top of page

ජාතික අපේක්ෂාවන්

01, සියළු ජනතාවට සුවපහසු නිවාස, සුපිරිසිදු ආහාර, සුපිරිසිදු ජලය, සුපිරිසිදු වායුව පූර්ණ නිදහස සහිතව සුව පහසුවෙන් සාමයෙන් තෘප්තිමත්ව ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සදහා අවශ්‍ය දේශපාලන සේවය ඉතා නිවැරදිව ලබා දීම;

 

02, ශ්‍රි ලංකාව සෑම අතින්ම ස්වයන්පෝෂිත දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියළුම රාජ්‍යය/පුද්ගලික අංශයන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් යටතේ දීර්ඝ කාලීන සැලසුම් සහගතව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුළින් හැකි උපරිම ස්වයන්පෝෂිත දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

 

03, දේශිය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් යටතේ දීර්ඝ කාලීන සැලසුම් සහගතව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුළින් දේශිය ගොවි කෘෂි නිෂ්පාදන වලට දේශිය විදේශීය වෙළෙඳ පොළ පුළුල් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

 

04, සියළුම ජාතික ආගමික සමගිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

 

05, වර්ථමානයට අනාගතයට ගැලපෙන නව රාජ්‍යය පාලන ව්‍යවස්ථාවක් නිර්මාණය කර ජනතා සම්මතයක් තුළින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාව ඉතා නිවැරදිව ලබා දීම;

 

06, සියළු පාසල් ළමුන් හා ජනතාව සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබා දීම තුළින් බුද්ධිමත් ශ්‍රි ලාංකික ජනතාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

 

07, රාජ්‍යය පුද්ගලික දේශිය කර්මාන්ත ව්‍යාපාර නගා සිටුවා අනර්ඝ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය තුළින් එම නිෂ්පාදන සඳහා දේශීය විදේශීය වෙළෙඳ පොළ පුළුල් කරමින් ව්‍යාපාර කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත සංවර්ධනය තුළින් ජාතික ආර්ථිකය සවි ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම.

අධ්‍යාපන අපේක්ෂාවන්

  • දැයේ අනාගත ණැන පහන් දැල්වීමේ සමාරම්භක මල් කැකුළු, අවිහිංසන විධිමත් උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීම.

  • සෑම දුවා දරුවෙකු සදහාම විධිමත්  උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධනය තුළින් උසස් අධ්‍යාපනයට යොමු කිරීම.

  •  ප්‍රාථමික අධ්‍යාපනය පුද්ගලීකරණයට නැවතුම සදහා අවශ්‍ය ප්‍රාථමික අධ්‍යාපන සැලසුම් මගින් නිදහස් නිවහල් අධ්‍යාපනයෙන් සුපිස්පිත ණැන පහන් දැල්වීමේ සේවා ඉතා නිවැරදිව ලබා දීම.

  •  සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහාම උසස් ප්‍රමිතියකින් යුතු උසස් අධ්‍යාපන සංවර්ධනය තුළින් ප්‍රමිතියානුකූල උසස් පුරවැසියන් දැයට දායද කිරීම.

  • උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් උසස් අධ්‍යාපනය සංවර්ධනය තුළින් දැයේ අනාගත ශක්තිය සවි ශක්තිමත් කිරීම සඳහා උසස් ප්‍රමිතියකින් යුතු උසස් අධ්‍යාපන ණැන පහන් දැල්වීම.

  • උසස් ප්‍රමිතියකින් යුතු උසස් අධ්‍යාපන පාසල් තුළින් උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් පුරවැසි ප්‍රජාව බහි කිරීම සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.

  • ප්‍රායෝගික බුද්ධිගෝචර ණැනවත් පුරවැසියන් තුළින් රාජ්‍යය, පුද්ගලික, පරිපාලන, ආර්ථික, නිෂ්පාදන, සමාජ ප්‍රගමනයට අවශ්‍ය වෘත්තීය, ව්‍යාපාරික බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය.

  • විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිසංස්කරණ කරමින් පුද්ගලික ව්‍යජාත්ව අධ්‍යාපනය නිමා කරමින් පිරිපුන් උසස් ප්‍රමිතියකින් යුතු උගතුන් බුද්ධිමතුන් දැයට දායාද කිරීම.

  • නිදහස් නිවහල් ශ්‍රී ලාංකික ජාතියක් සදහා බුද්ධීමය ශ්‍රම ශක්තිය තුළින් විශිෂ්ට විශ්වාසනීය වර්ථමානක්, අනාගතයක් නිර්මාණය සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.

  • විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිසංස්කරණ කරමින් පුද්ගලික ව්‍යජාත්ව අධ්‍යාපනය නිමා කරමින් පිරිපුන් උසස් ප්‍රමිතියකින් යුතු උගතුන් බුද්ධිමතුන් දැයට දායාද කිරීම.

  • සෞන්දර්යාත්මක පුරවැසියන් තුළින් සොබාදහම, මනුස්සකම, ආදරය, ප්‍රේමය, සෙනෙහස ප්‍රායෝගික ජන සමාජ තුරුප්තිමත්, ගුණාත්මක ජන සමාජයක් සඳහා බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය.
     

  • සෞන්දර්යය අධ්‍යයාපනය සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහාම ලබා දීම.

  • සාහිත්‍යය සුපෝෂිත කිරීම සඳහා බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.

  • අංගසම්පූර්ණ පන්ති කාමර, ජල, විදුලි, සන්නිවේදන, ක්‍රිඩා භූමි, පිහිනුම් තටාක ආදී සියලු පහසුකම් සහිත පාසැල් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.

  •  යම් ශිෂ්‍ය පාර්ශවයක් හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් තවත් ශිෂ්‍ය පාර්ශවයක් හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා නවක වදය ලබා දීම හිංසාවලට ලක් කිරීම එම වගකිවයුතු ශිෂ්‍ය පාර්ශවය හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ශිෂ්‍ය‍ය භාවය අහෝසි කිරීම හා සියළු විභාග ප්රතිඵල ශූන්‍යය කිරීම හා ජාතික හැඳුනුම්පත කළු වර්ණය යොදා නිකුත් කිරීම හා වරදේ බරපතළකම අනුව අධිකරණයක් විසින් නියම කරනු ලබන දඩුවමක් යන සියල්ලට යටත්  කිරීමට සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.

  • බෞද්ධ දර්ශනය තුළින් ප්‍රායෝගික වර්ථමාන ජන සමාජය තුළ යහපත් සාධාරණ ගුණාත්මක ජන සමාජයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය. 

  • නිවැරදි බෞද්ධ දර්ශනය ශිෂ්‍ය භික්ෂූ භික්ෂුණින් ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ලබා දීම සඳහා බෞද්ධ අධ්‍යාපනය ක්‍රමවත් හා විධිමත් ලෙස පවත්වාගෙන යාම.

  • බෞද්ධ දර්ශනය තුළින් සමාජ ප්‍රතිසංස්කරණ ප්‍රගමනයට අවශ්‍ය බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.

අධ්‍යාපන අපේක්ෂාවන්

සංවර්ධණ අපේක්ෂාවන්

සංවර්ධනය

 

01 සමාජ සංවර්ධනය ජාතික

 

අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම, පව්ල් ඒකක සදහා සමාජ හානිදායක සියළු මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාපාර විනාශ කිරීම.

 

ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම  වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.

 

02 සංස්කෘතික සංවර්ධනය  ජාතික

 

අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම, පව්ල් ඒකක සදහා විශේෂ සංස්කෘතික වැඩසටහන් මගින් දීර්ඝකාලීන සංස්කෘතික සංවර්ධනය ඔප නැංවීම.

 

ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම  වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.

 

03 ආද්ධියාත්මික සංවර්ධනය ජාතික

 

අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය ග්‍රාමීය ග්‍රාම පව්ල් ඒකක සදහා  ආද්ධියාත්මික සංවර්ධනය සදහා සියළු පාසල් හා බෞද්ධ විහාරස්ථාන, කතෝලික දේවස්ථාන, හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි හා වෙනත් ආගමික සංවිධාන එක්ව විශේෂ ආගමික වැඩසටහන් මගින් ජානතා ආද්ධියාත්මික සංවර්ධනය තුලින් යහපත් සමාජ ප්‍රතිශෝධනයක් ඇති කිරීම

 

ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම  වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.

 

04 ආර්ථික සංවර්ධනය ජාතික

 

අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම පව්ල් ඒකක සදහා සෑම පුරවැසියකු සදහම මූල්‍ය ස්ථාවරත්තයක් ඇති කිරීම සදහා ප්‍රගති ආර්ථීක සංවර්ධනය ක්‍රියාත්මක කිරීම.

 

ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම  වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.

 

05 පාරිසරික සංවර්ධනය ජාතික

 

අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය ග්‍රාම පව්ල් ඒකක සදහා ස්භාවික පරිසර පද්ධති සුරක්ෂිත කර භෞතික සංවර්ධනය ක්‍රියාත්මක කිරීම හා නව රුක් රෝපණ වැඩසටහන් හා ජල, වායු, ශිලා ගෝලයන් සදහා හිතකර මානව ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම.

 

ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම  වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.

තෙරුවන් සරණයි..!

සංවර්ධණ අපේක්ෂාවන්

පාරිසරික අපේක්ෂාවන්

  • ස්වභාවික පරිසර පද්ධති විනාශ වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම.

  • සියළු වනජීවීන් සංරක්ෂණය සදහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම හා සත්ව හිංසනය ගායනය වලක්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම. 

  • ප්‍රදේශ අවශ්‍යතා අනුව අංග සම්පූර්ණ වනජීවී  සත්ව රෝහල් ඉදිකර සත්ව ප්‍රජාව සදහා සෞඛ්‍ය සේවා කටයුතු පිළිබඳ සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම.

  • සියළු  වනජීවීන් හිංසනයට හා ගාතනයට ලක් නොවන ලෙස විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම.

  • වන ජීවී ආහාර අවශ්‍යතා හා ජල අවශ්‍යතා සඳහා විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර පවත්වාගෙන යාම.

  • සියළු රක්ෂිත තුළ සිදුවන නීති විරෝධී ක්‍රියා හා අක්‍රමිකතා වලක්වා රක්ෂිත සංරක්ෂණය, කිසිදු ආකාරයකින් රක්ෂිත විනාශ වීම වැළැක්වීම සඳහා ක්‍රමවත් හා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර පවත්වාගෙන යාම.

  • යම් යම් මානව ක්‍රියාකාරකම් මගින් ස්වභාවික ජල පද්ධති අපවිත්‍ර වීම වලක්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස.

  • වෙරළ ඛාදනය වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම.

  • කොරල්පර කඩොලාන ආදී වෙරළ ස්වභාවික සම්පත් සංරක්ෂණයට අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම.

  • ගංගා මගින් මුහුදු ජලයට අපද්‍රව්‍ය එකතු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පවත්වාගෙන යාම.

  • මුහුදු ජලයට වෙනත් ආකාරයෙන් අපද්‍රව්‍ය එකතු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පවත්වාගෙන යාම.

  • සාගර ජීවින්ගේ පැවැත්මට හානි සිදු නොවන ලෙස සාගරය මානව අවශ්‍යතා සඳහා භාවිතා කිරීම.

  •  

  • දැඩි සීමාසහිතව හා විධිමත් ලෙස කරදිය ධීවර කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා බලපත්ර නිකුත් කිරීම.

  •  

  • සාගර සංචාරක කලාප ආරම්භ කර විධිමත් ලෙස පවත්වාගෙන යාම.

  • යම් යම් මානව ක්‍රියාකාරකම් තුළින් වායු ගෝලයට අපිරිසිදු හා අහිතකර වායු එකතු වීම වැළැක්වීම සඳහා විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.

“ ශ්‍රී ලංකා ජාතික වායු ගෝලය සංරක්ෂණ ආඥා පනත”

 
(අ), වායු ගෝලය දූෂණය විය හැකි මානව ක්‍රියාකාරකම් අවම වන ආකාරයට කටයුතු සිදු විය යුතුය;
 
(01), ඕනෑම ව්‍යපාරික ස්ථානයක, කර්මාන්ත ශාලාවක, වැඩ බිමක, නිවසක වායු ගෝලය අපිරිසිදු විය හැකි දහනයක් සිදු නොවිය යුතුය;
 
(02), වගා කටයුතු සිදු කිරීම සඳහා යම් දහනයක් සිදු කළ හැකි වන්නේ  අදාළ දහනය සදහා ග්‍රාම නිළධාරි අවසර පත්‍රයක් ලබා ගැනීමෙන් පසු සිදු විය යුතුය;
 
(03), යම් යම් කර්මාන්ත ශාලා මගින් නිකුත් කරනු ලබන අපිරිසිදු වායු වායු පිරිපහදු පද්ධතියක් මගින් පිරිසිදු කිරීමෙන් පසු වායු ගෝලයට නිකුත් කිරිම සිදු විය යුතුය;
 
(04), ඕනෑම නිවසක ආහාර පිස ගැනීමක් සදහා හැර වෙනත් දහනයක් සිදු කර වායු ගෝලයට අපිරිසිදු වායුව නිකුත් වන ආකාරයට කටයුතු සිදු නොවිය යුතුය;
 
(05), ටයර්, පොලිතීන්, ප්ලාස්ටික් හා වෙනත් අබලි ද්‍රව්‍ය දහනය කරීම සිදු නොවිය යුතුය. 
 
(ආ), සියළුම  රජයේ හා පුද්ගලික මෝටර් වාහන සදහා දුම් පරීක්ෂාව මාස හයකට වරක් සිදු විය යුතුය; 
 
(01), ඕනෑම යත්‍රයක්,  මෝටර් වාහනයක් වේද අධික කළු දුම සහිතව ක්‍රියා කර වීම සිදු නොවිය යුතුය;
 
(02), ඉන්ධන භාවිත වාහන භාවිතාව අවම වන ආකාරයට කටයුතු සිදු විිය යුතුය.
 
(ඇ), මෙම ආඥා  පනතේ (අ), (01), (02), (03), (05) සදහන් සියළු විධිවිධාන කඩ කරනු ලබන යම් පුද්ගලයකු වේද, යම් පාර්ශවයක් වේද එම එම අයවළුන් සදහා නඩු පවරා බර පතල වැඩ සහිත වසර පහක සිට වසර දොලහක් දක්වා සිර දඩුවම් ලාබා දීම සදහ මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(01),  මෙම ආඥා  පනතේ (අ), (04) සදහන් සියළු විධිවිධාන කඩ කරනු ලබන යම් පුද්ගලයකු වේද, යම් පාර්ශවයක් වේද එම එම අයවළුන් සදහා නඩු පවරා වසර දෙකක සිට වසර පහක් දක්වා සිර දඩුවම් ලාබා දීම සදහ මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(02),  මෙම ආඥා  පනතේ (ආ), (01) සදහන් සියළු විධිවිධාන කඩ කරනු ලබන යම් පුද්ගලයකු වේද, යම් පාර්ශවයක් වේද එම එම අයවළුන් සදහා නඩු පවරා වසර එකක සිට වසර හතරක් දක්වා සිර දඩුවම් ලාබා දීම සදහ මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ.
 
(ඈ), මෙම පනතේ සදහන් සියළු විධිවධාන වෙනත් කිසිදු පනතක විධිවධාන වලට යටත් නොවිය යුතුය.
පාරිසරික අපේක්ෂාවන්
bottom of page