ඇට ආහාරයට  එකතු කර ගත හැකිය. නමුත් සෙම් රෝග පවතින අය මුං ඇට ආහාරයට ගන්නේ නම් එහි පවතින සිසිල් කාරක ගුණය නිසාවෙන් ඒවා හොඳින් බැද ආහාරයට ගත යුතුය. 

#####################################################################################

රුධිර පීඩනය නියාමනය කරන සේර තේ සතු ගුණ 8 ක්

 

සේර යනු ලංකාවට සහ දකුණු ඉන්දියාවට ආවේණික ශාකයකි. එහි lemongrass යන නාමයට අනුව ඒවා පැඟිරි සුවදක් විහිදුවනු ලබයි. නමුත් ඒවායේ රසය නම් පැඟිරි රසයකට වඩා වෙනස් වන අතර එහි පැණිරස ගතියක් ද ඇත.එපමණක් නොව ආසියාතික සංස්කෘතිය තුළ සේර ගහේ පත්‍ර හා දඩු බොහෝ භාවිතයන් සඳහා යොදා ගනී.ඒවා භාවිතයෙන් සේර තෙල් ,සුවද විලවුන්, සබන්, මුහුණ සේදුම් කාරක, දුර්ගන්ධ නාශක වර්ග, විෂබීජ නාශක ද්‍රව්‍ය වැනි නිශ්පාදන රැසක් නිපදවනු ලබයි. එපමණක් නොව සෙර පත්‍ර හා කද කොටස් ආහාර රස ගැන්වීම ඇතුළු විවිධ සූප ශාස්ත්‍ර භාවිතයන් සඳහා ද යොදා ගනී.එසේම සේර භාවිතයෙන් රසවත් තේ පානයක් ද පිළියෙල කරනු ලබයි.

මෙම සේර තේ පානය ආයුර්වේදයේදී බොහෝ රෝග රැසක් සමනය කිරීමට යොදා ගන්නා අතර එය සුවබර නින්දකටද මග පාදන බව සඳහන් වේ. එසේම එය විටමින් B, C සහ A, සින්ක්, මැග්නිසියම්, කැල්සියම් පොටෑසියම්, යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන වන අතර ඖෂධිය ගුණ වලින්ද යුක්ත වේ.එබැවින් සේර තේ පානය කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ රැසකි.ඉතින් අද අපි ඔබට කියන්නේ මෙතරම් ගුණ රැසක් ඇති සේර තේ පානය කිරීමෙන් ලැබෙන විස්මිත ප්‍රතිලාභ කිහිපයක් පිළිබඳවයි.

 

1 .ආහාර දිරවීම පහසු කරවයි ; සේර වල සිසිලන ශක්තියක් ඇති අතර එය ඔබේ ආමාශය සන්සුන් කිරීමට සහ ආහාර ජීර්ණ ක්‍රියාදාමයන් හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ.මන්දයත් එහි ආහාර ජීර්ණය කිරීමට උපකාරී වන සිට්රල් නම් සංරචකයක් අඩංගු වේ.එසේම අතීතයේ සිටම ආයුර්වේදයේදී පවා ඉදිමීම, මලබද්ධය හෝ අජීර්ණය වැනි බොහොමයක් උදර ගැටළු සමනය කිරීම සඳහා සේර තේ පානය යොදා ගෙන ඇත.
 

2. ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය ;සේර තේ ඔබේ සිරුරේ විෂ හරණය කිරීමට උපකාරී වේ. ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති එය තරල රඳවා තබා ගැනීමෙන් ශරීරයෙන් විෂ ඉවත් කිරීමට කටයුතු කරයි.

 

3 .අධි රුධිර පීඩනය නියාමනය කරයි ;සේර තේ යනු අධි රුධිර පීඩනය පාලනය කිරීමට සහාය වන හොඳම ස්වාභාවික පානයකි. එහි පොටෑසියම් බහුල බැවින් අපේ ශරීරයේ මුත්‍රා නිෂ්පාදනය වැඩි කරන අතර එමඟින් රුධිර සංසරණය උත්තේජනය කර රුධිර පීඩනය අඩු කරයි. රුධිර සංසරණය වැඩි කිරීමෙන් අක්මාව පිරිසිදු කිරීමට ද එය උපකාරී වේ. එපමණක් නොව මෙම සේර තේ පානය ඔබේ බඩවැල් වලින් කොලෙස්ටරෝල් අවශෝෂණය සීමා කරන අතර එමඟින් සමස්ත හෘද සෞඛ්‍යයම ප්‍රවර්ධනය කරයි.
 

4. පරිවෘත්තීය වේගවත් කර බර අඩු කර ගැනීමට සහාය වේ ; සේර තේ ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ කැලරි දහනය වැඩි කිරීමට උපකාරී වේ.අධ්‍යනයකින් පවා හෙළි වී තිබෙන්නේ සේර තේ වල අඩංගු ස්වාභාවික ශාක සං‍යෝගයක් වන පොලිෆෙනෝල් සහ තේ වල අඩංගු කැෆේන් ප්‍රමාණය ඔබේ ශක්තිය වැඩි කරන අතරම ශරීරයේ මේද අම්ල ඔක්සිකරණය වැඩි කරන බවයි.

 

5. ඔබේ සම සහ හිසකෙස් නීරෝගී කරයි ;සේර යනු නීරෝගී සම සහ හිසකෙස් සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන විටමින් A සහ විටමින් C වලින් පොහොසත් ප්‍රභවයකි.එබැවින් සේර තේ පානය ඔබේ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමෙන් ඔබේ සම පිරිසිදු කිරීමට සහාය වේ.තවද එය තෙල් සහිත සමට ප්‍රතිකාර කරන අතර කුරුලෑ, කුරුලෑ කැලැල් සහ දද වැනි තත්වයන් සුව කිරීමටද කටයුතු කරයි.
 

6. සෙම්ප්‍රතිශ්‍යාව සුව කරයි ;සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ සමඟ සාර්ථකව කටයුතු කිරීමට සේර තේ උපකාරී වේ.මන්දයත් ඒවායේ ප්‍රතිබැක්ටීරීය හා දිලීර නාශක ගුණ රැසක් ඇත. තවද, එහි විටමින් C බහුල බැවින් ඔබේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරයි. නැවුම් දෙහි ගෙඩි ස්වල්පයක යුෂ සහ කරාබු නැටි කිහිපයක්, කහ ස්වල්පයක් සහ සේර කොළ මිශ්‍ර කර තම්බා ගන්න.දැන් එම පානය පරිභෝජනයෙන් නාසයේ තදබදය නිසා ඇති වන සෙම සමනය කර ගත හැකිය.

 

7. ඔසප් වේදනාව අඩු කරයි ; සේර තේ කාන්තාවන්ගේ සෞඛ්‍ය සඳහා විශිෂ්ට යැයි සැලකේ. එය මාසික ඔසප් වේදනාව අඩු කිරීමට උපකාරී වේ.
 

8. පිළිකා සෛල විනාශ කරයි ;සේර තේ වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ පිළිකා තත්ත්ව වලකන අතර පිළිකා සෛලද විනාශ කරයි.එසේම එය සෞඛ්‍යමත් සෛල විනාශ නොකර පිළිකා සෛල විනාශ කිරීමට කටයුතු කරයි. තවද 2008 වසරේදී කරන ලද අධ්‍යනයකට අනුව හෙළි වී තිබෙන්නේ සේර තේ පානය පියයුරු පිළිකා වර්ධනය ද අඩාල කරන බවයි.

සේර තේ පානය පිළියෙල කර ගත හැකි ආකාර කිහිපයක්

 

  • අමු සේර කැබැල්ලක් ගෙන තලා ගෙන හෝ කුඩා කැබලි වලට කපා තේ වලට හෝ උණුවතුරට දමා පානය කළ හැකිය.

  • සේර කොල හා කඳ කොටස් වියලා පවුඩර් ආකාරයට සකස් කර එම පව්ඩර් වතුර සමඟ මිශ්‍ර කර තේ ආකාරයට පානය කළ හැකිය.

  • අමු සේර යුෂ ගෙන ශීතකරණයේ තබා ගෙන පිරිසිදු ජලය සහ දෙහි සමඟ මිශ්‍ර කර පානය කළ හැකිය.

  • සේර කොල, කුරුඳු පව්ඩර් හා තේ කොළ සමඟ මිශ්‍ර කර රසවත් තේ පානයක් පිළියෙල කර ගත හැකිය.

අවවාදයයි ; සේර තේ රුධිරයේ සීනි මට්ටම අඩු කරන බව දන්නා කරුණකි. එබැවින් දියවැඩියාව ඇති රෝගීන් එය පරිභෝජනය කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය. එසේම රසායනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ගැබිනි සහ කිරි දෙන කාන්තාවන්ට සේර තේ පානය කිරීමෙන් වැළකී සිටිය යුතු යැයි උපදෙස් දෙනු ලැබේ.

 

#####################################################################################

 

ගොරකා සතු අපූරු ගුණ 9 ක්
 

garcinia cambogia යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ගොරකා යනු රසයෙන් මෙන්ම ගුණයෙන් අනූන කුළුබඩු වර්ගයක් කිව්වොත් නිවැරදියි. ඇත්ත වශයෙන්ම ගොරකා කියන්නේ අපේ ගම් වල සුලභව දැකිය හැකි පළතුරක් වගේම මුළුතැන්ගෙයට නැතිවම බැරි රසකාරකයක් විදියට හඳුන්වන්නට පුළුවන්.

ඒ වගේම වටිනා ඖෂධයක් වශයෙනුත් ගොරකා හඳුන්වන්නට පුළුවන්.උෂ්ණ ගුණයෙන් සහ සැහැල්ලු ගුණයෙන් යුක්ත වන ගොරකා අපේ ආයුර්වේදයේදී සමහර ලෙඩ රෝග සුව කිරීමට ප්‍රතිකාරයක් ලෙසද භාවිතා කරනු ලබනවා.එනිසාම ආයුර්වේදයේදී ගොරකා වලට හිමිවී ඇත්තේ සුවිශේෂි වටිනාකමක්.

එපමණක් නොවෙයි, විටමින් C, ජලය, ටාටරික් අම්ලය, පොටෑසියම් හා විවිධ විටමින් වර්ග රැසක් ගොරකා වල අඩංගු වෙනවා.එබැවින් ගොරකා විවිධ භාවිතයන් සඳහා යොදා ගනු ලබනවා.

 

ඉදුණු ගොරකා මදය පලතුරක් ලෙසද ආහාරයට ගැනීමට අමතරව සාමාන්‍යයෙන් ගොරකා ගෙඩිය පළා, අව්වේ වියළා ආහාර රස කිරීමට යොදා ගනු ලබනවා.ඒ වගේම ගොරකා මදවලින් තෙල් සිඳ ගැනීමෙන් එය ඖෂධයක් ලෙස භාවිතා කරනු ලබනවා.ඊට අමතරව ගොරකා පානයක් වශයෙනුත් පිළියෙල කරනු ලබනවා.
 

මේ ආකාරයට ගොරකා ඔබ කැමති ආකාරයකට ආහාර වේලට එකතු කර ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ බොහෝමයි.ඉතින් අද අපි ඔබට කියන්නේ පිළිබඳවයි.

1 .ගොරකා, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සහ පරිවෘත්තීය නියාමනය කිරීමට උපකාරී වෙනවා.ඇත්ත වශයෙන්ම ගොරකා සාරය භාවිතා කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අනපේක්ෂිත ලෙස ඉහළ යාමේ අවදානම අවම වන බවද අධ්‍යන වලින් පවා හෙළි වී තිබෙනවා.

 

2 .හෘද රෝග ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ශරීරයේ නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටමයි.එබැවින් නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමට අප කටයුතු කළ යුතුයි.ඉතින් ගොරකා වලට ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම සමතුලිත කිරීමේ හැකියාව පවතිනවා.ඒ වගේම ගොරකා වල අඩංගු සංයෝග නරක කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ලෙස අඩු කිරීමටද දායක වෙනවා.
 

3 .ගොරකා වල ඇති තවත් පුදුමාකාර ගුණයක් නම් එයට HIV වෛරසයට එරෙහිව සටන් කිරීමට ඇති හැකියාවයි. ඇත්තෙන්ම HIV වෛරසය හේතු කර ගෙන ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ විට ගොරකා වල ගුණාංග මෙම වෛරසයට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා.පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ගොරකා වල ඇති ගාර්සිනෝල් සංයෝගය ඇත්ත වශයෙන්ම වෛරසය විනාශ කරන බවයි.

 

4 .ශරීරයේ මේදය අවශෝෂණය වීම වළක්වා ගැනීමෙන් බර අඩු කර ගැනීමට ගොරකා ඔබට උපකාරී වෙනවා.මන්දයත් ගොරකා වල අඩංගු හයිඩ්‍රොක්සිසිට්‍රික් අම්ලය (HCA) අතිරික්ත ආහාර කැලරි වලින් මේදය ශරීරයට අවශෝෂණය වීම වළක්වාලීමට සහාය වෙනවා.ඒ වගේම ගොරකා සාරය ඔබේ බර කෙටි කාලීනව අඩු කිරීමට දායක වෙනවා.
 

5 .ගොරකා වල සුව ගුණ පමණක්ම නොව ප්‍රතිඔක්සිකාරක සහ පිළිකා නාශක ගුණ ද අන්තර්ගත බව සඳහන් වෙනවා.මෙම ෆයිටොකෙමිකල් මගින් පියයුරු හා පුරස්ථි පිළිකා සෛල වර්ධනය වීම වළක්වා ගත හැකි බව අධ්‍යන වලින් පවා හෙළි වී තිබෙනවා.
 

6 .ශරීරයේ පරිවෘත්තීය වැඩි කිරීමෙන් සහ ආහාර රුචිය අඩු කිරීමෙන් බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කිරීමට ගොරකා උපකාරී වෙනවා.
 

7 .කෝටිසෝල් යනු ගොරකා මගින් නියාමනය කළ හැකි ආතති හෝමෝනයක් වන අතර එහි හයිඩ්‍රොක්සිසිට්‍රික් අම්ලය (HCA) අඩංගු වන බව සඳහන් වෙනවා.එබැවින් එයට කෝටිසෝල් මට්ටම අඩු කර එමඟින් කාංසාවට ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින බව අධ්‍යන මඟින් පවා හෙළි වී තිබෙනවා.
 

එම නිසා ගොරකා දිගු කාලීන මානසික අවපීඩනයට ප්‍රතිකාර කිරීමට උපකාරී වෙනවා.එපමණක් නොව ඔක්සිකාරක ආතතිය අඩු කර ඔබේ අවයවවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ගොරකා සහ එහි අතිරේකවලට හැකියාව තිබෙනවා. මීට අමතරව, ගොරකා වල අඩංගු කාබනික සංයෝග ශරීරයේ විනෝද හෝමෝන මුදා හැරීමට උපකාරී වෙනවා.

 

8 .අපේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට ගොරකා වලට පුළුවන්.මන්දයත් ගොරක වල විටමින් c අඩංගු වීම ඊට හේතුවයි.එය විවිධ රෝගාබාධ හා ආසාදනයන් ඇති වීමේ අවදානම අවම කිරීමට උපකාරී වෙනවා.ඒ වගේම සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගි තත්වයන් ඉක්මනින් සුව කිරීමටත් ගොරකා උපකාරී වෙනවා.
 

9 .ගොරකා මඟින් හයිඩ්‍රොක්සි සයිට්‍රික් අම්ලය (HCA) කැලරි ග්ලයිකොජන් බවට පරිවර්තනය කරන අතර එය මාංශ පේශි ගොඩනැගීමට සහ තෙහෙට්ටුව සමනය කිරීමට උපකාරී වෙනවා.
 

ගොරකා භාවිතයෙන් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලැබෙන බව සැබෑය.නමුත් ගොරකා අධික ලෙස පරිභෝජනයෙන් ඔක්කාරය, හිසරදය සහ ආහාර ජීර්ණ පද්ධතියේ අපහසුතා ඇති වීමට පුළුවන්.එසේම අධික ලෙස භාවිතය අක්මාවට ආශ්‍රිත ගැටළු ඇති වීමටත් හේතුවක් වෙනවා. එසේම ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන අය ගොරකා පානය කිරීමෙන් වැළකී සිටීම යෝග්‍යයි.ඒ වගේම ඔබ ගොරකා සම්බන්ධ අතිරේකයන් භාවිතා කිරීම ආරම්භ කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වැදගත් ය.

 

#####################################################################################

කහ වල ඇති ඖෂධීය ගුණ 15 ක්

 

විද්‍යාත්මකව Curcuma Longa ලෙස හැඳින්වෙන කහ පැළෑටිය අයත් වන්නේ Zingiberaceae නම් ඉඟුරු පවුලට ය.එය ආහාර පිසීමේදී වර්ණක හා රසකාරක ලෙස භාවිතා කරන අතර එහි ඖෂධීය හා වාණිජමය භාවිතයන් ද රැසක් ඇත.එපමණක් නොව එය වසර දහස් ගණනක සිට ආයුර්වේද, යුනානි, සිද්ධා බෙහෙත් හා සාම්ප්‍රදායික චීන ඖෂධ වැනි ඖෂධ ක්‍රම වල භාවිතා කර ඇත.

එසේම විවිධ සෞඛ්‍ය ගැටලු වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන වැදගත් ඖෂධීය ගුණාංග රැසක් කහ සතුව ඇත.එපමණක් නොව කහ වල කර්කියුමිනොයිඩ් (Curcuminoid) කාණ්ඩයට අයත් ඖෂධීය රසායනික සංඝටක අඩංගු වේ.ඉන් කර්කියුමින් (Curcumin) යනු ප්‍රධානතම සංඝටකයයි. එය ප්‍රබල ප්‍රති-ප්‍රදාහ ගුණාංග සහිතය. එසෙම එය ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයකි.

 

එපමණක් නොව කහ, ඇදුම විරෝධී, පිළිකා නාශක, වෛරස් විරෝධී, බැක්ටීරියා නාශක, දිලීර විරෝධී, විෂාද නාශක, හයිපොලිපිඩිමික් කාරකයක් ලෙස ද ක්‍රියා කරයි.එබැවින් එය තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ සමනය කිරීමේ සිට සම පැහැපත් කිරීම දක්වා ප්‍රයෝජන රැසක් අපට ලබා දේ.ඉතින් කහ භාවිතයෙන් සමනය කර ගත හැකි රෝග කිහිපයක් මෙන්න.

1 .ආහාර දිරවීමේ ගැටළු සමනය කරයි: කහ වල අඩංගු කර්කුමින් විවිධ ආමාශ ආන්තත්‍රයික ආබාධ සමනය කිරීම සඳහා ප්‍රයෝජනවත් පිළියමක් ලෙස ක්‍රියා කරයි.එසේම එය ආමාශයේ වණ, අජීර්ණය, ඇසිඩ් ප්‍රවාහ වැනි ගැටලු ඇති වීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ. එය බඩවැලේ සහ ආමාශයේ දැවිල්ල අඩු කරන අතර ශරීරය විෂබීජහරණය කිරීමට උපකාරී වේ.

2 .වකුගඩු වල සෞඛ්‍ය වැඩි දියුණු කරයි: කහ, පිත්තාශයේ ගල් හා වකුගඩු වල ගල් සෑදීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ.එසේම එය වකුගඩු සෞඛ්‍යය යථා තත්වයට පත් කරන අතර මුත්‍රා ආසාදන වළක්වයි.

 

3 .ශ්වසන සෞඛ්‍යය වැඩි දියුණු කරයි: ඇදුම, බ්‍රොන්කයිටිස් සහ අඛණ්ඩ කැස්ස වැනි ශ්වසන ආබාධ වලට ප්‍රතිකාර කිරීම සඳහා කහ භාවිතා කර ඇත. එසේම දුම් පානයෙන්,පරිසර දූෂණයෙන් සහ විෂ වලින් ඔබේ පෙනහළු ආරක්ෂා කර ගැනීමට එය උපකාරී වේ.

4 .ඉදිමීම සහ වේදනාවන් සමනය කරයි: ඉදිමුම සහ වේදනාව අඩු කරන ගුණාංගයක් කහ සතුව පවතින බැවින් ඒවා මාංශ පේශි තුවාල සුව කිරීම සඳහා උපකාරී වේ.එසේම එය ස්වාභාවික වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරයි.තවද කහ වල අඩංගු කර්කුමින් අස්ථි ආරක්ෂා කරන අතර ආතරයිටිස් වේදනාව සහ සන්ධි ඉදිමීම සමනය කරයි.එපමණක් නොව එය අස්ථි බිඳීම් සහ මාංශ පේශි ආශ්‍රිත ආබාධ සුව කරයි.

5 .ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි: පිළිකා සෛල තුළ මෙටාස්ටැසිස් ඇතිවීම වළක්වන සැලකිය යුතු පිළිකා නාශක ගුණයක් කහ වල අඩංගු වේ.එපමණක් නොව කහ, ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරන අතර පශ්චාත් ශල්‍යකර්ම ඉක්මනින් සුව කිරීමට ද එය උපකාරී වේ.

 

7 .දියවැඩියාවට එරෙහිව සටන් කරයි: කහ වල අඩංගු කර්කුමින්, දියවැඩියාව ඇති වීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ.එපමණක් නොව රුධිරයේ ග්ලූකෝස් මට්ටම ස්ථාවර කිරීමට ද එයට හැකි බව අධ්‍යයනවලින් පවා තහවුරු වී ඇත.තවද දියවැඩියා රෝගීන් භාවිතා කරන ඖෂධ වල සංකූලතා සහ නරක බලපෑම් වළක්වා ගැනීමට ද එය උපකාරී වේ.

8 .තරබාරුකමට එරෙහිව සටන් කරයි: කර්කුමින් නිසා කහ ශරීරයේ ජලය රඳවා තබා ගැනීමට සහ දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ.තවද පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නංවමින් බර අඩු කර ගැනීමට එය ඔබට සහාය වේ.

9 .හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරයි: ධමනි සිහින් වීම වැනි විවිධ හෘද වාහිනී ආබාධ වැළැක්වීමට එය ඔබට උපකාරී වේ.එපමණක් නොව කොලෙස්ටරෝල් මට්ටම කළමනාකරණය කිරීමට සහ අඩු කිරීමට ද කහ ඉතා ඵලදායී ලෙස ක්‍රියා කරයි.එසේම එය රුධිර පට්ටිකා එකතු වීම වැළැක්වීම වැනි රුධිර ආබාධ සමනය කිරීම සඳහා ද උපකාරී වේ.

 

10 .ස්නායු සෞඛ්‍ය වැඩි දියුණු කරයි: කහ වල ඇති කර්කුමින් එහි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වය හේතුවෙන් මොළයේ සෛල ආරක්ෂා කරයි. එය ඇල්සයිමර් රෝගය, පාකින්සන් රෝගය සහ මතකය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.එසේම එය මානසික අවපීඩනය හා ආතතිය සමනය කිරීම සඳහා උපකාරී වන හොඳම පිළියමකි.තවද අපස්මාරය හා සම්බන්ධ වලිප්පුව පාලනය කිරීමට ද එය උපකාරී වේ.

11 .විෂ ඉවත් කිරීමට උපකාරී වේ: කර්කුමින් නිසා කහ ශරීරයේ විෂ ඉවත් කිරීමට සහ සෛල හානි අවම කිරීමට උපකාරී වේ.

12 .කාන්තාවන්ගේ ප්‍රජනක සෞඛ්‍යය වැඩි දියුණු කරයි: ආර්තවහරණය, එන්ඩොමෙට්‍රියෝසිස්, PCOS, ෆයිබ්‍රොයිඩ් සහ පූර්ව ඔසප් වීමේ සින්ඩ්‍රෝම් වැනි රෝග ලක්‍ෂණ සමනය කිරීමට කහ වලට හැකියාව ඇත.

13 .පිරිමි ප්‍රජනනය වැඩි දියුණු කරයි ;කහ වල කර්කුමින් නම් සං‍යෝගයක් අඩංගු වන අතර එය සිස්ටලික් රුධිර පීඩනය යථා තත්ත්වයට පත් කිරීමට සහ ශුක්‍රාණු සංචලනය, ටෙස්ටොස්ටෙරෝන් මට්ටම, වෘෂණ කෝෂ වල ප්‍රතිඔක්සිකාරක තත්ත්වය වැඩි දියුණු කිරීමට සහාය වේ.

14 .පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු සමනය කරයි: අසාමාන්‍ය ලෙස පුරස්ථි ග්‍රන්ථිය වර්ධනය වීම සහ පුරස්ථි ග්‍රන්ථියේ දැවිල්ල සීමා කිරීමට එය උපකාරී වේ.

 

15 .සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරයි: අව් රශ්මිය හේතුවෙන් සම පිළිස්සීම, අසාත්මිකතා, කුෂ්ඨ, කුරුලෑ සහ දද වැනි සමේ ගැටලු සුව කිරීම සඳහා කහ උපකාරී වේ.එසේම සුළු තුවාල සුව කිරීම සඳහා ද කහ භාවිතා කරනු ලබයි.එපමණක් නොව ඔබේ සම වයසට යාමේ සලකුණු සීමා කර සම පැහැපත් කිරීමට ද කහ වලට අපූරු හැකියාවක් ඇත.

ඇත්ත වශයෙන්ම මෙතරම් ඖෂධීය ගුණ රැසක් සපිරි කහ යනු ආහාර පිසීමේදී නැතිවම බැරි සංඝටකයක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය.ඒවා භාවිතයෙන් සෞඛ්‍යම වාසි රැසක් ලැබෙන බව දැන් ඔබට පැහැදිලිය.නමුත් කිසි විටෙක මෙය ඖෂධ සඳහා ආදේශකයක් ලෙස භාවිතා නොකිරීමට වගබලා ගත යුතුය.

#####################################################################################

කුරක්කන් වල ගුණ ගැන දැනුවත් වෙමු 

 

තරබාරු පුද්ගලයෙක්ට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස කුරක්කන් නම් කල හැකියි. බර අඩු කර ගැනීමට මේවා උපකාරී වෙනවා. කුරක්කන් කියන්නේ රළු ආහාරයක් නිසා ඉක්මනින්ම කුස පිරෙනවා. නැවත බඩගිනි ඇති වන්නට බොහෝ වෙලාවක් ගත වෙනවා. එයට හේතුව වන්නේ කුරක්කන් දිරවන්නේ සෙමින් නිසාය. මේ නිසා අමතර ආහාර ගැනීමේ අවශ්‍යතාවය වැළකෙනවා. ඒ වගේම කුරක්කන් වල අඩංගු වෙනවා ඇමයිනෝ අම්ල. මේ ඇමයිනෝ අම්ල නිසා ඔබේ ආහාර රුචිය අඩු වෙනවා. කුසගිනි නොදැනීමට එයත් හේතුවක් වෙනවා. 

 

දියවැඩියා රෝගීන්ටත් කුරක්කන් ඉතා සුදුසුය. නමුත් මෙහිදී කුරක්කන් එකට සීනි එකතු කිරීමෙන් වැළකිය යුතු වෙනවා. 

 

කුරක්කන් වල පිළිකා සෛල පාලනය කිරීමේ හැකියාවක් පවතිනවා. මේ නිසා කුරක්කන් ආහාරයට ගැනීමෙන් පිළිකා අවදානම අඩු කර ගත හැකියි. 

 

කිරිදෙන මව්වරුන්ට මේවා ඉතා සුදුසුය.

 

මාස 6 ඉක්ම වු ඕනෑම දරුවෙකුට කුරක්කන් ලබා දිය හැකියි. 

 

මුත්‍රාශයේ සහ වකුගඩු ආශ්‍රිත ගල් නැති කිරීමටත්, සිරුරේ තෙල් මට්ටම පාලනය කිරීමටත් කුරක්කන් උපකාරී වෙනවා.

මළ බද්ධය ඇති විටෙක කුරක්කන් කැඳ කෝප්පයක් පානය කරන්න. ඔබේ ගැටලුව ඉක්මණින් සුව වේවි. කුරක්කන් වල ඇති තන්තු මල බද්ධය සුව කිරීම කෙරෙහි බලපානවා. 

 

යකඩ සහ කැල්සියම් වලින් අනුනයි. ඔසප් වීම නැවතුනු කාන්තාවන්ට කුරක්කන් ඉතාමත් සුදුසුයි. සිරුරට අවශ්‍ය කැල්සියම් පහසුවෙන්ම ලබා ගැනීමට කුරක්කන් උපකාරී වෙනවා. 

 

රුධිරයේ අඩංගු මේදය සිරුරින් ඉවත් කරන්නට කුරක්කන් සමත් වේ. කොලොස්ටරෝල් තත්වය සුව කරන්නට කුරක්කන් උපකාරී වේ. 

 

කුරක්කන් වල ප්‍රතිඔක්සිකාරක ගුණ රැසක් අඩංගු වෙනවා. වයස්ගත වීමේදී සිරුරේ ඇති වන වයස්ගත වීමේ ලක්ෂණ ඇති වීම පාලනය කරන්නට කුරක්කන් සමත් වෙනවා.  

 

අමාශයේ ඇති රෝගී තත්වයන් ගණනාවකට කුරක්කන් ඖෂධයක් වෙනවා. බඩ පිපුම නැති කර දමයි. බඩවැල් වල ඇති විෂ සහිත දෑ සිරුරින් බැහැර කිරීමට කුරක්කන් උපකාරී වේ. අන්ත්‍ර වල ඇති විය හැකි පිළිකාමය තත්වයන් වළකාලන්නට කුරක්කන් වල ඇති තන්තු උපකාර කරයි. 

 

මාංශ පේශී වල ශක්තිමත් බව රැක දෙනවා. ඒ වගේම මාංශ පේශී ක්‍රමිකව වර්ධනය කරවනවා. 
 

 

කුරහන් වල ගුණ

 

 

දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක ආහාරයක් ලෙස සැලකෙන කුරහන් අපේ ගැමි ජීවිතය සමග සමීප සම්බන්ධතාවයක් දක්වන ධාන්‍ය විශේෂයකි. අද අපි කුරහන් පිටි වෙළදපොලෙන් මිලට ගත්තද, අතීතයේදී කුරහන් නිවසේදීම පිටි කර ගත් අතර ඒ වෙනුවෙන් කුරහන්ගලක් හැම නිවසකම එදා තිබුනි. මේ නිසා අද අපි සැක උපදවා ගන්නා අන්දමට විවිධ වර්ණ කාරක හෝ පිටි වර්ග කලවම් කරනු ඇතැයි සැකයෙන් මිදෙන්නට හැකි විය.
 

අපේ රටේ වගේම විවිධ රටවලත් කුරහන් ඖෂධීය ප්‍රතිකාර වෙනුවෙන්ද භාවිතා කරන ඇත. දකුණු අප්‍රිකානුවන් ලාදුරු රෝගය වෙනුවෙන් කුරහන් යොදා ගත් අතර ඉන්දු චීනයේදී අක්මා රෝග වෙනුවෙන් වූ ප්‍රතිකාර සදහා කුරහන් යොදා ගෙන ඇත. ඉන්දුනීසියාවේ එළවලුවක් ලෙසින්ද, ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේදී කුරහන් පිටි පපුවේ රෝග වෙනුවෙන්ද, වියට්නාම ජාතිකයන් මුත්‍රාකාරක ඔසුවක් ලෙසින් සහ සුමාත්‍රා වැසියන් පණු රෝග සඳහා කුරහන් යොදා ගෙන ඇත.
 

කුරහන් යොදා ගෙන පිලියෙල වෙන විවිධ ආහාර වර්ග ඇත. ඒ අතර අද කුරහන් කැඳ වෙනුවෙන් විශාල ඉල්ලුමක් ගොඩ නැගෙමින් පවතී. කුරහන් පිටි ස්වල්පයක් ගෙන වතුර සමග හොදින් දියකර ලුණු ස්වල්පයක් දමා ලිප තබන්න. මෙහි පිටි භාජනයේ අඩියේ නොඇල්ලෙන සේ හැදි ගාමින් පිසින්න. අවශ්‍ය නම් පොල් කිරි ස්වල්පයක් එක් කර එය පැසෙන විට බිමට ගන්න. ඔබගේ රුචිය අනුව අවශ්‍ය නම් සීනි හෝ හකුරු සමග පානය කරන්න.
 

රොටි

හාල් පිටි සමග කුරහන් පිටි මිශ්‍ර කර ගෙන පොල් සහ ලුණු දමා අනන්න. කෙසෙල් කොලයක වඩාගෙන එය රොටී කබලක දමා හොඳින් පුලුස්සා ගන්න.
 

තලප

කුරහන් පිටිවලට ජලය එක් කරගෙන ලිප තබා එය ගොරෝසු මිශ්‍රණයක් වන සේ පිසින්න. කිරි හොදි හෝ පොල්කිරි සමග මෙම තලප ආහාරයට ගත හැකියි.
 

කුරහන් පිට්ටු

කුරහන් පිටිවලට හාල් පිටිද එක් කරන්න. පොල් සහ ලුණු එකතු කරගෙන සාමාන්‍ය පිට්ටු මෙන් මල් කරමින් අනන්න. පිට්ටු බම්බුවකට දමා ඉදෙන තුරු පිසින්න. පොල් කිරි සහ ලුණු මිරිසක් සමග ආහාරයට ගන්න.
 

කුරහන් ඉදිආප්ප

හාල් පිටි සමග මිශ්‍රකර ගෙන උණුවතරෙන් අනාගත් මිශ්‍රණයෙන් සාමාන්‍ය විදිහට ඉදිආප්ප පිලියෙල කර ගත හැකියි.
 

හැලප

කුරහන් පිටි සීනි සහ පොල් එකට අවා ගෙන එයින් කුඩා කොටස් කැන්ද කොලයක තුනීවට අතුරා ගෙන කොලය දෙකට නවා වාෂ්පෙන් තම්බා ගන්න. ඔබට අවශ්‍ය නම් මුලින් පොල් සහ සීනි එක් නොකොට පැණි පොල් මිශ්‍රණය මැදට තබා ගෙන තම්බා ගැනීමටත් පුලුවන්.
 

දියවැඩියා රෝගීන්ට කුරහන් ඉතා ගුණදායක වේ. බඩගින්න අඩු කරන රළු  ආහාරයකි. යාග හෝම වැනි ශාන්ති කර්මවලදී මෙන්ම කැඩුම් බිඳුම් වෙදකම්වලදිත් කුරක්කන් පිටි යොදා ගනී. බෝඹු පොතු ලුණු වතුරෙන් ගලගා ගෙන කුරක්කන් පිටි සමග මිශ්‍ර කර ගෙන අදාල ස්ථානයන්හි ආලේප කරනු ලැබේ.

කුරහන්වල පෝෂණ සංයුතිය

පෝෂණය

ප්‍රමාණය කැලරි 328

තෙතමනය ග්‍රෑම් 13.1

ප්‍රෝටීන් ග්‍රෑම් 7.3

මේදය ග්‍රෑම් 1.3

කාබොහයිඩ්රේට් ග්‍රෑම් 72

කැල්සියම් මි.ග්‍රෑම් 344

පොස්පරස් මි.ග්‍රෑම් 283

යකඩ මි. ග්‍රෑම් 6.4

කැරොටින් මයික්‍රොග්‍රෑම් 42

තයමින් මයික්‍රො.ග්‍රෑම් 420

රිබොප්ලේවින් මයික්‍රො.ග්‍රෑම් 190

නයසින් මි.ග්‍රෑම් 1.1

#####################################################################################

පොලව පලා ගලක් දුටින්

එගල පලා රිදී දුටින්

රිදී ලිදේ දියත් දුටින්

අතීතයේදී පොල් වතුර මුල් කරගෙන තේරවිලි ගැයුනේ මේ විදිහටයි. ඒ වගේම පුංචි ලිදේ වතුර රසයි. යන තේරවිල්ලෙන් කියැවුනෙත් පොල්වතුරේ වටිනාකම ගැනයි.

ඉස්සර අම්මලා තමන්ගේ දරුවන්ට උදේ හිස්බඩම පොල්වතුර කෝප්පයකට මීපැණි බින්දු දෙක තුනක් එක් කරල පානය කරන්න දුන්නේ පණු අමාරුවට ඉතා ගුණදායකයි කියල වුනත් ඔවුන් ඒ ගැන විද්‍යාත්මකව නම් දැන ගෙන හිටියේ නැහැ. ඒ වගේම දෙවැනි ලෝක මහ යුද්ධකාලයේදී තුවාල ලත් සොල්දාදුවන්ගේ ප්‍රතිකාර කිරීම් වෙනුවෙන් පොල්වතුර යොදා ගත්තා.පොල්වතුරේ අඩංගු ඛනිජ ලවන, පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරීන්, මැග්නීසියම්, වැනි සංගටක නිසා රුධිර ප්ලාස්මාවේ අඩංගු ජල විච්ඡේදක අගයට පොල්වතුර සමාන නිසා සේලයින් වෙනුවට පොල්වතුර නික්ෂේපනය කරනු ලැබුවා. එය විජලන තත්වයට ගුණ ලබා දුන්නා.
 

ඒ වගේ ඉවුම් , පිහුම් කටයුතු වලදී පොල් වතුර වඩාත් බහුලව යොදා ගත්තා. රොටීවලට පිටි අනද්දී පොල්වතුරෙන් අනා ගත්තාම ඉක්මනින් පිපෙන බව සහ මෘදු ගතියක් ඇති වුනා. අධිශීතකරනයේ තැබීමෙන් ඉවතට ගන්නා මස් සහ මාලු ඉක්මනින් එහි ශීත ගතිය ඉවත් කර ගැනීමට පොල්වතුරෙන් සොදා ගත්තා. පොලොස් ඇඹුල් පිසින විටත් අනවශ්‍ය විදිහට කිරි එක් කිරීමට වඩා පොල්වතුර එක් කර ගත් විට ඉක්මනින් පිසෙනවා වගේම මෘදු ගතියක් ඇති වුනා.
 

අද වෙන විට ජපානය, යුරෝපය , දකුණු කොරියාව, චීනය වැනි රටවල පොල් වතුර ඉතා ජනප්‍රිය පානයක් බවට පත්ව තිබෙනවා.පොල්වතුර ඉතාම පිරිසිදු පානයක්. ගෙඩිය ඇතුලත පිහිටා තිබෙන නිසා ක්ෂුද්‍රජීවින් එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අඩු මේදය නිසා අගුනයක් නැති දියරමය පානයක් විදිහටත් ඇගයීමට පත්ව තිබෙනවා. ඒ වගේම පොල්වතුරවල කැලරි ප්‍රමාණය ඉතාම අඩුයි. මෙහි ආම්ලිකතාවය පී. එච් අගය 5- 6 ක් වැනි අගයක් අතර පවතිනවා.පැණිබීම සමග සාපේක්ෂව බලන විට පොල්වතුරේ සීනි අඩංගු නැහැ.පැණිබීම බෝතලයක අඩංගු සීනි ප්‍රමාණය ග්‍රෑම් 10-17 ක් අතර වෙද්දී පොල්වතුර මිලිලීටරයක අඩංගු වෙන්නේ සීනි ග්‍රෑම් හතරක් වැනි සුලු ප්‍රතිශතයක්. පොල් ගෙඩිය මෝරන විට මේ ප්‍රතිශතය ග්‍රෑම් 2. 5 ක් දක්වා අඩු වෙනවා.පොල්ගෙඩිය මෝරන විට එහි ප්‍රතිඔක්සිකාරකගුණය ඉහල යන බව විවිධ අධ්‍යනයන් මගින් දැන් සනාථ වී තිබෙනවා.
 

පොල්වතුරේ පෝෂණ සංයුතිය

සංඝටකය

මේරූ පොල් වතුර

ජලය ග්‍රෑම් 94

කැලරි කිලෝකැලරි 18

ප්‍රෝටීන ග්‍රෑම් 0.2

මේදය ග්‍රෑම් 0.2

පිෂ්ටය ග්‍රෑම් 3.7

සීනි මිලි ග්‍රෑම් 2.6

කැල්සියම් මිලි ග්‍රෑම් 25

යකඩ මිලි ග්‍රෑම් 0.3

මැග්නීසියම් මිලි ග්‍රෑම් 25

පොස්පරස් මිලි ග්‍රෑම් 20

පොටෑසියම් මිලි ග්‍රෑම් 250

සෝඩියම් මිලි ග්‍රෑම් 115

විටමින් සී මිලි ග්‍රෑම් 2.5
 

පොල්වතුර අධිරුධිරපීඩනයට ඉතා ගුණදායකයි. මෙහි අන්තර්ගත පොටෑසියම් ප්‍රමාණය කෙසෙල්වලටත් වඩා ඉහලයි.පොල්වතුර මිලිලීටර් සියයක පොටෑසියම් මිලිග්‍රෑම්  250 ක් පමණ අඩංගුයි. අහිතකර කොලෙස්ටරෝල් ගැන පොල්වතුරෙන් වාර්තා නොලැබෙන නිසා හිතකර කොලස්ටරෝල් මට්ටම යහපත් පරිදි පවත්වා ගත හැකියි.
 

වකුගඩු ආශ්‍රිත රෝග තත්වයන්හිදී විහේෂ ගුණ ලැබෙන බවටත් නවතම අධ්‍යනයන් මගින් හඳුනා ගෙන තිබෙනවා. පිලිපීනයේ ” චයිනිස් ” ආරෝග්‍යශාලාවේ මුත්‍රවාහිනී පද්ධතිය පිලිබඳ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය අධ්‍යක්ෂ ඉයුජිනෝ මැකලැන්විසින්  සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දන අන්දමට මු.්‍රාගල් ඉවත් කිරීමට දින නියම කරනු ලැබසිටි රෝගීන්ට පොල් වතුර ලබා දීමෙන් පසුව පෙනී ගියේ ඔවුන්ගේ මුත්‍රා ගල්වල ප්‍රමාණය බෙහෙවින් අඩුවුන බවයි.මුත්‍රා උත්තේජන ගුණය නිසාත් මුත්‍රා මාර්ගයේ ඇති වෙන ආසාදිත තත්වයන් ඉතා පහසුවෙන් වලක්වා ගත හැකියි.
 

සිරුරේ විස ගතිය පහ කිරීමට හේතු වෙන පොල්වතුර ඉන්දියාව සහ අප්‍රිකානු රටවල් විසින් ප්‍රතිකාර වෙනුවෙන් යොදා ගෙන තිබෙනවා.ඖෂධ අධි මාත්‍රාවෙන් ගත් විට ඇති වෙන විස ගතියට මෙන්ම බැරලෝහ සහ ආසනික් ශරීරගත වීම නිසා ඇති වෙන සංකුලතාවයන් අවම කරනවා.

පොල්වතුරෙන් තවත් සුබදායක ආරංචියක් ලැබෙනවා. පොල්වතුරේ අන්තර්ගත ශාඛ හෝර්මෝන මගින් වයස්ගත වීමේදී ඇති වෙන තුරු සංකුලතාවයන් වලක්වනවා. මේ නිසා වියපත් වුනත් ඔබේ වියපත් බවට එරෙහිව පැවැත්ම ආරක්ෂා වෙනවා.
 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ” දානි මෝටින් සැටින් ” මහතා පෙන්වා දෙන්නේ පොල්වතුරෙහි අන්තර්ගත සින්ක්, සෙලෙනියම් මද සරු බව වෙනුවෙන් ගුණදායකයි. එහි අන්තර්ගත අයනික ගුණය නිසා ඖෂධ ඉතා ඉක්මනින් සිරුරට අවශෝෂනය වෙනවා. ආහාර දිරවීමේ අපහසුතාවයන්ට ගුණයි. ජීරණ ආබාධ, වමනය, මලබද්ධය, තත්වයන්ට ඉතා ගුනයි.දිවේ උෂ්ණ බිබිලි ඇති වුන විට පොල් වතුර ආලේප කිරීමෙන් සහනයක් ලැබෙනවා.

රසකැවිලි පිලයෙල කරන විට කිතුල් පැනිනේ ලැබෙන රසය සහ සුවඳ ලබා ගැනීමට අපේ ගෘහනියන් දැන සිටියා. ඔවුන් දිනපතා ඉවත දමන පොල් වතුර මැටි මුට්ටියක බහා ගිනි රස්නයේ තබා හොදින් පැසවා ගන්නවා.සතියක් පමණ මෙසේ එකතු කර ගත් පොල්වතුරට සීනි එක් කරගෙන උණු කර ගත් විට කිතුල් පැනිවලින් ලැබෙන රසය හා සුවඳ නොදැනීම ලැබෙනවා.හැලප, පෑන් කේක්,ලැවරිය වැනි රසකැවිලිවල පිරවුම ලෙසින් යොදා ගන්නා පැනි පොල් පිලයෙල කරන විට සීනි පොල්වතුර යොදා උණු කර ගත් විටත් පැණිපොල්වල පැහැය සහ රසය වඩාත් ඉහලින් පවත්වා ගත හැකියි.


#####################################################################################

 

ශරීරයේ බර අඩු කරන ශක්තිය වඩවන ඖෂධීය ගුණ පිරි “කොල්ලු”

අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත් එකක් ශරීරයේ ලෙඩ රෝග වලට විසදුම් ලැබෙන ධාන්‍ය වර්ගයක් ලෙස මෙන්ම අශ්ව ශක්තිය ලබාදෙන ආහාරයක් ලෙසත් කොල්ලු ප්‍රසිද්ධයි. බටහිර රටවල මෙම ධාන්‍ය වර්ගය horse gram ලෙසින් හඳුන්වනවා. යකඩ වලින් අනුන ආහාරයක් බැවින් දරු ප්‍රසුතියෙන් පසු ඇතිවන යකඩ උනතා සඳහා මෙන්ම කාන්තාවන්ගේ ආර්තව කාලවලදීත් ආහාරයට ගත හැකි ඉතා වටිනා ආහාරයක් තමයි කොල්ලු. මෙහි තන්තු සහ ප්‍රෝටීන බහුලව තිබෙන නිසා මලබද්ධයට මෙන්ම අර්ශස් රෝග වලටත් ඉතා හිතකර ආහාරයක් වනවා වගේම රුධිරගත  සීනි පාලනයටත් වකුගඩු වල ගල් දිය කිරිමටත් කොල්ලු වලට හැකියාවක් තිබෙනවා. මෙතරම් දහසකුත් එකක් ගුණ සහිත මෙම ධාන්‍ය වර්ගය වර්තමානයේ පෙරදිග මෙන්ම බටහිර රටවලත් වඩාත් ප්‍රචලිත ආහාරයක් වී ඇත්තේ එහි ඇති මේදය දහනය කිරීමේ හැකියාව හේතුවෙනුයි. තෙල් සහ පිටි අධික ආහාර ශරීරගත වීම නිසා බොහෝ දෙනා අධික ස්ථුලතාවයට  ලක්ව ඇති කාලයක කොල්ලු යනු ශරීරයේ බර අඩු කල හැකි වටිනා ආහාරයක්. එසේනම් අද lifesmile තුලින් අප ඔබට ගෙන එන්නේ මෙම ඖෂධිය වටිනාකමින් යුතු ධාන්‍ය වර්ගය පිළියෙළ කරගත හැකි ආකාර කිහිපයක්.

කොල්ලු පානය

කොල්ලු කෝප්ප ½ ක්

හබල පෙති කෝප්ප ½ක්

සුදුරු තේ හැඳි ½ක්

කොල්ලු හොදින් සෝදා වතුර බේරෙන්නට තබා මද වෙලාවක් අව්වේ තබා වේලාගන්න. එසේ වේලාගත් කොල්ලු තාච්චියකට දමා ඇට පුපුරන තෙක් බැදගන්න. මේ ටික ලිපෙන් බාගෙන එම තාච්චියටම හබල පෙති සහ සුදුරු ටික දමා ලාවට බැදගන්න. මෙම හබල පෙති, සුදුරු, සහ කොල්ලු සියල්ල එකට දමා හොදින් කුඩු වන ලෙස ග්රයින්ඩ් කරගන්න. මෙම මිශ්‍රණය පෙනේරයකින් හලාගෙන හොදින් නිමුණු පසු බෝතලයක් උපයෝගයෙන් අසුරගන්න. කොල්ලු පානය සැදීමට අපට අවශ්‍ය වන්නේ මෙයින් තේ හැඳි 2ක්. හොදින් නටන උණුවතුර ඔබේ කෝප්පයට දමා එයට මෙම කොල්ලු මිශ්‍රණයෙන් තේ හැඳි 2ක් සමග ලුණු ස්වල්පයක් දමා වසා හොදින් තැම්බෙන්නට  ඇර ඉන්පසු පානය කරන්න

උදේ කිරි කෝප්පයත් සමඟ ඉහත සාදාගත් කොල්ලු මිශ්‍රණයෙන් තේ හැඳි 2ක් ගෙන නටන උනුවතුර කෝප්ප ½ සමඟ දමා තැම්බෙන්න හරින්න. මෙයට වෙනම සාදාගත් කිරි මිශ්‍ර කරන්න. මේ සඳහා පිටි තේ හැඳි 2ක් සීනි තේ හැන්දක් දමා උණු වතුර ස්වල්පයක් සමඟ හොදින් කළවම් කර කොල්ලු මිශ්‍රණය සමඟ මිශ්‍ර කර ලිපේ තබා හොදින් තැම්බුණු පසු පෙරා පානය කරන්න. මෙය ඔබ උදයට කිරි කෝප්පයට එක් කරන මෝල්ට් මිශ්‍රණය හා සමාන එහෙත් ඊට වඩා පෝෂ්‍යදායි පානයකි.

කොල්ලු අග්ගලා 

කොල්ලු කෝප්ප 1ක්

ගාගත් පොල් කෝප්ප 1ක්

ඕනෑම හකුරු වර්ගයකින් කෝප්ප ½ක්

ලුණු කුඩු තේ හැඳි ½ක්

කරදමුංගු ඇට 7ක් පමණ කුඩු කරගෙන

කොල්ලු හොදින් සෝදා ගරාගෙන පැය 12ක් පමණ පෙගෙන්නට තබන්න. හොදින් පෙගුන කොල්ලු කෝප්පය වැහෙන මට්ටමට ටිකක් වැඩිවන ලෙස වතුර දමා විනාඩි 15ක් පමණ හොදින් තම්බගන්න. හොදින් තැම්බි ඇතිදැයි දැනගැනීමට කොල්ලු ඇටයක් ඇගිලි අතර තබා තදකර බලන්න එවිට එය හොදින් පොඩි විය යුතුයි. කොල්ලු ඇට හොදින් පෙරාගෙන ලාවට රස්නය තිබියදීම අනෙක් කළමනා සියල්ලම සමඟ එකට බ්ලෙන්ඩරයකට දමා මිශ්‍ර කරගන්න. වංගෙඩියක් භාවිතයෙන් කොටගන්නටත් හැකියි. හකුරු සොයාගත නොහැකි නම් ඒ වෙනුවට දුඹුරු සීනි භාවිතා කල හැකියි. අවසානයේ මෙම මිශ්‍රණයෙන් කුඩා කොටස් ගෙන ගුලි කරගන්න.

කොල්ලු තෝසේ

සුදු කැකුළු හාල් කෝප්ප 3

කොල්ලු කෝප්ප 1

උළුහාල් තේ හැඳි 1ක්

ලුණු

හාල් හොදින් සෝදා උළුහාල් මිශ්‍ර කර වතුර දමා පැය 6ක් පෙගෙන්න තබන්න. මේ අයුරින්ම කොල්ලු කෝප්පයද හොදින් සෝදා පැය 6ක් පෙගෙන්න තබන්න. පැය 6කට පසු මෙම දෙක වතුර ලාවට දමා වෙන වෙනම ග්ර්යින්ඩ් කරගන්න. අවසානයේ මිශ්‍රණ දෙකම එකට එක් කර නැවත පැය 8ක් පමණ වසා පිපෙන්නට තබා තොසේ පුච්චාගන්න. තැටිය හොදින් රත් වන විට තොසේ මිශ්‍රණය දමා හැන්දෙන් රවුමට තුනී කරගැනීමෙන් ක්‍රිස්පී තොසේ සාදාගැනීමට ඔබට පුළුවන්.

කොල්ලු කැඳ

පැය 12ක් පොගවා තම්බාගත් කොල්ලු කෝප්ප ¼ක්

උකු පොල්කිරි කෝප්ප 2ක්

කිතුල් හකුරු ග්‍රෑම් 50ක්

රතු කැකුළු බත් ¼ක්

කරදමුංගු කරල් 4ක්

ලුණු

හොදින් තම්බාගත් කොල්ලු ටිකට වතුර මේස හැඳි 4ක් පමණ දමා ලිප තබා එයටම බත් සහ තලාගත් කරදමුංගු දමා හොදින් කළවම් කරන්න මෙම මිශ්‍රණයෙන් වතුර ටික බාජනයේ තිබෙද්දීම කොල්ලු සහ අනෙක් ද්‍රව්‍ය සියල්ල යම් මට්ටමකට ග්රයින්ඩ් කරගන්න. දැන් මේ මිශ්‍රණය නැවත ලිපේ ඇති වතුර සමඟ මිශ්‍ර කරන්න. එයටම හකුරු සහ පොල්කිරි දමා හොදින් කළවම් කරන්න. හොදින් නටන විට ලිපෙන් බාගන්න. රස අනුව ලුණු එක් කරගන්න.

කොල්ලු ව්‍යංජනය

තුනපහ මිශ්‍රණය සදහා

කොත්තමල්ලි ඇට තේ හැදී 2

ගම්මිරිස් ඇට තේ හැදී 1

සුදුරැ තේ හැදී 1

මහදුරු තේ හැදී 1

වියලි මිරිස් කරල් 5යි

කුරුදු කෑල්ලක්

කරදමුංගු කරල් 5ක්

පොල් මේස හැදී 3ක්

හොදින් තම්බාගත් කොල්ලු කෝප්ප ½ක්

ලොකු ළුණු ගෙඩි 1ක්

අල පොඩි ගෙඩි 1ක්

තක්කාලි ගෙඩි 1ක්

අමුමිරිස් කරල් 1ක්

සුදුළුනු බික් 3ක්

ඉගුරු අගලක පමණ කැබැල්ලක්

පළමුවෙන්ම තුනපහ සදහා දී ඇති අමුද්‍රව්‍ය වලින් පොල් ටික හැරෙන්න අනෙක් සියල්ල මිශ්‍ර කර කබලේ බැදගන්න. පොල් ටික වෙනම රන්වන් පාට වනතුරු බැදගන්න. ඊළගට මේ සියල්ල වතුර ටිකක් සමග මිශ්‍ර කර ග්රයින්ඩ් කර තලපයක් සේ සුදානම් කර තබාගන්න.
 

මීලගට හට්ටියක් ලිප තබාගෙන තෙල් මේස හැදී 3ක් පමණ දමා අබ ඇට තේ හැන්දක් දමා එය පුපුරන විට කරපිංචා තලාගත් සුදුළුනු සහ ඉගුරු අමුමිරිස් බොම්බයි ළුණු තක්කාලි සහ අල ගෙඩිය එක් කර වතුර දමා  අල යම් මට්ටමකට තැම්බෙන තුරු වසා ලිපේ තබාගන්න. මෙය ඊලගට මෙයට කහ ලුණු සහ තුනපහ මිශ්‍රණය දමා වතුර කෝප්ප ¼ක් පමණ දමා හොදින් තම්බාගත් කොල්ලු ටික එක් කර කළවම් කරගන්න. මෙය හොදින් නටන විට ලිපෙන් බාගන්න.
 

ඔබත් මේ අපූරු සහ පෝෂණ ගුණයෙන් ඉහළ කොල්ලු භාවිතයට හුරුවෙන්න.

 

ඉහත සඳහන් ආහාරක්‍රම වලට අමතරව ඔබ දන්නා තවත් වට්ටා්රු තියෙනම් අපිට එවන්න. 

ස්තූතියි !

චින්තක වනිගසූරිය

හෙළජන ආහාර නිෂ්පාදන

bottom of page