top of page
විශේෂ නිවේදන

ඔබ අධ්‍යාපනය ලබා ගැනීම සිදු කළ යුතු වන්නේ විභාග සමත් වීම සදහා පමණක් නොව, විභාගය යනු ඔබගේ දැනුම උරගා බලන මිනුම් දණ්ඩක් පමණි.

ඔබ ඉහල සාමාර්ථ, උපාධි ගණනාවක් තිබු පමණින් ඔබ උගතෙකු බුද්ධිමතෙකු නොවන්නේය,  ඔබ තුළ ඇති මනුෂ්‍යකම, සාරධර්ම, ගුණධර්ම, ස්වභාව ධර්මයට අනුකූලව ධාර්මික ජීවිතයක් ගත කරමින් සමාජයට ආදර්ශමත් අයකු  නම්, යහපත් ගුණධර්ම දියුණු උසස් මනසක් සහිත මනුෂ්‍යත්වය පිරුණු සාරධර්ම ගුණධර්ම දියුණු අයකු  නම්,  ඔබ වටිනා උගතෙකි බුද්ධිමතෙකි.

"චින්තක වනිගසූරිය" 

සෑම විටම පෑනක් හා සටහන් පොතක් ගෙන එම එම විෂයයන්ට අදාළ සටහන් පොතේ වැදගත් කරුණු සටහන් කර ගන්න.

නිතර නිතර අධ්‍යාපන පටිගත වැඩසටහන් දර්ශන නරබා ඔබේ දැනුම වර්ධනය කර ගන්න.

ඔබ පරිගණකය භාවිතා කරන අයකු නම් ඔබේ ඇස් ආරක්ෂා කරන (EYE SAVER) වැනි (software) මෘදුකාංගයක් ඔබේ පරිගණකයට බාගත කර භාවිතා කරන්න.

ඔබ ජංගම දුරකථනක් භාවිතා කරන්නේ නම් ඔබේ දුරකතනයට අදාල වන ඇස් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති යෙදුමක් භාවිතා කරන්න.

bottom of page