top of page

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 මහනුවර, ශ්‍රී ලංකාව - දකුණු ආසියාව

www.sriahasa.com/slj

srilankajanabalaya.slj@gmail.com

දියුණු, යහපත්, සාධාරණ, නිවැරදි, විනයගරුක, බුද්ධිමත්, ජයග්‍රාහී පොදු ජනබල වත් ජනසමාජීය දේශයක්

2021/11/14

 

වැසි ජල කළමණාකරණය සදහා කඩිනම් විසදුම්

 

අධික වැසි හේතුවෙන් ගංවතුර නායයෑම් හා වෙනත් අපදා හේතුවෙන් අවතැන්ව හා පීඩාවට පත්ව ඇති ජනතාවට කඩිනම් සහන ලබා දීම සිදු විය යුතුය.

 

“ශ්‍රී ලංකා ජනබල පෙරමුණ” වැසි ජල කළමණාකරණය සදහා කඩිනම් විසදුම්.

ගංවතුර ගැලීම් සදහා විසදුම්.

 

01 වැසි ජලය එක් රැස්ව ජල ගැලීම් ඇති වන ප්‍රදේශ හදුනා ගැනීම.

 

02 ස්භාවික ජල බැස්ම අවහිර වන හේතු සොයා එම අවහිරතා ඉවත් කිරීම.

 

03 නල පද්ධති මගින් එක්රැස් වන ජලය ගංගා ගලායෑම් පහසු ස්ථානවෙත පොම්ප කර ප්‍රවානය කිරීම.

 

04 ජලාශ හා ගංගා ආශිතව අධි අවදානම් ප්‍රදේශ හදුනාගෙන අවදානම ලිහිල් කිරීමේ නල පද්ධතිගංගා හරහා පහසුවෙන් අවම අවදානමක් යටතේ  සාගරය වෙත ගලා යාමට සැලැස්වීම.‍

 

නායයෑම් සදහා විසදුම්

 

01 ජනාවාස කඳූකර ප්‍රදේශ සඳහා මතුපිට එක්රැස්වන වැසි ජලය මතුපිටින් ගලා යෑම සදහා විධිමත් කළමණාකරණ කාණු පද්ධති සකස් කර ගලායාම පහසු කිරීම.

 

02 ජනාවාස කඳූකර ප්‍රදේශ සඳහා පස අභ්‍යන්තර එකතු වන උල්පත් අවහිරතා ඉවත් කර ගලා යාම පහසු කිරීම.

 

03 ජනාවාස කඳූකර ප්‍රදේශ නායයෑම් අධි අවදානම් ප්‍රදේශ හදුනාගෙන එම එම ප්‍රදේශ ජනතාව සදහා වෙනත් ආරක්ෂිත ප්‍රදේශ වන සුවපහසු නිවාස සහිතව නැවත පදිංචිය කඩිනමින් සිදු කිරීම.

 

04 ජනාවාස කඳූකර ප්‍රදේශ සඳහා  විද්‍යානු කූල ප්‍රමිතියකින් තොර ඉදිකිරීම් ඉවත් කිරීම. 

 

05 ජනාවාස කඳූකර ප්‍රදේශ සඳහා විදිමත් අනුමැතියකින් පමණක් නව ඉදිකීරීම් සදහා අවසර ලබා දීම.

 

විධිමත් අධ්‍යනයක් මගින්  මෙම විසදුම් කඩිනමින් ක්‍රීයාත්මක කිරීම ශ්‍රී ලංකා ජනබල පෙරමුණ අපේක්ෂාව වේ.

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චිනතක වනිගසූරිය

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

සියළුම ජනතාව එක්සත්ව විසිරී පවතින දේශපාලන බුද්ධි මතවාදයන් හා ක්‍රමවේදයන් එක් කරමින් ප්‍රබල බුද්ධි මතවාදී ජනසමාජීය දේශයක් දැයට දායාද කිරීම

 

343px-Flag-map-of-sri-lanka1 - Copy.png
SLJ SRI LANKA LOGO PRINT (1).png
bottom of page